2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

අලුත්ම ජනා බුවා කෝටිපති නාට්ටාමි

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 127

අද අපි කතා කරන්නේ ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දන්න කියන චරිතයක් කරගෙන යන YouTube Channel එකක් ගැන. Hari TV කිව්වාම YouTube නරඹන කවුරැත් දන්න Channel එකක්. දැනට Subscribe කරලා තියනවා  ලක්ෂ දෙකක විතර ප්‍රමාණයක්. මේ චැනල් එක පටන් අරගෙන තියෙන්නේ 2017 වර්ෂයේ මැයි මාසේ විතර. අපි කිව්ව ප්‍රසිද්ධ චරිතය තමා ලහිරැ මුදලිගේ. අපි චැනල් එකට එබිලා බලනකොට අන්තිමට Trending ඇවිල්ලා තිබ්බ මේ පාර ඡන්දේට එන කෝටිපති නාට්ටාමි කියන Video එකට Views තුන් ලක්ෂක් විතර තිබුණා. Stand by With Lahiru කියන Theme එකට කරපු කරපු සම්මුඛ සාකච්ඡාවක් ඒ Video එක. 

පොදුවේ මේ Channel එක ගැන කියනවා නම් Themes කිහපයක් යටතේ Category කරලා එක එක ජාතියේ Video සෑහෙන්න ප්‍රමාණයක් ඔවුන් කරලා තියනවා. රූපවාහිනී නාලිකාවක ස්වභාවය තමයි මේ චැනල් එක අරගෙන තියෙන්නේ. ඒ වගේම තවත් චැනල් කිහිපයක් ඔවුන්‍ට තියනවා. Hari Creation කවුරුත් දන්න ප්‍රසිද්ධ වැඩක් Music Video කරණයේ කාලෙක දැවැන්තයෝ වුණේ මෙයාලා. කොහොම වුණත් Hari TV ගැන කියනවා නම් මේ වැඩේ Sri Lankan YouTube වලට අලුත් අත්දැකීමක්. ඒවගේම දැවැන්ත වැඩක්. ඉතින් එහෙම වැඩක් කරන්න උපරිම හැකියාව ලහිරුට තියනවා.

අපි දැන් මේක ඇතුළේ තියන තාක්ෂණික හාවිතය පොඩ්ඩක් බලමු. විඩියෝකරණය ගැන කතා කරොත් ඒක ප්‍රධන වශයෙන් රූපවාහිනී වැඩවල ආකෘතිය අරගෙන තියනවා. ඒ වගේම තාක්ෂණික මෙවලම් සැලකිය යුතු ප්‍රමාණකින් භාවිත වෙලා තියනවා කියලත් පේනවා. හැබැයි YouTube වැඩක් නිසා රෑපවාහිනියක තරම්ම කොලිටි එකක් තියාගන්න උත්සහා කරලා නැති ගතියක් සමහර වීඩියෝ ඇතුළේ පේන්න තියනවා. ඒත් Graphic භාවිතය එහෙම සැලකිය යුතු මට්ටක තියනවා. කොහොම වුණත් YouTube ඇතුළේ තියන ගොඩක් YouTube Channelවලට සාපේක්ෂව මේ වැඩේ සුපිරි.

අපි මේ Channel එක YouTube Hit වලට තෝරගත්තේ මේකේ තියෙන විශේෂත්වය නිසා. අපි අවධානය යොමු කරපු  වීඩියෝ එක ගැන කියනවා නම් ඒකෙදි සම්මුඛ සාකච්ඡාවට ලක්කරන්නේ පිටකොටුවේ MGR නමින් ප්‍රසිද්ධ වුණ නාට්ටාමි කෙනෙක්. ඔහු ඉන්දීය සිනමාවේ MGR කියන පරණ නළුවා අනුගමනය කරනවා. අඳින්නේ පළඳින්නේ ඒ විදිහට. ටයි එක දාලා එහෙම සුපිරියට අඳින්නේ. ඇඳුම් වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරනවා. මේ සම්මුඛ සාකච්ඡාවේ දී ගොඩක් ආකර්ෂණීය දේවල් ඔහු හරහා ලහිරු මතු කරගන්නවා. මේ වගේ සම්මුඛ සාකච්ඡා වගේම තවත් විවිධ මාදිලිවල වීඩියෝ විශාල ප්‍රමාණයක් මේ චැනල් එකේ තියනවා. දිනපතා Updated වෙන චැනල් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. 

මේ Channel එකේ ආගමන සහ ජනප්‍රියතාව ලංකාවේ YouTube කරණයේ විශාල පිම්මක් වෙන්න පුළුවන්. ලහිරු වගේ රූපවාහිනී මාධ්‍ය තුළ බිහිවුණ චරිත ගොඩක් දැන් YouTube වෙත නැඹුරු වීමේ ප්‍රවණතාවක් අපිට පේන්න තියනවා. කොහොම වුණත් YouTube වල ගුණාත්මකභාවය ඉහළ යන්න මේක හේතුවක් වෙන්න පුළුවන්.

 

► Text - Nisal   /  Pic – Internet

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00