නිකිල් ඛෝදා කියන්නේ ඉන්දියාවේ ක‍්‍රිකට් ටීම් එකේ නායකයා. ඔහු සහ ඉන්දියාවේ ක‍්‍රිකට් කණ්ඩායම ගැන වැඩසටහනක් කරන්න ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකක වැඩ කරන සූරූපී තරුණියක් වන සෝයා සෝලන්කීට ක‍්‍රිකට් ටීම් එකත් එක්ක දින කිහිපයක් එකට වැඩ කරන්න සිද්ධ වෙනවා. මේ කියන සෝයා ඉන්දියාවේ රාජ්පුත්වල කෙල්ලක්. වැඩේ කියන්නේ මෙයා ඉන්දියාවේ ක‍්‍රිකට් ටීම් එකත් එක්ක ඉද්දි ගහන ගහන මැච් එකෙන් ජයගන්නේ ඉන්දියාවේ ක‍්‍රිකට් ටීම් එක කියලා අහම්බෙන් දැනගන්න ලැබෙනවා. ඒකට හේතුව හොයාගෙන යද්දී සෝයා ඉපදිලා තියෙන්නේ ඉන්දියාව වර්ල්ඩ් කප් එකක් දින්න දවසක කියලා හැමෝම දැනගන්නවා. 2011 ඉන්දියාව වර්ල්ඩ් කප් මැච් ගහන්නේ ඇයවත් ටීම් එක එක්ක තියාගෙනයි. වැඩේ කියන්නේ වාර්තා වැඩසටහනක් කරන්න ආව සෝයා නවතින්නේ ඉන්දියානු ක‍්‍රිකට් කණ්ඩායමේ නායක නිකිල් ඛෝදේ එක්ක ආදර සම්බන්ධතාවයකුත් පටන් අරගෙන.
කතාව ලස්සනයි නේද? ඒත් මේ කතාවේ ඉතුරු ටික දැනගන්න සහ කතාව නරඹන්න හින්දි සිනමාලෝලී රසික ඔබට වැඩි දවසක් බලාගෙන ඉන්න වෙන්නේ නැහැ. මොකද කියන්නේ ද සෝයා ෆැක්ටර් කියන මේ අලුත්ම හින්දි සිනමාපටය තිරගත වෙන්නේ 2019 සැප්තැම්බර් 20 වැනිදා. මේ ද සෝයා ෆැක්ටර් කියන හින්දී සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අභිෂේක් වර්මා වන අතර ෆොක්ස් ස්ටාර් ස්ටුඩියෝ කියන් ආයතනය විසින් තමයි එය නිෂ්පාදනය කරලා තියෙන්නේ. අනූජා චවුහාන් සහ ප‍්‍රධුමාන් සිං විසින් දෙබස් ලියලා තියෙන මේ සිනමාපටයේ තිර රචනය කරලා තියෙන්නේ නේහා රාකේශ් ශර්මා විසින් වන අතර මේ සිනමාපටය තනා තියෙන්නේ ද සෝයා ෆැක්ටර් කියන නවකතාව ආශ‍්‍රය කරගෙනයි.
මේ සිනමාපටයේ පසුතලය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ විශාල් චන්ද්‍රසේකර්. දැන් ඔබට කියන්න හදන්නේ ඉන්දියාවේ ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා විදියට ඒ සෝයා ආදරය කරන නිකිල් ඛෝදාගේ චරිතයට පණ පොවන්නේ කවුද කියන එකයි.
1986 ජූලි 28 වැනිදා ඉන්දියාවේ කේරලාවල කෝචිවලදි ඉපැදුණු මේ කඩවසම් තරුණයා 2012 වසරේ පටන් නළුවෙක්, පසුතල ගායකයෙක් වගේම ව්‍යාපාරිකයෙක් ද වෙනවා. 2011 වසරේදී අමාල් සුෆියා එක්ක විවාහ වෙලා ඉන්න ඔහු එක් දරු පියෙක් ද වන අතර මෙන්න මේ සිනමාපටයන්හි චරිතයන්ට පණ පොවා තිබෙනවා.
