හන්තාන දෙසින් එන මෘදු සීත සුළං රැළි ඔබ තාම හොඳින් හඳුනනවා නම්...
මුහුණ රතුවෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා...
එයා ගැන හිතුවම මට මතකයට ආවේ මේ ගී පද....
එහෙම ලිව්ව ඔහුගේ ප්‍රතිභාව මොනතරම් අපූරුද? ඒ අපූර්වත්වය අපිව වෙනම ලොවකට අරගෙන යනවා...
ඔහුගේ නිර්මාණ මා විඳින වාර අනන්තයි... ඔහුගේ පන්හිඳෙන් උපන් කවි මහරැත්....
සුදත් ගාමිණී බණ්ඩාර.... ඒ වෙන කවුරුත්ම නෙමෙයි...
දරුවන්ට දැනුම දෙන එක තමයි එයා වෘත්තිය වශයෙන් තෝරගෙන තිබුණේ.....
ආයුබෝවන් ඉතින්...
ඔහුගේ ළෙන්ගතු හිනාව ඉහටත් උඩින්.....
ලේසි තැනකින් අපි කතාව පටන් ගන්න හිතුවා.... කියමුද එහෙනම් ඔබේ ජීවිතය ගැන, ඔබේ නිර්මාණ ගැන...
සිල්ගත් මව්බිම කාව්‍ය කෘතිය ගිය අවුරුද්දෙ එළි දැක්වූවාට පස්සේ මම තවම නිර්මාණයට අතගැහුවෙ නෑ.. කොහොමත් මම නිර්මාණයක් කරන්න සෑහෙන කාලයක් ගන්නවා... සාහිත්‍ය කටයුතුවල නම් නිතරම යෙදිලා ඉන්නෙ.... පාසලේ ඉගැන්වීමේ වැඩයි... ගෙදර දොර වැඩත් එකක් ජීවිතේ... ගතවෙනවා...
ජීවිතයම සාරංශගත කරලා.. කෙටියෙන් දුන්නා... උත්තරයක්.
සුදත්ගේ කලා නිර්මාණ අපි දන්නවා... ඒවා නෙමේ.... මගේ නොවන මගේ නිර්මාණයක් කියලා හිරකරලා පරිස්සමින් තියාගන්න තරම් හිතුණ එකක් ගැන කතාකරමුද...?
හරි කියන්නාක් මෙන්.... ඔහුගේ මුවගේ සිනහවක්...
මම ආදරය කරන නිර්මාණ නම් මට ගොඩක් තියෙනවා.. පසුකාලීනව මම කවි සහ ගීත ලියන්න යොමුවෙන්නත්, පෞද්ගලිකව සාහිත්‍යට ඇල්මක් ඇතිවෙන්නත් බලපෑව කෘතියක් තමයි මහගම සේකරගේ ප්‍රබුද්ධ කෘතිය... සේකර ප්‍රබුද්ධ පළ වෙන්නෙ 1977 වර්ෂයේදී... හරියටම අවුරුද්දකින් පස්සෙ තමයි මට මේ පොත කියවන්න හම්බවෙන්නෙ.. එතකොට මම අවුරුදු පහළොවක පාසල් ශිෂ්‍යයෙක්. මේ පොත මම කියවනකොට විස්මයක් ඇති වුණා... මේ තරම් සුමටව භාෂාව හසුරවන්න පුළුවන්ද කියලා හිතාගන්න බැරිවුණා... ඒ වචනවල තිබුණු හරබර අරුත් යථාර්ථවාදීයි... මගේ සාහිත්‍ය ජීවිතයට වගේම මගේ පෞද්ගලික ජීවිතයටත් සේකරගේ අරුත්බර ප්‍රබුද්ධ පොත සෘජුවම බලපෑම් කරා...
බලන බලන හැමතැනම පොත් කඩවල්... ඒවායේ රාක්ක පුරෝලා ඕනතරම් කවි පොත්..... සේකරගේ ප්‍රබුද්ධ පොත අවුරැදු හතළිහක් විතර පරණයි... ඒත් ඇයි මේ කවි පොතටම මෙච්චරම ළෙන්ගතුකමක්...
ඔව්... දැනට මම කවි පොත් දහස් ගාණක් කියවලා ඇති... එක්දාස් නමසිය පනහ දශකෙය් පමණ ඇරඹෙන නිදහස් කවිය ගත්තට පස්සේ, එක්දහස් නමසිය හැත්තෑ ගණන්වල තමයි නූතන සිංහල කවිය ප්‍රකට වන්ෙන්.. ප්‍රබුද්ධ කියන අඛ්‍යාන කාව්‍යය සිංහල කවියේ කූඨප්‍රාප්තියක් සටහන් කරන සන්ධිස්ථානයක්.
