9. රිතික් රෝෂන් - පාපන්දු
පුනේ එෆ්.සී. කිට් කියන කණ්ඩායමේ හිමිකරු වන රිතික් රෝෂන් ස්පෝර්ට්ස් කියන්නේ ගේම් එකක්ම නෙවෙයි කියලයි කියන්නේ. ඔහුගේ සිරුරෙන් කියන්නේ ක්‍රීඩාව කෙනෙක්ට කොච්චර අවශ්‍යද කියන එකනේ. ඔහු ඉඩකඩ ලැබුණම ඉඳහිට තමන්ගේ දරුවන් එක්ක පාපන්දු ක්‍රීඩා කරන කෙනෙක්. ඒ වගේම පුණ්‍ය කටයුතු සඳහා අවශ්‍ය ආධාර එකතු කරන පාපන්දු ක්‍රීඩා තරගවලටත් ඔහු නිර්ලෝභීව සහභාගී වන කෙනෙක්.
10. ශාරුක් ඛාන් -
පාපන්දු සහ ක්‍රිකට්
ශාරුක් ඛාන් කියන්නේ ක්‍රීඩා ලෝලියෙක්. ක්‍රිකට් ක්‍රීඩාවේ ඉඳන් පාපන්දු ක්‍රීඩාවත් ඔහු යටත් කරගෙන ඉන්නේ. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වුණු නිසාම ශාරැක්ට ඔහුගේ කොලේජ් එකෙන් ස්වෝර්ඩ්ස් ඔෆ් හොනර් කියන නම්බුනාමය පාසල් කාලයේ පිරිනමා තියෙනවා. ශාරැක් තමන්ගේ ළමා කාලයේ ඉඳන් පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙන කෙනෙක්. ඉන්දියන් සුපර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කියන ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරුවාත් ශාරුක් කියන එක අපි හැමෝම දන්නවනේ.
11. සෝනක්ෂි සිංහා - කබඩි
සෝනක්ෂි සිංහා කියන්නේ කුඩා කාලයේදී බොහෝ ක්‍රීඩාවල නිරත වුණු කෙනෙක්. ද යුනයිටඩ් සින්ග්ස් කියන කබඩි කණ්ඩායමක් සඳහා ආයෝජකයා වෙන්නෙත් ඇයයි. ඒ වගේම සෝනක්ෂී පූර්ණකාලීනව කබඩි ක්‍රීඩාවට අමතරව පිහිනුම් සහ ටෙනිස් ක්‍රීඩිකාවක් වෙන්තත් කැමැත්තෙන් ඉන්න කෙනෙක්.
12. වරුන් ධවාන් - පාපන්දු
වරුන් ධවාන් කියන්නේ මැන්චෙස්ටර් යුනයිටඩ් කියන කණ්ඩායමට පක්ෂපාතී ආධාරකරුවෙක්. වරුන් පාපන්දු ක්‍රීඩාවට මහත් ළැදිකමක් දක්වනකෙනෙක් වන අතර ඔහු හස්කීන් කිකෑස් කියන පාපන්දු කුසලතාවය තියෙන කෙනෙක් කියලත් තතු දත් අය පවසනවා. ඔහු කුඩා කාලයේ ඉඳන් පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ වෙලා ඉන්න අතර ඔහු තමන්ගේ මිතුරන් එක්ක ඉඩක් ලද විගස පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙන කෙනෙක්.
13. ජැකලින් ෆර්ඩිනෑන්ඩ්ස්
ජැකලින් ක්‍රීඩා නොකලද ක්‍රීඩා තරග නරඹන්න කට්ටියත් එක්ක සෙට්වෙලා යන්න කැමැති කෙනෙක් කියලා තමයි ඉන්දියානු මාධ්‍යවල සඳහන් කර තිබුණේ. ඇය ත්‍රාසජනක ක්‍රීඩා තරග සඳහා දක්ෂතා දක්වන කෙනෙක් වගේම කැමැත්තක් දක්වන කෙනෙක්. ස්කයි ඩයිවින්, ස්කුබා ඩයිවින් වගේ දේට ඇය වඩාත් කැමැත්තක් දක්වනවා. අන්න ඒ නිසාමයි බොලිවුඩයේ ක්‍රියාදාම සිනමාපට සඳහා ඇය තමන්ගේ නම සහ ඉඩ වෙන්කර ගන්නේ.
14. සල්මාන් ඛාන්
සල්මාන් කියන්නේ හැම ක්‍රීඩාවක්ම කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒත් ඔහුට කිසිම ක්‍රීඩාවකට දීර්ඝ කාලයක් කැමැත්තෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ හින්දා ඔහු හැම වෙලාවෙම ඔහුගේ ක්‍රීඩා වෙනස් කරන බව ඔහු කියනවා. ඒත් සල්මාන් පූනේ ෆ්‍රැන්චීස් කියන ක්‍රිකට් කණ්ඩායම මිලදී ගෙන තියෙන බවයි අපිට දැනගන්න ලැබුණා. ජයවේවා සල්ලු භායී කියලයි අපිට කියන්න තියෙන්නෙ. නැද්ද හා...?
15. ශ්‍රද්ධා කපූර් - ස්කූබා ඩයිනින්
බාගී කියන ක්‍රියාදාම හින්දි සිනමාපටය එළිදක්වන අවස්ථාවේ ශ්‍රද්ධා තම රසිකයින්ට ආඩම්බරයෙන් තමන් බලපත්‍රලාභී ස්කූබා ඩයිනින් කරන කෙනෙක් කියලා කිව්වා. ඇය රූගත කිරීම් නැති ඉඩක් ලැබුණු සැණින් ගැඹුරු මුහුදේ කිමිදෙන අතර ත්‍රාසජනක ක්‍රියාවල ඇය සිනමාපටවලදීත් නිරත වෙන්න කැමැත්තක් දක්වන බවයි ඇය පවසන්නේ.
16. ටයිගර් ෂෙරොෆ් -
පැසිපන්දු සහ පාපන්දු
ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔහුගෙන් වරක් මාධ්‍යවේදීන් විමසූ විට ඔහු පවසා ඇත්තේ ක්‍රීඩා කරන්න මම ගොඩක් කැමැතියි කියලයි. කුඩා කාලයේදී ජැකී ෂෙරොෆ්ගේ පුතා වන ටයිගර් ශෙරොෆ්ට ඕන කළේ පාපන්දු තරුවක් වෙන්නයි. නමුත් ඉන්දියාවේ පාපන්දුවලට තියෙන අනාගත දර්ශනය එච්චර හොඳ නැති නිසා ඔහු බොලිවුඩය දෙසට අවධානය යොමුකර තියෙනවා. ඒ නිසා ඔහු සටන් කලාව දෙසට අවධානය යොමුකරලා සටන් කලාව ප්‍රගුණ කරලා තියෙනවා. ඔහු ජිම්නාස්ටික්, සටන් කලාව, පැසිපන්දු සහ පාපන්දුවලට දක්ෂතා පෙන්නුම් කරන කෙනෙක්.
► Translation — Chandana Waravitage