2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

Dog Show

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 66

මිනිසාගේ ළඟම හිතවතා ලෙස සැලකෙන සුනඛයන් හුරතලේට ඇති දැඩි කිරීම දැන් බොහෝ දෙනෙකුගේ කැමැත්තක් වෙලා තියෙනවා. අන්න එහෙම පිරිසක් එකතු වෙලා මීට බොහෝ කාලයකට පෙර යටත් විජිත සමයේ ආරම්භ කළ Ceylon Kennel Club ආයතනය විසින්  122 වැනි වරටත් සංවිධාන කෙරුණු ‘Dog Show ’ ප්‍රදර්ශනය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.

ලෝකයේ විවිධ රටවල හැදී වැඩෙන නොයෙක් වර්ගයන්ට අයත් දුර්ලභ මෙන්ම මි‍ලෙන් අධික සුනඛයන් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා. හොඳම සුනඛයන්ට සම්මාන සහතික දෙන්නත් සංවිධායකයින් කටයුතු කළා. බලන්න ඔබගේ ප්‍රියතම සුනඛයත් මෙහි ඉන්නවද කියා...

I  Romesh Dhanushka Silva