2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

කඳුහෙල් මැද්දෙන් රජ කාලෙට ගමනක්

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 248

රජුන් දවස මතක ඉතුරු වුණ නගරයක් හොයාගෙන තමා මේ සතියේ අපි ගියේ. කඳු හෙල් පිරුණු රාජධානියක රාජ තේජස කොහොම වෙන්න ඇත්ද කියලා ඒ නගරය අදටත් සාක්ෂියක්. ඔන්න එහෙනම් දැන් අපි ඉන්නේ දඹදෙණියේ. 
ක්‍රි.ව. 1232 සිට 1236 දක්වා වූ තුන්වන විජයබාහු රජු පාලන සමය තුළ කාලිංඝ මාඝගෙන් මායා රට බේරාගත් තුන්වන විජයබාහු රජු  බෙලිගල නව දළදා මැදුරක් තනවා දළදාවට එහි පූජෝපහාර දැක්වූවා. ඉන් පසු දඹදෙණිය අගනුවර කරගෙන රාජ්‍යත්වයට පත්වූ දෙවන පරාක්‍රම බාහු රාජ්‍ය සමය දමදෙණි යුගයේ දීප්තිමත්ම කාල පරිච්ඡේදයක්.

ක්‍රි.ව. 1236 සිට 1270 වූ මේ කාලය තුළ සංස්කෘතික පුණර්ජීවනයක් රට තුළ ඇතිවුණා. සිංහලයේ විශිෂ්ට ගී කාව්‍ය වන කවිසිළුමිණ දැයට දායාද කළේ මේ රජු. දඹදෙණිය රජ කළ දෙවන පරාක්‍රමබාහු රජුගේ පුත්‍රයා වූ හතර වන විජයබාහු ක්‍රි.ව. 1270 සිට 1272 කාලය තුළ මෙම බලකොටුව තවත් දියුණු කළා. මෙම බලකොටුව වටා දියඅගලක් හා ප්‍රකාරයක් මෙකල බඳවා තියෙනවා. 

දඹදෙණි රාජධානිය පිහිටා තිබෙන්නේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. මෙම නගර පුරා විද්‍යාත්මක වැදගත්කමක් ඇති නගරයක්. අපට සඳකඩ පහන්, අලංකාර බිතුසිතුවම් සහ මෙහි ඇති දළදා මන්දිරය ඉතිහාසය උදෙසා අපූරු සාක්ෂියක්. ලංකාවේ ඇති පැරැණිතම දළදා මන්දිරය තිබෙන්නේ මේ රාජධානියේ. මෙම දළදා මන්දිරය අවුරුදු 800ක් පැරුණි බව තමයි ඉතිහාසය කියන්නේ. 

ඉතින් ඔයාට වෙලාවක් තිබුණොත් දඹදෙණි රාජධානිය බලන්න ගිහින් එන්න.

 

► Text & Pic- Channa kassapa koralearchchi