2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

අනාගතේ බං අනාගතේ

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:31 131

ඔන්න සුදා ඡන්දේ කාලයක් එන්න යන්නේ. ආතල් නම් කෝටියයි. ඉස්සර තමා වලි බලි ඔක්කොම. දැන් ඉතින් හුදී ජනතාව ඡන්දේ කාලෙට පට්ට ආතල්නේ ගන්නේ. එනිසා සුදා Y Trend වගේම Normal Trend එහෙමත් Automatic හැදෙනවා මේ කාලෙට. අපි බැලුවේ මේ පාර දැනටමත් Line වෙලා තියෙන, හෙට අනිද්දාට තවත් Line වෙන්න පුළුවන් Trend ටිකක් ගලපන්න. අවුලක් නෑනේ පැංචෝ. හුදී ජන පහන් සංවේගය පිණිස බුකී ජන ක්‍රියාකාරී ඇසුරේ සීන් එකට Enter වෙන්නම්කෝ එහෙනම්... හාද?

ඔන්න මචෝ මේ පාර Social Media තමා ජනාධිපතිවරණයේ අංක එකේ මාධ්‍ය වෙන්නේ. ආයේ දෙකක් නෑ සුදා. දැනටමත් සීන්කෝන් එක ලාවට පටන් අරගෙන තියෙන්නේ. ඔය දේශපාලන අනම් මනම් බුකියේ පුරා අම්බානෙට පේන්නෙ තියෙන්නේ. හා නැද්ද හා. ඇච්චෝ පැච්චෝ ලොක්කෝ සොක්කෝ හැමෝම දැන් සීන් එකට Enter වෙමින් පවතිනවා. ඒ නිසා එක එක ජාතියෙ Trending සීන් මතුවෙනවා බුකී ලෝකේ. අපි බලමු කෝ මොනවද ඒ කියලා මගේ සත්තරං.

මේ පාර ලොකු Trend එක තමා Poll Create කරන එක. Poll එකකින් වෙන්නේ බුකිය ඇතුළේ මත විමසුමක් කරන එක. මචෝ ඔය ඔයාලගේ Account එකකින් වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. ඒත් Page එකකින් මේ වැඩේ කරනකොට තමා ලොකු Trending වෙන්නේ. සුදා මේවා දැම්මාම අපිට තියෙන්නේ Vote එක කරන්න. අපි කැමති අපේක්ෂකයට. එතකොට එයා ලබාගෙන තියෙන Vote වල ප්‍රතිශතය පෙන්නනවා. ඔන්න මේ දවස්වල මචෝ ප්‍රධාන අපේක්ෂකයන් දෙනෙක් දෙපැත්තට දාලා මතේ අහන සීන් එක බුකිය පුරා අපිට පේන්න තියෙනවා. අපේ පැංචෝ පැංචියෝ දැකලා ඇති Vote කරලත් ඇති සමහර විට.

මෙහෙම Create කරපු Poll බුකියේ තියෙන Political Group වල  Share වෙනවා. ඔන්න තර‍ගෙට කට්ටිය Vote කරනවා. මේකේ යටින් Comment දාන්න පුළුවන්නේ. ඉතින් අපේ ගොයියෝ Comment වලින් මරා ගන්නවා. ආතල්නේ. ඔන්න Poll සීන් වගේම තමයි මේ අපේක්ෂකයට React එක දාන්න කියලා Photos දාන සීන් එක. ඒකත් නැගලාම යනවා. මහජන මතය තමයි මේ Poll සීන් එක පොඩ්ඩක් බලපානවා. ඒකම තමා මෙහෙම Trend එකක් නිර්මාණය වෙලා තියෙන්නේ.
මේ දවස්වල තව Trend එකක් තමයි මචෝ තමන් කැමති අපේක්ෂකයාගේ Frames තමන්ගේ Profile Picture වලට එකතු කරගන්න එක. සුදා අර ප්‍රොෆයිල් එක යටින් අපේක්ෂකයාගේ Photo එක පොඩියට දාලා චූටි වදනක් දාන සීන් එක තමයි මේ. මේකත් ඉතින් බුකියේ තියෙන පහසුකමක් මත නිර්මාණය වුණ Trend එකක්. මතකද පැංචොයෝන්ට කාලෙකට කලින් තමන්ගේ ඉස්කොලේ Frame එකක් Profile Picture දාන Trend එකක් තිබ්බා. අන්න ඒ සීන් එකම තමා මේ. ඔය Frames කවුරු හරි හදලා තමා Option එකක් විදිහට බුකී ගතකරලා තියෙන්නේ. අපේ අයියලා පොර වගේ තමන්ගේ දේශපාලන මතේ පෙන්න මේවා දාගන්නවා. එතකොට විරුද්ධවාදීන් Ahh React දානවා. So ආතල් මෙයාලා. සීන් එක තාම ලාවට. හෙට අනිද්දාට කුණාටුවක් වගේ වෙයි ආ....

