2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

දේශපාලනෙයි අමුතු ආදරෙයි

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 43

හැඩිදැඩි මනුස්සයෙක්ට ඉන්දියාවේ ප‍්‍රාන්තයක ප‍්‍රධාන දේශපාලකයෙක් එක්ක එකමුතු වෙලා දේශපාලනය කරන්න ලැබෙනවා. තරුණ වියේ පසු වෙන ඔහුගේ දේශපාලන නායකයා එක්වරම අසනීප වෙලා ලෙඩ ඇඳට වැටෙනවා. ඔහු මැරෙන වෙලාවේ මේ තරුණයා හැඩි දැඩි තරුණයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ මොකක්ද දන්නවද? කඩවසම් තරුණ පුතෙක්ගේ මවක් වන වැන්දඹු තම දියණිය විවාහ කරගෙන දේශපාලනය කරන එකයි ඒ ඉල්ලීම වුණේ. අද අපේ කතාවේ නායකයා තමන්ගේ ලොක්කගේ කීමට එකඟ වෙලා ඒ වැන්දඹු කාන්තාව විවාහ කරගන්නවා. නමුත් ඇයගේ පුතා ඒ පුද්ගලයාට වෛර කරනවා තමන්ගේ මව විවාහ කරගත්තට. ඒත් වැඩේ කියන්නේ අපේ කතාවේ නායකයා තමන් විවාහ කරගත් කාන්තාවගේ පුතාට තමන්ගේ පුතෙක්ට වගේ ආදරය  කරනවා. නමුත් පුතා ඔහුට වෛර කරනවා. ඒ අතරේ ඔහුගේ විරුද්ධ දේශපාලන පක්ෂයෙනුත් ඔහුට එක එක විදියේ තාඩන පීඩන. අන්න ඒ වෙලාවේ අද අපේ කතාවේ නායකයා කියන්නේ මෙන්න මෙහෙම කතාවක්.

‘‘වැළඳගත්තොතින් රාමායනය පටන් ගන්නවා. ආයුධ අතට ගත්තොත් මහාභාරත්. තීරණය ඔයා කරන්න. රාමායනයද? මහාභාරතයද?
ගහමරා ගැනීම් ගිනි තියාගන්න ඒවා, වෙඩි තියාගන්න ඇඟ කිලිපොලා යන දර්ශනවලින් සපිරි ප‍්‍රස්තානම් කියන හින්දි සිනමාපටයේ කතාව ගැනයි මම ඔබට කිව්වේ. ප‍්‍රස්තානම් කියන මේ හින්දී සිනමාපටය 2019 සැප්තැම්බර් 20 වැනිදා පටන් තිරගත වන අතර මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ දේවා කට්ටා වන අතර නිෂ්පාදනය කරලා තියෙන්නේ සංජය දත් ප‍්‍රඩක්ශන් ආයතනය සහ සංජේ දත්ගේ බිරිඳ මන්යාතා දත් විසිනුයි. මේ හින්දි සිනමාපටය හදන්න කලින් මේ සිනමාපටයේ රචකයා වගේම අධක්ෂකවරයා වන දේව කට්ටා විසින් 2010 වසරේදී මේ සිනමාපටය තෙලිඟු සිනමාපටයක් විදිහට හදලා තියෙනවා. ඉල්ලෙයියාරාජා විසින් සංගීතවත් කර තියෙන මේ හින්දී සිනමාපටය ඔන්න ඔබට 2019 සැප්තැම්බර් 20 වැනිදා පටන් නරඹන්න හැකියාව තියෙනවා. මේ සිනමාපටයේ ප‍්‍රධාන චරිතය වන දේශපාලකයාගේ චරිතය වෙන්නේ බාල්දේව් ප‍්‍රතාප් සිං. 

දැන් කියන්න හදන්නේ අන්න ඒ බාල්දේව්ගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. මෙන්න මේ සිනමාපටවලින් ඔබ ඔහුව දැකලා තියෙන්නම ඕන.

