මේක නම් ටිකක් පරණ කතාවක්. ඒ වුණාට සමහර ඔළු ගෙඩි දැක්කම ඒ කතාව ආයෙත් මතකයට නැගෙනවා.
මේකයි කතාව.
පාටියකදී මුණගැහුණු කාන්තාවකගෙන් තව කෙනෙක් ඇහුවලු එයාගෙ කරේ දාලා තියෙන පෙන්ඩන්ට් එක ඇතුළෙ මොනවා හරි දෙයක් දාලා තියෙනවද කියලා.
මේ කාන්තාව කිව්වලු එයාගෙ මහත්තයා මතක් වෙන්න එයාගෙ කෙස් ගස් කීපයක් පෙන්ඩන්ට් එක ඇතුළෙ දාලා තියෙනවැයි කියලා.
ඒ මොකද ඒ? ඔයාගෙ මහත්තයා තාම ජීවතුන් අතර ඉන්නවනෙ..?
ඉන්නවා තමයි, ඒ වුණාට එයාගෙ ඔළුවෙ කෙස් ටික සේරම නැතිවෙලානෙ..
පොඩි දේටත් නිවාඩු ගන්න කට්ටිය අපි දැකලා තියෙනවනෙ. ඒක ඔෆිස්වලද, ෆැක්ට්රිවලද, ගාමන්ට්වලද කියලා වෙනසක් නැහැ, හැම තැනටම පොදුයි. කලා ක්ෂේත්රයටත් ඒක පොදුයි. ලබන සතියෙ හැදෙන්න එන හෙම්බිරිස්සාවට මේ සතියෙම නිවාඩු දාන අය ඉන්නවා. වයසක ඥාතියෙක් ICU එකේ ඉන්නකොටම මළගෙදරට යන්න නිවාඩු දාන අයත් ඉන්නෙ.
ඔන්න ඔය වගේ සුළු දේටත් නිවාඩුවක් ඉල්ලන ශිල්පියෙක් ඉන්නවලු.
දවසක් එයා වැඩ කරන්න එනකොට මූණෙ පොඩි කුරුලෑවක් හැදීගෙන එනවා කාටත් පේන්න තිබුණා.
ඔන්න බලන්න මෙයා හෙට වෙනකොට පිම්ප්ල් ලීව් එකක් ගන්නෙ නැද්ද කියලා, එතනට හිටපු කෙනෙක් කිව්වලු.
සමහරු චිත්රපට කරන්න ගියාම සෑහෙන කාලයක් ගන්නවා. සමහර අයට නම් එහෙම නැහැ. ක්ෂණික නූඩ්ල්ස් වගේ තමයි. ඒකට හේතුව තමයි මිනිස්සු හැටියට අපට තියෙන විවිධ දක්ෂතා.
ඉතින් කාලෙකට ඉස්සර එක්තරා චිත්රපටකරුවෙක් නිර්මාණයක් කරන්න පටන් ගත්තලු. වැඩේනම් හොඳට කරනවා, නමුත් එයාට වැඩ කරන්න සෑහෙන කාලයක් යනවා.
මේකත් සෑහෙන්න ඇදි ඇදී කෙරුණු වැඩක්. අවුරැදු දෙකකටත් වඩා වැඩේ ඇදුණලු.
මේ හේතුව නිසා මේකෙ රඟපාන නළු නිළියන්ට සෑහෙන්න දින ප්රශ්නත් මතු වුණා.
මේකෙ ප්රධාන චරිතය රඟපාන ජනප්රිය නළුවා කොණ්ඩෙට වෙනම හදපු විග් එකක් දාලයි රඟපාන්නෙ.
වැඩේ මේ වගේ ඇදි ඇදී යනකොට අර නළුවා අධ්යක්ෂකවරයාට කිව්වලු මේ විදිහට වැඩේ දිග්ගැස්සුණොත් අනිවාර්යයෙන්ම එයාගෙ ඔළුවට දාපු විග් එකත් ඉදෙයි කියලා.
► Text - Mithra