Ustad Hotel (2012), ABCD: American-Born Confused Desi (2013), Neelakasham Pachakadal Chuvanna Bhoomi (2013), Vaayai Moodi Pesavum (2014), Bangalore Days (2014), O Kadhal Kanmani, (2015) Karwaan.
ඉහත කිව්ව කේරල සහ දමිළ සිනමාපට රාශියක රංගනයෙන් හැඩ කළ ඔහුම තමයි කැරවෑන් හින්දි සිනමාපටයේ ප‍්‍රධාන චරිතයටත් පණ දුන්නේ. ඔහු නමින් දුල්කර් සල්මාන්. ඔහු තමයි මේ සිනමාපටයේ ප‍්‍රධාන චරිතය වන ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයාගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ සෝයා ගැනයි. සෝයාගේ චරිතයට පණ පොවන ඒ සුන්දර කෙල්ල තමයි මෙන්න මේ සිනමාපටවලින් ඔබ දැකලා තියෙන්නෙත්.
Saawariya (2007), I Hate Luv Storys (2010), Raanjhanaa (2013), Khoobsurat (2014), Dolly Ki Doli (2015), Prem Ratan Dhan Payo (2015), Sanju (2018), Neerja (2016), Veere Di Wedding (2018), 2009 Delhi-6, 2010 Aisha, 2011 Thank You Sanjana Malhotra, 2011 Mausam,2012Players,2013Bombay Talkies,2013Bhaag Milkha Bhaag,2014Bewakoofiyaan,2018 Pad Man,2019Ek Ladki Ko Dekha Toh Aisa Laga,
1985 ජුනි 09 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ බෙම්බේ නගරේදී උපත ලද ඇය 2007 වසරේ පටන් හින්දි සිනමාව හා සම්බන්ධව ඉන්නවා. ඇය වෙනින් කවුරැවත් නෙවෙයි අනිල් කපූර්ගේ දියණිය සෝනම් කපූර්. ඒත් 2018 දී ආනන්ද් අහුජා එක්ක සිදු වූ විවාහයත් එක්ක ඇය මේ වෙද්දී සෝනම් කපූර් අහුජා විදියට තමයි නම භාවිතා කරන්නේ. සෝයාගේ පියාගේ චරිතයට පණ පොවන්නේ සෝනම් කපූර්ගේම ඥතියෙක්. ඔහු මෙන්න මේ සිනමාපටවලින් ඔබ දැක තියෙන කෙනෙක්. බලන්නකෝ ඔහුව මතක් වෙනවද කියලා මේ සිනමාපට ටික දැක්ක ගමන්.
Raja (1995 Auzaar (1997), Mohabbat (1997), Sirf Tum (1999), 2002 Koi Mere Dil Se Poochhe, Qayamat: City Under Threat (2003), Julie (2004), Luck By Chance (2009), Shaandaar (2015), 1995 Prem, 1996 Beqabu, 2001 Chhupa Rustam:2004 Jaago,2005Anjaane, 2007 Dosh
1965 ඔක්තෝම්බර් 17 වැනිදා ඉන්දියාවේ මොම්බේ නගරයේදී උපත ලද ඔහු 1995 වසරේ පටන් නළුවෙක් සහ නිෂ්පාදකයෙක් විදියට හින්දී සිනමාව හා සම්බන්ධව වැඩ කරනවා. ඔහු වෙනින් කිසිවෙක් නෙවෙයි අනිල් කපූර්ගේ බාල සහෝදරයා වන සෝනම් කපූර්ගේ බාප්පා වන සංජය කපූර්. ඔහු තමයි මේ සිනමාපටයේ සෝයාගේ පියාගේ චරිතයට පණ පොවන්නේ. සංජය කපූර්ට අමතරව මේ හින්දී සිනමාපටයේ සිඛන්දර් ඛේර්, සෞරභ් ශුක්ලා, රාජුල් ඛන්නා, ශොයිබ් අහ්මඩ්, ආර් භක්තී ක්ලේන් සහ අන්ගද් බෙඩිත් විවිධ චරිත හැඩ කරන්න ඒවාට පණ පොවා තියෙනවා. මේ හින්දි සිනමාපටයේ තියෙන ගීතයන් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ අමිත් ත‍්‍රිවේදි.
► Translation — Chandana Waravitage