2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

අච්චාරු ආතල් A/L

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 60

අද Youtube Hit වලින් අපි කතා කරන්න අදහස් කළේ "A/Level තරහා" කියන Youtube විඩියෝ එක ගැන. මේ වීඩියෝ එක "Blok Dino” කියන Youtube Channel එකෙන් තමයි Youtube ගතකරලා තිබුණේ. ඉතින් අපි වීඩියෝව නරඹන මොහොත වෙනකොට දින හතරක් ඇතුළත Views තුන්ලක්ෂ අනූ දහසක් විතර මේ “A/Level තරහා" ලබාගන්න සමත් වෙලා තිබ්බා. “Blok Dino කියන්නේ Subscribers ලා හැත්තෑ තුන්දහක් විතර ඉන්න අවුරුද්දකට විතර කලින් පටන්ගත්තු චැනල් එකක්. ඔවුන්ගේ වැඩ සාමාන්‍ය Youtube Video වලට වඩා ටික වෙනස් කියලයි අපේ මතය නම්.

හරි කොහොම වුණත් දැන් අපි බලමු A/Level තරහා Video එක ගැන. සම්පූර්ණය ධාවන කාලය මිනිත්තු හතරයි තත්පර හතළිහක් වගේ වෙනවා. උසස් පෙළ විභාගය කරන අවස්ථාවේ සිද්ධවෙන සිදුවීමක්. කොටින්ම පරණ තරහක් පිරිමහන්න කරන වැඩක් තමයි කතාවට පාදක වෙන්නේ. සාමාන්‍යයෙන් A/Level විභාගය පැවැත්වෙන සමයේම මේ වීඩියෝ එක එළියට ඒම හරහා ලොකු ජනප්‍රියත්වයක් මීට ලැබිලා තියෙනවා. ඒ වගේම මේ කතාව ප්‍රේක්ෂකයාට සමීප වෙන්න මෙහි අන්තර්ගත පාසල් වියේ පොදු අත්දැකීමක් හේතු වෙලා තියෙනවා.

අපි මුළුන්ම කිව්වානේ "Blok Dino” Youtube Channel එකේ ටිකක් වෙනස් කියලා. ඒ වෙනස A/Level තරහා Video එක හරහා අපිට පේන්න තියනවා. මේ Video එක Short Film එකක් වගේ කියල කීවොත් හරි. කතාවේ ගලායම වීඩියෝකරණය දර්ශන තල දෙබස් සියල්ල කෙටි චිත්‍රපට ආභාෂය අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ මෙතරම් පරිශ්‍රමයක් දරලා Youtube Fans ලා වෙනුවෙන් නිර්මාණය කරනවා අඩුයි. අඩු වියදම් වැඩි ආකර්ෂණයක් සහිත නිර්මාණ කරන්න තමයි ගොඩක්දෙනා උත්සාහ දරන්නේ. කතාවක් ඉදිරිපත් කළත් Filming ගතියක් තියෙන නිර්මාණය හරිම විරලයි. ඒත් අපි මුලින්ම කිව්වා වගේ Blok & Dino Youtube Channel එකේ සමහර නිර්මාණය ඇතුළේ ඒ ගතිය තියෙනවා.

මේ විඩියෝ එක වෙනුවෙන් භාවිත කරලා ගොඩක් දේවල් ඊට බරක් එකතු කරලා තිබෙනවා. කැමරා ගැන කතා කරද්දී අතිශය වෘත්තීය බවත් ශිල්පීන් පරිණත බවක් ඒ තුළින් නිරූපණ වෙනවා. කැමරා කෝණ අධ්‍යනයේදී ඒ තවත් අපිට පැහැදිලි වෙනවා. ඒ වගේමයි සංස්කරණය කියන කාරණාවත් විශිෂ්ඨ විදිහට වෙලා තිබ්බා කියලායි අපිට හිතෙන්නේ. ඒ සියල්ල සාර්ථක කරගන්න මනා අධ්‍යක්ෂණයක් මේ මත තිබූ බව අපට පැහැදිලියි. දර්ශන තල කලා අධ්‍යක්ෂණය වගේ කාරණාවල තිබෙන ගැලපීමත් ගොඩක් අගය කළ යුතුයි. ගොඩක් Youtube නිර්මාණය අසාර්ථක වෙන තැනක් තමයි එතැන.

රංගනය පිළිබඳවත් ඊළඟ අපි අවධානය යොමුකරන්න අවශයි. එහි දී නම් Blok &Dino ගේ සුපුරුදු රංගන හැකියාව තමා මතුවෙන්නේ. ඔවුන්ගේ රංගනයේ ආරයක් වෙනම රීතියක් තියනවා කියලා කිව්වොත් හරි. ඒකම තමා මේ විඩියෝ එකේදීත් භාවිතාවට අරගෙන තියෙන්නේ. එය ඔවුන් Youtube තුළ ගොඩන අන්‍යන්‍යතාව වෙන්න පුළුවන්. ඒත් අපේ අදහස මෙතැනදී ටිකක් වෙනස් රඟනයේ යම් යම් වෙනස් කම් කරමින් නිර්මාණය කරනවා නම් ටික හොඳයි කියලායි අපේ අදහස. හාස්‍ය රසය ගැන ගැටලුවක් නෑ. හාස්‍ය උත්පාදනයට දරන උත්සාහය ටිකක් බරපතලයි කියලායි අපිට හිතෙන්නේ. ඔයිට වඩා සරලව ප්‍රබල ප්‍රහසන රංගයක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකියාවක් තිබෙනවා කියලා අපි විශ්වාස කරන්වා. නමුත් සාපේක්ෂව නම් ගොඩක් Youtubers ලාට වඩා මේ දෙපල නිර්මාණකරණයේදී ඉදිරියෙන් ඉන්නවා.

“A/Level තරහා" කියන Youtube විඩියෝ සහ “Blok&Dino” කියන Youtube Channel එක පිළිබඳව අවසානයේ අපිට තියෙන්නේ යහපත් හැඟීමක්. හැබැයි ඔවුන් තමන්ගේ නිර්මාණය ඇතුළේ පොඩි Marketing වැඩක් කරනවා කියලාත් අපිට පැහැදිලියි. ඒත් අපේ පෞද්ගලික විශාල කරන දෙයක් තමයි. Marketing අවශයි Youtubers ලාගේ පැවැත්මට. නමුත් Marketing ම විතරක් වෙච්ච තැන Youtubersලාට පැවැත්මක්  නෑ.


►Text - Nisal   /   Pic – Internet