ඔන්න සුදෝ කාලේ අකාලේ සැමරුම් ආතල් Trending රැල්ල.
Love එක අවුරුද්දේ Anniversary.
Marry කරලා අවුරුද්දයි Anniversary.
මෙකී මෙකී නොකී හැම මඟුලටම Anniversary.
ඒ නිසා අද අපේ Y Trend එකත් Anniversary. හැමෝටම ආසිරි. එහෙනම් ගලපමු Story ය. එන්න බලන Anniversary වල අසිරි සිරි.
සිරි කෑල්ල වැඩිවුණාද මන්දා අප්පට සිරි. මචෝ මේ සීන් එක මාර රැල්ලක් දැන්. සංවත්සර සැමරීම කියන්නේ අලුත් දෙයක් නොවෙයි. ඒත් ඒක දැන් Fashion එකක් වෙලා.
ඔන්න හීන් එකෙක් හීන් එකියක් එක්ක ලවක් පටන් ගත්තා කියමුකෝ. අවුරුද්දක් ගියා Anniversary එක එනවා. ඒ කියන්න ඔය I Love U කියපු දවස. ඉතින් ඕක සමරන්න එපැයි. එක එක සීන් Anniversary Card එකක් හදනවා. නැත්නම් Girlගේ ෆොටෝ එක දාලා ඒකට Boyගේ ෆොටෝ එකක් බට් කොරලා Photoshop වලින් සීන් කෝන් එකක් කරලා ඒක හදනවා ඔන්න ඒ දවසට. ඒ විතරක් මදී චොකෝ එවාත් දෙන්න ඕනා පුතී. මේවා සිඟිති මට්ටමේ වෙන දේවල්. තව ඉතින් එක එක Gift දෙනවා.
ටික ටික young couple එකක් නම් වැඩේ සංකීර්ණයි. සමහරු දානවා හීනියට පාටියක්. ලාවට උදව් උපකාර කරන එයා මෙයා එක්ක. නැත්නම් Special යනවා කොහේ හරි. ලොකු Restaurant එකට වගේ. සමහරු කේක් එකක් හෙමත් හදවනවා. තඩී ටෙඩියෙක් දෙන එක මේ දවස්වල Trend එකක්. Anniversary එකට car එකක් අරන් දීපු අයත් අපේ සිරිලකේ ඉන්නවා මා පුතීලා දන්නවාද දන්නේ නෑ. මේ අසිරි සිරියෙන් වැඩිපුර තට්ටු වෙන්නේ කොල්ලාගේ පොකට් එකට.
ඊළඟට Marry කළාම ගන්නවා Wedding Anniversary. ඒකත් පට්ට Trend එකක් තමා ඔන්න. ලොකුවට පාටියක් නැතත් පොඩි තෑග්ගක් හරි ගෙනැත් දෙන්න ඕනා සීන් එකක් තමා මේක. හැබැයි අවුරුදු පහ දහය විස්ස විසිපහ වගේ අද කාලේ සැරට සමරනවා. සමහරු ආයේ වෙඩිමක් ගන්නවා. නාකී කෝලම් කොලොප්පම් ඔක්කොම එක තැන. අප්පට සිරි බලන්න එපැයි ඒකේ ලකේ. ලොකු ලොකු පොෂ් සීන් එකේ ඉන්න Family වල තමා මේ සීන් තියෙන්නේ. එදා වේල හම්බකරන් කන රිම් එකේ දුවන Family වල මොන Anniversary ද බං. ඒ මිනිසුන්ට දින සමරනවා තියා කැලැන්ඩරේ බලන්නවත් වෙලා නෑ.
