අමා.. අපිට ඔයා ගැන පොඩි විස්තරයක් කියන්න...?
මගේ නම අමා රවීණා. වයස අවුරුදු විසි දෙකයි. දැන් මම පදිංචිවෙලා ඉන්නෙ දෙහිවල. මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි මල්ලියි. මම පවුලේ වැඩිමලා. මම පුංචි කාලේ හිටියෙ මාතර.
පාසල් ගියේ කොහාටද..?
මම ඉගෙන ගත්තෙ මාතර ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලයෙන්. මුලින් අපි පදිංචිවෙලා හිටියෙ මාතර ටවුමේ. ඉස්කෝලෙ දී මම ක්‍රීඩාවට ගොඩක් සම්බන්ධ වුණා. ඒ වගේම නැටුම්වලටයි සංගීතයටයි දෙකටම සම්බන්ධවෙලා වැඩ කළා. පාසලේ තිබුණු ප්‍රසංගවලට, තරගවලට මම සංගීතයෙන් නර්තනයෙන් සම්බන්ධ වුණා. පුංචි කාලේ මම හරිම දඟයි. ඉස්කෝලෙදීත් යාළුවෝ එක්ක ඇති තරම් සෙල්ලම් කළා. නංගියි මල්ලියි මට වඩා ගොඩක් පොඩියි. හැබැයි මම ඒ දෙන්නත් එක්කත් සෙල්ලම් කළා.
පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔබ නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොහොමද..?
පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ ළදරු පාසල් ඩිප්ලෝමාවක් කළා. අද වන විට මම මහරගම ජාත්‍යන්තර ළදරු පාසලක ගුරුවරියක් විදිහට සේවය කරනවා.
ගුරු වෘත්තිය කරන ගමන් තමයි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. පුංචි කාලේ ඉඳන්ම මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ආස කළා. ලස්සනට අඳින්න පළඳින්න ආස කළා. ටී.වී. එකේ ලංකාවේ වගේම පිටරට නිරූපණ ශිල්පිනියන් පෙන්වද්දී මම ඒ දිහා බලාගෙන හිටියා. ඒ අය ඇවිදින විදිහට මාත් ඇවිද්දා. ලිප්ස්ටික් ගෑවා. එක එක විදිහට කොණ්ඩ මෝස්තර දැම්මා. පුංචි කාලේ ඉඳන්ම මම ඒ විදිහට හැඩ වෙන්න ආස කළා.
නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ගැන අමාට මව්පියන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද..?
මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවට අම්මයි තාත්තයි දෙන්නගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. අදටත් ඒ සපෝට් එක මට තියෙනවා. මොඩ්ලින් කරද්දී කොටට අඳිනවා කියලා ඒ දෙන්නම දන්නවා. ඒ නිසා එහෙම අඳිනවාට අකමැත්තක් තිබුණෙ නැහැ. මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධවෙලා තවම පොඩි කාලයයි. මම මේ ක්ෂේත්‍රයට ආවේ ඒ සම්බන්ධව ගුරුවරයෙකු යටතේ ඉගෙනගෙන නෙමේ. ඒ නිසා ඉදිරියේ දී ඒ සම්බන්ධව හොඳ ගුරුවරයෙකු යටතේ ඉගෙන ගන්න ආසයි.
ඔබට රංගනයටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණද..?
ඔව්.. නිරෝෂන් ඉලේපෙරුම මහත්මයාගේ ධරණී කියන ටෙලිනාට්‍යයේ මම පාසල් ශිෂ්‍යාවකගේ චරිතයක් රඟපෑවා. ඒක මීට ටික කාලයකට උඩදී විකාශය වුණා. මේ වන විට සඳුන් රාජකරුණා මහතා අධ්‍යක්ෂණය කරන, නීල පබළු කියන ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නත් මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක හරි ලස්සන නාට්‍යයක්. ළඟදීම මම රඟපාන චරිතය නීල පබළු හරහා දැකගන්න පුළුවන් වේවි. රංගනයෙන් මම ඒ නාට්‍ය දෙකට තමයි සම්බන්ධ වුණේ. මීට අමතරව මම මියුසික් වීඩියෝ දහයකට පමණ සම්බන්ධවෙලා තියෙනවා.
නිරූපණ ක්ෂේත්‍රය තුළ අමාගේ බලාපොරොත්තු මොනවද..?
ඉදිරියේ දී නිරූපණ ක්ෂේත්‍රය සම්බන්ධව ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි මගේ හීනය වුණේ. දක්ෂ නිරූපිකාවක් වෙන්න මම ආසයි. ඒ ඔස්සේ තරගවලට සම්බන්ධවෙලා ජයග්‍රහණ ලබාගන්නත් මම කැමතියි.
► Text - Dishani / Pic - Malaka