අඬනවා අඬනවා කෙළවරක් නැති නිසා ලියනවා ලියනවා අඬන උන් ගැන සුදා.
ඔන්න මචෝ අපි ගලපන්න යන්නේ අඬන සින්දු ගැන STORYය. මේක මේ කාලේ තියන Realම Y Trend එකක්. සමහරුන්ට සෝ ආතල්. තවත් සමහරුන්ට පට්ට කරච්චල්. අපේ පැංචොන්ට මේ සීන්කෝන්එක ගැන තියන feeling එක මොකක්ද? ඔන්න අපි අද දෙන ටෝක්වලට රිද්දගන්න ඔට්ටු නෑ හරිය.
සංගීතේ කියන විෂයය සප්ත මහා සාගරේ තරම් විශාලයි කියලා අපේ ලොක්කෝ කියනවා අපි අහලා තියනවා බ්‍රෝ. සිරා කියන්නේ අපි ඔය ගැන දන්න ඉටිගෙඩියක් නෑ බ්‍රෝ. ඒත් ඕකේ රසේ නම් විඳගන්න බැරි කමකුත් නෑ. ඔන්න අපි මේ Trend එක බිහිවුණ විදිහ ගැන තමා මුලින්ම Line කරන්නේ. කාලෙන් කාලේට සංගීත ලෝකේ එක එක ජාතිය Trend හැදෙනවා. ඒවා හිමීට විකාශනය වෙනවා. අපි බලමු මේ අඬන සින්දු විකාශනය වුණ පාර මොකක්ද කියලා සුදා.
හැමකාලේම ඉන්නවා රොමෑන්ස් Feeling තියන Youth Generation එකක්. ඔන්න ජෝතිලා මිල්ටන්ලා හිටපු යුගේ ගැන දන්නවානේ. අර හින්දි මෙලඩි අරන් පැණි බේරෙන වචන දාලා බොක්ක කූල් වෙන්න සි්න්දු කිව්ව කාලේ. ඔන්න ඒකාලේ හිටිය තාරුණ්‍ය ඔය සින්දුවලට පණ ඇරලා හිටියේ. ඒ වගේම ඔය අනූ ගණන්වල නාමල්ලා, ප්‍රින්ස්ලා හිට් වුණ කැසට් යුගේ ගැන අහලා තියනවානේ මචෝ. ඒ කාලේ හිටපු රොමෑන්ස් පොරවල් ඒ සීන් එකට සැරටම ලව් කරන්නම සෙට් වුණා. ඊට පස්සේ මතකද මල් යුගය. සුදු අරලියා මල්, දෙහි මල් වගේ ලෝකේ තියන හැම මලටම සින්දු කිව්ව කාලේ. වැඩි ඈතක නෑ අවුරුදු පහළවකට විස්සකට ඉස්සෙල්ලා. ඒ කාලේ මල් තමා Hitඑක. හැබැයි පැංචෝ මේ කොයි කාලෙත් මේ Lineඑක දිරවන්නේ නැති ඩයල් මේ සිරිලංකා දේශයේ හිටියා. එයාලා ගොඩක් ශාස්ත්‍රීය ප්රබුද්ධ අය. තව අමෙරිකන් යුරෝපීයන් Style Follow කරපු අය. අතරමැද කාලවල මේ අයගේ Music Style වල නිර්මාණත් Hit වුණා. ඒක වෙනම කතාවක්.
ඔන්න මචෝ මතකද ඔය මල් සින්දු කාලේ ලංකාවේ සෑහෙන්න නැගලා ගියා HiPop එක්ක සෙට් වුණ ලයින් එකක්. ඒක ටිකක් වෙනස්. ඔය රොමෑන්ස් ගතියත් පොඩ්ඩක් තිබ්බා. සමහර වෙලාවට ලංකාවේ ජන සංගීතයත් Mix වුණා. මේක විකාශනය වෙවී අවුරුදු කිහිපයක් ඉස්සරහාට ගියා. ඒ අතරේ මේ රොමෑන්ස් ලයින් එකේ අඩුවක් තිබ්බා. අඬන වැළපෙන සීන් එක ආවේ මේ අතරේදී තමා. ඉතින් වැඩේ නැගලා ගියා. ඉතින් සුදා ඕක රොමෑන්ස් සීන් එකේම විකාශනයක් කියලා තමා. හැබැයි ඒක හොඳ ද නරක ද කියන එක වෙනම කතාවක්.