මේ Anniversary සීන් එක Most භයංකාර අවස්ථාවක් තමා අමතක වීම කියන්නේ. ආදරේ කරන්න පටන් ගත්ත දවස මතක නෑ කියන්නේ ප්‍රේමාත්ද්‍රෝහී ක්‍රියාවක්. ඒක දේශද්‍රෝහී වීමට වඩා බරපතල ක්‍රියාවක්. පට්ට නඩුවක්. ඒ වගේ අවස්ථාවලදී එරවිලි ගෙරවිලි පිප්පිලි ආදී වූ සකලවිධ අඩන්තේට්ටම්වලට ලක්වෙන්න වගේම කන පිරෙන්න අහගන්නත් අමතක කරපු පාර්ශවයට සිද්ධවෙනවා. සමහර විට love එක break වෙන්නත් පුළුවන්.
Marry කරාම පස්සේ නම් සීන් එක අමතක වීම බොහොම සාමාන්‍ය තත්ත්වයක් පිරිමි පාර්ශ්වයට. ඒ නිසා කාන්තා පාර්ශ්වයෙන් Surprise කරනවා තමන්ගේ හබීව Wedding Anniversary එක දවසේ. ඕකේ අනික් පැත්තත් වෙනවා ඉඳලා හිටලා. මේ වගේ සීන්වලට දරුවෝ ලොකුනම් එයාලව, යාළුවොන්ව නෑදෑයන්ව එකතු කර ගන්නවා. කොහොම වුණත් Anniversary, Surprise දෙක එකිනෙකට බැඳිලා තමා දැන් තියෙන්නේ.
තව කාරණයක් තමා Anniversary සීන් එකට සාදර සමාදර මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ Social Media. සමහරු Party, Gift එකේ ෆොටෝ දානවා. තව අය Anniversary එක ළංවෙද්දී ඕනා තෑග්ග ඉඟි කරනවා. ඉස්සෙල්ලා කිව්වා වගේ සීන් එක අමතක වුණොත් ප්‍රසිද්ධ දෝෂ දර්ශනයට පත්කිරීම වෙනුවෙනුත් Facebook වගේ ඒවා භාවිත කරනවා. Surprise Video කියන්නේත් මේ කාලේ ප්‍රසිද්ධ සීන් එකක් මේ. ඒකත් අපේ සීන් එකට අදාළයි.
ඇයි මේ Anniversary කියන Trend එක මෙච්චර Hit වුණේ. ඒකට හේතු කිහිපයක්ම තියනවා. අංහිසක සතුටක් ඒ ඇතුළේ තියෙනවා. අමතක නෑ කියන එක වගේ ආදරය ඔප්පු කිරීමක් මේක ඇතුළේ වෙනවා. අනික් අතට සමාජ තත්ත්වය එක්ක අද Anniversary කියන සංකල්පය බැඳිලා තියෙනවා. Fashion එකක් හැමෝම Follow කරන නිසා රැල්ල නිර්මාණය වීම සාමාන්‍යයයි. මේ තැනදීත් වෙලා තියෙන්නේ ඒකම තමා බ්‍රෝ.
හැබැයි Anniversary එක අර්ථවත් විදිහට ගන්න අය ඉන්නවා. ඒ අය වැඩිහිටි නිවාසයක ළමා නිවාසයක ගිහින් කාටහරි උදව් කරලා සතුටු වෙනවා. තමන් සතුටු වෙන ගමන් අනෙක් අයවත් අවංකවම සතුටු කරනවා. ඒවා නම් හොඳ වැඩ සහෝ. කොහොම වුණත් කරන දෙයල් අර්ථවත්ව කරන එක තමා වටින්නේ. ඔය ගොඩක් බොරු සීන්, ගොන් සීන්වලින් තමන්ටත් ලෝකෙටත් වැඩක් නෑ. ඕනෑම අසිරි සිරියක මැද ඔය ඔළුගෙඩි ඇතුළේ තියෙන මොළයත් ටික් සුසර කරගන්න ඒක තමා වැදගත්ම. ඕන්න අපි ගියා.... හැමෝටම දිගා සිරි.
► Text - Nisal / Pic – Internet