මේ ආතල් සීන් අතරේ අමුතුම ආතල් එකක් දෙන සෙට් එකකුත් මේ දවස්වල ඉන්නවා. එයාලට දේශපාලනය එපාවෙලා. හැමෝටමට ආතල් දෙනවා. මේකත් Trend එකක් තමා බ්‍රෝ. බුකියේ ඉන්න මෙයාලා අමුතු පොස්ට් දන්නවා. 225ම එපා කිව්වෙත් මෙයාලා තමා බ්‍රෝ. රැල්ලට ගියාට මෙහෙම ආතල් දෙන සීන් එකේ ඉන්න අය ගැන පොඩි රහසක් තියෙනවා. රහසේ දේශපාලන කරන්න නම් අහසේ මාලිගා තහනම්* නම් ලෙවල් එකේ තමයි බ්‍රෝ මෙයාලා.

ඔන්න ඊළඟට තව සීන් එකක්. මේක නම් කාලෙක ඉඳන් තියෙන Trend එකක්. දැන් දරුණුයි ආ. බුකී දේශපාලන විචාර. බුකියේ සරනකොට ඔය විචාරයෝ ඕන තරම් අපිට බලාගන්න පුළුවන් සුදා. රිදෙන්න දෙන්නේ කියලා හිතාගෙන මෙයාලා පල්හෑලී ලියන්නේ. තව පොරවල් කියලායි හිතාගෙන ඉන්නේ. ආචාර්ය ලෙවල් එකේ දේශපාලන විද්‍යා උත්තමාචාරය ලැබුවා වගේ තමා වැඩ. කොහොම වුණත් මෙයාලටත් Fans ලා ඉන්නවා බුකියේ. සමහරු බුද්ධි අංශ ප්‍රධානීන් වගේ කතා කරන්නේ. මේක නම් Trend එකක් වුණාට ලෙඩක් මචෝ. මේ සීන් එකේ ඉන්න අය තමා අනුන්ගේ පොස්ට්වලට ගිහිල්ලා පල් හෑලි Comment කරලා වලි දා ගන්නේ. මේ අය කෙරෙහි ආදර ගෞරවය කෙසේ වෙතත් බුකීයේ ඉන්න නෝමල් අයට තියෙන්නේ පිළිකුලක්. ඇත්තටම මේ අය නොදන්නවා වුණාට ගොඩක් දෙනෙක්ට එයාලා Joke එකක් බං.

ඉදිරියේදී මැතිවරණ ප්‍රචාරය වෙනුවෙන් භාවිත කරන්න පුළුවන් ඒ වගේම Trend හැදෙන්න පුළුවන් දේවල් ටිකක් අපි බලමුකෝ. ඔන්න එකක් තමයි Sponsored ගහන එක. මේක ලංකාවේ ප්‍රසිද්ධ Page හරහා දැනටමත් පටන් අරගෙන තියෙනවා. TV Channel වලින් ඇඩ් ගහනවා වගේ නෙවෙයි. මචෝ මේක මෙදාපාර මේ සීන් එක සෑහෙන්න Hit වෙන්න ඉඩ තියෙනවා. Page Admin ලාගේ අතමිට සරුවෙයි වගේ මේ යන විදිහට. මේක ලොකු බිස්නස් එකක්. පහුගිය කාලේ වැඩේ හිමීට කෙරුනේ. මෙදා පාර ඡන්දේ දී වැඩේ සෑහෙන්න වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍ය දේශපාලනඥයක්ගේ page එකකින් Sponsored ගහනවා වගේ නෙවෙයි Hit page එකකින් ගහන එක. ඒක ලොකු බලපෑමක්.

ඒ වගේම පැංචෝ මේ Trend එකත් එක්කම හෙට අනිද්දා මඩ Project ටිකත් බුකිය හරහාම පටන්ගන්න ඉඩ තියෙනවා. ඒකටත් ලොකු රැල්ලක් වෙයි. Freak News සෑහෙන්න ඒවී. මේ ඔකොම එකතු වුණාම ලංකාවේ Hit Top Level එකේ තියන Page දෙක තුනක් Block වෙන්නත් ඉඩ තියනවා සුදා. ඒ වගේම සෑහෙන්න Account ප්‍රමාණයක් Block වෙයි ආ.... අහන්න ශෝචනීයයි දකිද්දී ඛේදනීයයි අනාගතේ බං අනාගතේ. තමගේ විරුද්ධවාදීන්ව Report කරන එක පට්ට Trend එකක් වෙනවා අනිවා. බලාන ඉන්නකෝ. අපි කිව්වොත් වරදින්නේ නෑ.

ඔන්න ඡන්දේ ලංවෙන කොට පටන්ගෙන තියෙන පටන්ගන්න යන Trend ටික තමා අපි ලිව්වේ. මචෝ අවුල් නම් තමා. අපිට පක්ෂ පාට  භේද නෑ. ආතල් එකේ සැපේ ඉන්නේ. ආදරෙයි ඈ.... පස්සේ සෙට් වෙමු කෝ.

 

► Text - Nisal   /   Pic – Internet