2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

සෙල්ලමටත් සුපිරිම තරු හරිම හපන්නු...

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

1. දීපිකා පදුකෝන් - බැඩ්මින්ටන්

ඕම් ශාන්ති ඕම් හින්දි සිනමා පටය බොලිවුඩයේ තිරගත වෙද්දී දීපිකා සහ ශාරුක් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරත වෙන දර්ශනයක් සිනමා පටව නැරඹූ කාටත් දකින්න පුළුවන් වුණා. කුඩා අවදියේ පටන් බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් වෙන සිහිනයෙන් බැඩ්මින්ටන් ක්‍රීඩා කළ දීපිකා ඒ ක්‍රීඩාවෙන් තමන්ගේ ජීවිතේ විනය සහ ආත්ම විශ්වාසය උගැන්වූ බව කියනවා.

2. ආක්ෂය කුමාර් - සටන් කලාව

ආක්ෂය කුමාර් කික් බොක්සිං, කරාතේ, පිහිනුම් වගේ ක්‍රීඩාවල නිරත වෙන්නයි රුචිකත්වයක් දක්වන්නේ. හින්දි සිනමාවේ නළුවෙක් වෙන්න කලින් බැංකොක්වල සටන් කළා. පුහුණුකරුවෙක් විදියටත් වෘත්තීය ජීවිතේ නිරතවෙලා තියෙන ආක්ෂය අදටත් ඉන්දියාවේ කාන්තාවන් සඳහා ආත්මාරක්ෂක සටන් කලාව නොමිලයේ උගන්වනවා.

3. රන්බීර් කපූර් - පාපන්දු

මේ මනුස්සයා පාපන්දුවලට ආදරය කරනවා විතරක් නෙවෙයි ඒ වෙනුවෙනුයි ඔහු ජීවත්වෙන්නේ. මේ බාර්සිලෝනා රසිකයා ඔවුන්ගේ නිල වෙබ් අඩවියේත් නමට ඉඩක් දීලා තියෙනවා. රන්බීර් කොච්චර පාපන්දු ක්‍රීඩාවට ඇල්මක් දක්වනවාද කියනවා නම් ඔහු ඉන්දියානු සුපර් ලීග් තරගාවලියේ මුම්බායි කණ්ඩායමත් ඔහු නියෝජනය කරනවා. ඔහු හැම ඉරිදාම පාපන්දු ක්‍රීඩා කරන කෙනෙක්.

4. කල්කී කොච්ලින් - හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාව

කල්කී කියන්නේ හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩාවට ගොඩක් ආස කරන කෙනෙක්. ඒකට හේතුව වෙන්නේ කල්කිගේ තාත්තා. මොකද එයාගේ තාත්තා ගුල්මාර්ග් කියන පළාතේ හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩාවට සහ ට්‍රැකින් ඒ කියන්නේ දුෂ්කර කඳු තරණය වගේ දේවල්වලට ප්‍රසිද්ධ කෙනෙක්. අන්න ඒ නිසා කල්කිත් ඒ ක්‍රීඩාවලට කැමැති වුණා වෙන්න ඕන කියලා තතු දත් අය නම් කියන්නේ. එයා අදටත් විවේකයක් ලැබුණු ගමන් ඒ පළාතට යනවලු හිම මත ලිස්සා යෑම සහ ට්‍රැකින් කරන්න.

5. සුනිල් ශෙට්ටි - ක්‍රිකට්

කීර්තිමත් ක්‍රිකට් ලීග් තරගාවලියේ මුම්බායි හීරෝස් කණ්ඩායමට නායකත්වය දෙන්නේ සුනිල් ශෙට්ටි. සුනිල් ඉඩකඩක් ලැබුණු ගමන් තමන්ගේ දරුවන් වන අහාන් සහ ආතියා එක්ක ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා.

6. ජෝන් ඒබ්‍රහම් - පාපන්දු

ජෝන් ඒබ්‍රහම් කියන්නේ පාපන්දුවකට දැඩි කැමැත්තක් දක්වන කෙනෙක්. එයා එයාගේ මුල්ම සිනමාපටය වන ධන් ධනා ධාන් ගෝල් කියන සිනමාපටයේ දායක වෙන්නෙත් පාපන්දු ක්‍රීඩාවේ නිරත වන කෙනෙක් විදිහටයි. ඔහුත් පාපන්දුවලට නෝර්ත් ඊස්ට් එෆ් කී කණ්ඩායම නියෝජනය කරන අතර තමන්ගේ මිත්‍රයින් සමගින් ඉඩක් ලද විගස ජෝන්ද පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙන කෙනෙක්.

7. අභිෂේක් භච්චන් - පාපන්දු

චෙල්සි කණ්ඩායම ප්‍රියකරන එහි රසිකයෙන් වන අභිෂේක් භච්චන් හට කණ්ඩායමේ නවතම සංස්කරණය කරන ලද ජර්සියක්ද පිරිනැමුවා. මේ නළුවා නියඟයෙන් පීඩාවට පත් වූ ජනතාවට ආධාර පිණිස පැවැත්වූ පාපන්දු ක්‍රීඩා තරගයකට සහභාගී වෙමින් ඔහු පාපන්දු ක්‍රීඩාවේ කොතරම් දක්ෂයෙක්ද කියන එකත් ලෝකයාට පෙන්නුවා. ඒ වගේම ඔහු තමන්ගේ පින්ක් පැන්තර් කියන කබඩි ටීම් එකටත් ඒ ක්‍රීඩාවටත් මහත් ළැදි කෙනෙක්.

8. ප්‍රීති සින්ටා - රයිෆලයෙන් ඉලක්කෙට වෙඩි තැබීම

සහෝදරයන් දෙදෙනෙක්ගේ අතරමැදියා ලෙසින් ජීවත් වෙන්න ලැබෙන නිසා ප්‍රීති මුළු ජීවිත කාලයේම ක්‍රීඩා කරමින් කාලය ගත කරන්න වාසනාවන්ත වෙලා තියෙනවා. ඇය පැසිපන්දු ක්‍රීඩාවට වගේම රයිෆලයෙන් ඉල්ක්කයට වෙඩි තියන්න ගොඩක් ආස කෙනෙක්. ඒ වගේම ඇය අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමේ අයිතිකාරිය කියලත් අපි හැමෝම දන්නවනේ. ඇයට ක්‍රීඩාව කියන්නේ ඇඟේම තියෙන දෙයක් කියලයි තතු දන්න අය කියන්නේ.

තවත් කොටසක් ලබන සතියට 

► Translation — Chandana Waravitage