මගේ පැංචියන්ට ඉතිහාස කතාව පැහැදිලියිනේ. ඔන්න අපි ගලපන්න යන්නේ දැන් මේ අඬන සින්දු හදන අයගේ කතාව. මෙහෙමයි මේක පත්තු වුණොත් ගොඩයන වැඩක්. දැන් මේ සින්දු කරන්නේ ගොඩක් වෙලාවට මේ ගායකයෝම නෙවෙයි. එක එක එක මියුසික් කොම්පැණිකාරයෝ. සමහර වෙලාවට ඔය අලුත් ගායකයන් ගෙන් ගාණ කපාගෙන කොම්පැණිකාරයෝ ගේම ගහනවා. You Tube Rights, Ring Tones Rights අරගෙන සින්දුව හිට් වුණාම උන් හම්බකර ගන්නවා. සින්දුවක් කරන උන් හිතන්නේ මේ කාලේ විදිහට ඇඬුවොත් තමා ජනප්‍රිය වෙන්නේ කියලා. ඉතින් අර මියුසික් කඩ කාරයෝ තමයි මචෝ. මේ අඬවැඩියා Song වලින් හම්බකරගන්නේ.
මගේ පැංචෝ දන්නවානේ. තරුණ කාලේ අපි ඇදෙන්නේ රැල්ලටනේ. ඉතින් අපේ ගායකයෝත් මේ රැල්ලට ඇදෙන්නේ අන්න ඒ නිසා. ඒවගේම මේ සින්දු අහන අපේ බ්රෝලා, සිස්ලාත් යන්නේ රැල්ලට තමා. ඒ වුණාට මේවල තියන විශේෂතා මොනවද කියලා ඔන්න අපි හොයලා බැලුවා. ඉස්සර මචෝ ප්‍රේමය, සම්බන්ධතා ඇති වුණ පරිමාවට වඩා අද ප්‍රේමය, සම්බන්ධතා ඇති වෙන ප්‍රමාණය වැඩි. සංස්කෘතික සීමාමායිම් අඩුවෙලා මචෝ. ඒ වගේම ඉස්සර ප්‍රේමයේ කෙළවර විවාහය තිබ්බා අපේ වගේ රටවල්වල වැඩිපුර. දැන් එහෙම නෑ ඇති වෙනවා නැති වෙනවා එකෙකුට දුසිම් ගණන් Love. සීන්එක Simple වගේ පේන්නේ. ඒත් ඔය හැම ලවක් ඇතුළේම සංවේදනා තියනවනේ. ඕක හැඟීමක්නේ අන්න ඒ නිසා අද කාලේ විරහවේ රසය වේදනාවේ රසය Youth එකේ අපේ කෙල්ලෝ, කොල්ලෝ වැඩිපුරත් එක්ක දන්නවා. ඒ රසයට ගැලපෙන සින්දුවලට අපි ආසා කරන්නේ අන්න ඒ නිසා මචෝ.
අඬන ගීත Y Trend එකත් වුණ නිසා. ඒ Trend එකේ රසිකයන්ගේ ස්වභාවයත් පොඩ්ඩක් බලන්න ඕනා මචෝ. මේ සින්දුවලින් බොක්ක කූල් වෙන්නේ අවුුරදු 15 ඉඳන් උඩට. සාමාන්‍යයෙන් රස වින්දනයේදී ඒකට බුද්ධිමටම බලපානවා. ඉතා සරල බසක් ඔස්සේ නිර්මාණය වෙන ව්‍යංගාර්ථ නැති නිර්මාණ ග්‍රහණය කරගන්න රසිකයෝ පිරිසක් කොහෙත් ඉන්නවා. අන්න ඒ අය තමා මේ අඬන ගීත Y Trend එකටත් set වෙන්නේ.
