ඡායාරූපකරණය කියන්නේ කා අතරත් ඉතා ජනප්‍රිය මාතෘකාවක්. ඡායාරූප ශිල්පය ඩිජිටල් වීමත් සමගම එයට ආකර්ෂණය වන පිරිසද වැඩි වුණා. හැබැයි ඉතින් නිකම්ම බොත්තමක් ඔබලා කැමරාවකින් පින්තූර ගන්න පුළුවන් වුණාට ඡායාරෑපකරණය කියන්නේ න්‍යායික මෙන්ම ප්‍රයෝගිකව ද හොඳින් ඉගෙන ගත යුතු විෂයක්.
අන්න ඒ විෂය හොඳින් ඉගෙන ගත්ත මල්ලිලා නංගිලා ටිකක් පසුගියදා තමන් හැදෑරූ ඡායාරූපකරණ පාඨමාලාව අවසන් කළා. කැමරා එල්.කේ ආයතනයට අනුබද්ධ කැමරා එල්.කේ ඇකඩමි හි පාඨමාලාව අවසන් කල සිසු සිසුවියන්ට සහතිකපත් ලබා දීමේ උත්සවයක් කොළඹ අයි.සී.බී.ටී ආයතන ශ්‍රවනාගාරයේදී පසුගියදා පැවැත්වුණා. මෙරට ඡායාරූප ශිල්පය නගා සිටුවීමට මෙහෙවරක් කළ ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් කිහිපදෙනෙකු ද ඇගයීමට ලක් කරන්න සංවිධාකයින් මෙහිදී කටයුතු කළා. අද අපේ event of the week පිටුව වෙන්වන්නේ Camera LK Academy වෙනුවෙනි.
I Romesh Dhanushka Silva