කවිය කියන්නෙ... නිකම්ම නිකන් වචන ටිකක් නෙමේ... කවිය කියන්නේ හරිම දාර්ශනික සිතුවිලි සම්භාරයක්... එක්දහස් නමසිය හැත්තෑගණන්වල අසූගණන්වල මම ආසාවෙන් කියවපු කවි තමයි පරාක්‍රම කොඩිතුවක්කුගේ කවි. ඊට පස්සෙ මම ආකර්ෂණය වුණු කවියෙක් තමයි රත්න ශ්‍රී විජේසිංහ කියන්නෙ... ඔහු ගීතවත්ව භාෂාව හැසිරෙව්වා.. නන්දන වීරසිංහගේ කවිවලටත් මගේ හිතේ පුදුම ඇල්මක් ඇතිවෙලා තිබුණා... මෑතකාලීනව මම රුවන් බන්දුජීව, ලක්ෂාන්ත අතුකෝරාල, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල වැනි කවියන්ගෙ කවි පොත් බොහොම ආශාවෙන් කියවනවා... ඒ සියල්ල අතරේ මීට අවුරුදු හතළිහට පමණ පෙර රචනා වෙච්ච සේකරයන්ගේ ප්‍රබුද්ධ පොතට විශේෂ කැමැත්තක් ඇති වුණේ, සේකර ඔහු තුළ තිබුණ දාර්ශනික අදහස් වැට කොටුවලට හරස් නොවී මධුර භාෂාවකින් කවිය ඇතුළට ගෙනාපු නිසා..
සේකර ඔහුගේ ආඛ්‍යාන කවිය පටන් ගන්නේම හරිම අපූරැ ආකාරයට...
ඔප් නැගු විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක්
එ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නො මැත කවියක්....
වැඩ ඇරී එන කලට ඔබ සමඟ
සෙනඟින් පිරී ගිය දුම්රියක
අහුලාගෙන හිස් සිගරට් පැකට්ටුවක්
ඒ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට මට ඇත කවියක්..
ඔබ ආදරය කරන ප්‍රබුද්ධ කවි පොත ඇතුලේ ඔබ දැඩි ලෙස ඇලුම් කරන කවි කන්ඩ ඇති නේද?
මගේ හිතට එකපාරට ආපු ප්‍රශ්නය එවලේම කතාව මැද්දෙන් සුදත්ට තල්ලු කළා...
ප්‍රබුද්ධ ආක්‍යාන කාව්‍යක් .. මේ දීර්ඝ ආක්‍යාන කාව්‍ය යේ මගේ සිත් ගත්ම කවි කන්ඩ රාශියක් තිබෙනවා.. සේකරගේ කවියේ තිබෙන අව්‍යාජත්වයට සහ සරලකමට මම ගොඩක් ආදරෙයි... ඒ නිසාම තමයි අපි ඒ පොතට බැඳෙන්නෙ... අම්මා ගැන කියවෙන අපූරු කවිය කොච්චර සරලව ගැඹුරු අදහසක් දනවනවද කියලා බලන්න.
අඬන විට මා කුඩා අවදියේ...
තම්බා බතල දලු
ලුණු දියර ඉස
පොල් ගා මුසුකොට කවා
බඩු ගිනි නිවූ අම්මා ඔබය
මෙවැනි ආකාරයේ සරල කවි වගේම අවුරුදු හතළිහක් තිස්සේ මම විමසුම් සහගතව හිතන පරිකල්පනය දනවන කවියක් තමයි මෙන්න මේ කවිය...
කුමක් නිසා ඔබ කලාව අත්හලෝද
කලාව සත්‍ය හා මිත්‍යාවය..
සත්‍ය ප්‍රකෘතියය, ප්‍රකෘතිය තරම් සුන්දර කිසිවක් කිසිදවසක මැවිය නොහැක..
ඒ සුන්දර බව හරියට දක්නට බැරි දුහුනන්ටය කලාව
ඒ සුන්දර බව රුකුලක් වේ බලගතු භාවනානුයෝගියාට..
සේකරගේ ප්‍රබුද්ධ ඔබේ ඇසගැටුණෙ කොහොමද මොන විදියටද...?
මට මතක හැටියට ඉස්සෙල්ලාම මම කියෙව්වේ පාසලේදී.. පාසල් පුස්තකාලයේ තිබිලා... ඊට කලින් මම සේකර ගැන අහලා තිබුණා... අහම්බයෙන් පුස්තකාල රාක්කයේ තිබිලා හම්බවෙච්ච පොතක් මේක..
දැනට මේ පොත ඔබ කොච්චර වතාවක් කියවලා තියෙනවාද?
ඒ හරියටම කියන්න අමාරුයි.. ඒත් මං හිතනවා.. විසි තිස් වතාවක් කියවලා ඇති...
මේ පොත පරිශීලනය කරලා.. ඔබ ඔබේ ජීවිතට මොනවගේ අර්ථයක් එකතුකර ගත්තද?
ඇත්තට... මේ කෘතිය විඳීමෙන් පස්සේ... සාහිත්‍යට ලොකු ඇල්මක් ඇතිවීමට මූලික වුණේ මේ කෘතිය හරහා තමයි.. මිනිස් ආත්මය පෝෂණය කරගන්න සාහිත්‍ය තිබෙන වටිනාකමක දැනෙන්න ගත්තේ ඊට පස්සේ වෙන නිර්මාණයක් දිහා වුණත් දර්ශනිකව බලන්න පුරුදු වුණේ මේ කෘතිය ඇසුරු කිරීමෙන් පස්සේ..
එහෙම තමයි එයා කතාව නැවැත්තුවේ....
► Text - Danushka Wijesiri / Pic - Internet