ඒ වගේම මේ සංගීතය බොහෝම ඒකාකාරී වගේම වේදනාකාරී වෙන වෙලාවල් වැඩි. ඒකත් මේ ආකර්ෂණයට හේතු වෙනවා සහෝ. තව දෙයක් තමයි පොඩි පන්ච් එකක් තියෙනවා දුකේත්, ඇඬිල්ලේත් ආතල් එකක් එන්නේ අන්න එතැනින්. මේ සින්දු අහනකොට තමන්ගේ අත්දැකීම් එක්ක සංවේදී වෙන අය ඉන්නවා. ඒවගේම ඇතුළේ තියෙන Music එකේ ආතල් එකට නැටවෙන අයත් ඉන්නවා. මේ දෙකම එකපාර වෙන අයත් ඉන්නවා. හිතින් අඬන ගමන් නටනවා. කොහොමද ඒක.
බස්වල ගොඩක් වෙලාවට දැන් මේ සින්දු දානවා මචෝ. ඉස්සර අරලියා මල් යුගය දැන් ඉවරයි. ඒවගේම You Tube තමයි මේවා හිට් වෙන්න මූලිකම තැන. ඔන්න ඔතනදී තමයි Visual ගැන කතා කරන්න අපිට වෙන්නේ. මා සුදා ඒක වෙනම Trend එකක් පස්සේ දවසක ගලපගමු. ගොඩක් Radio Channel වලත් මේ අඬන සින්දුවලට තැනක් දෙනවා. ඔය චාට් ශෝවල එහෙම. ඒවගේම මේවා කියලා උපරිම ආපූ සෙට් එකට මියුසිකල් ශෝ එහෙමත් තියනවා සෑහෙන්න. අපේ සුදු නංගිලාත් මේවට Like. ඒවගේම සමහරු එළිපිට බැනලා හැංඟිහොරා මෙව්වා අහනවා.
අඬන සින්දුවට බණින එකත් පොඩි Trend එකක්. ඒක නම් ඔය Feild එකේ ලොක්කෝ තමා කරන්නේ. තව ඉතින් ඔය ප්රබුද්ධ මානසිකත්වයේ රසිකයොත් එහෙමයි. පහුගිය දවස්වල ලංකාවේ ප්‍රසිද්ධ Radio Channel එකකුත් මේ සින්දු ප්‍රචාරය නැවැත්තුවා දන්නවානේ මචී. ගොඩක් වෙලාවට මේ සින්දුවල කොල්ලෝ මීහරක් වගේ අඬනවා කියන එකත් නිතර කියවෙන කතාවක්. කොහොම වුණත් මේ කතාවලත් ඇත්තක් නැත්තේම නෑ. ඒ වුණාට මේවා අහන රසිකයෝ පිරිසක් ඉන්නවා කියන එක අපිට අමතක කරන්න බෑනී මචෝ.
මා ආදර සුදු පැංචෝ පැංචියෝ මෙව්වා අහනවා කියලා ඉතින් මම දන්නවා.. ඔයාලගේ හාර්ට් එකට ඌවා වුණා නම් සොරි ඈ. ඔන්න සතුටු හිතෙන දෙයක් අවසාන වශයෙන් ගලපන්නම්. ඉස්සර ජෝතිලාගේ සින්දු අහපු ලොක්කෝ අද මේ සීන්එකට බනිනවා. ජෝතිලා සින්දු කියන කාලේ හිටපු සමහර ලොක්කෝ ඒකට අකැමැති වුණා. ඕක තමා ලෝක සොබාවය. අද මේවා අහන සුදාලා වයසට ගියාම ඒ කාලේ ඒවලට බනිවී. නිර්මාණයක ගුණඅගුණ කියන්න බෑ මචෝ. මොකද ඒවා බිහි වෙන්නේ ඒ ඒ සමාජය තුළ මිනිසුන්ගේ ස්වභාවය තුළින්. මේ සින්දු ගොන්නම් මේ රටමත් ගොන්. ආ එහෙමනම් රටේ මිනිස්සු වෙනස් වෙන්න ඕනෑ. නිර්මාණය වෙනස් වෙන්න. ඒක ලේසි නෑ සුදෝ.
► Text - Nisal / Pic – Internet