Rocky (1981), Naam (1985) Jeete Hain Shaan Se (1988), Mardon Wali Baat (1988), Ilaaka (1989), Hum Bhi Insaan Hain (1989) Kanoon Apna Apna (1989). Saajan (1991)  Khalnayak (1993).Vaastav: The Reality (1999). Mission Kashmir (2001),Munna Bhai M.B.B.S. (2003 Lage Raho Munna Bhai (2006).Dhamaal (2007), Shootout at Lokhandwala (2007), All the Best (2009), Double Dhamaal (2011), Son of Sardaar (2012) Agneepath (2012) PK.

1959 ජූලි 29 වැනිදා ඉන්දියාවේ එදා බොම්බේ වන අද වන වනවිට මුම්බායි වුණු ප‍්‍රදේශයේ ඉපදිලා එහෙම ජීවත් වෙන මේ කියන පුද්ගලයා නළුවෙක් වගේම සිනමාපට නිෂ්පාදකයෙක් ද වෙනවා. 1981 පටන් හින්දි සිනමාවේ දස්කම් පෙන්වන මේ පුද්ගලයා විවාහනම් කිහිපයක්ම කරගත්ත කෙනෙක්. 1987 රිචා ශර්මා එක්ක විවාහ වුණත් ඇය 1996දී මියයනවා පිළිකාවකින් පීඩා විඳලා. ඊට පස්සේ රියා පිල්ලේ එක්ක 1998 වසරේදී විවාහ වන අතර ඇය 2008දී ඔහුගෙන් දික්කසාද වෙනවා. අන්න ඊට පස්සේ 2008 වසරේදීම ඔහු මන්යාතා දත් එක්ක විවාහ වුණා. දරුවන් තිදෙනකුගේ පියෙක් වන ඔහු වෙනින් කවුරුවත් නෙවෙයි ජනප‍්‍රිය සිනමාපට නළුවෙක් වන සුනිල් දත්ගේ සහ සිනමා නිළියක් වන නාර්ගීස්ගේ පුත‍්‍රයා සංජේ දත්. සිනමාපට 187ක පමණ රංගනයෙන් දායකත්වය දීලා තියෙන සංජේ දත් සිනමා සම්මාන රාශියක්ම තමන්ගේ නමට වෙන්කරගන්න සමත්කම් දක්වා තියෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. දැන් ඔබට කියන්න හදන්නේ ඉන්ස්පෙක්ටර් රාගව්ගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. ඔහු ගැන කියන්න කලින් ඔබටම ඔහු කවුද කියන එක අනුමාන කරගන්න මෙන්න මේ ඔහු කලින් රංගනයෙන් හැඩ කළ ඔහුගේ සිනමාපට ටිකක් සඳහන් කරලා ඉන්නම්කෝ.

1982Swami Dada. 1983 Hero,Andar Baahar. Jaanoo Yudh, Kaash.Ram Lakhan, Tridev, Parinda, Saudagar, Angaar, Gardish, Khalnayak, 1942: A Love Story, Rangeela, Agnisakshi, Border,2006 Bhoot Unkle,
1957 පෙබරවාරි 01 වැනිදා ඔහු උපදින්නෙත් මුම්බායි නගරයේ. 1978 පටන් හින්දී සිනමාව නියෝජනය කරන ඔහු නිරූපණ ශිල්පියෙක්, නළුවෙක් වගේම සිනමාපට නිෂ්පාදකවරයෙක් ද වෙනවා. 1987දී අයේශා දත් එක්ක විවාහ වුණු ඔහුට දරුවන් දෙදෙනෙක් සිටින අතර එක් අයෙක් හින්දි සිනමාවේ මේ වෙද්දී ඔබ දන්න කියන ආදරය කරන කෙනෙක් බවට පත්වෙලා ඉන්නේ. සිනමාපට 220ක පමණ චරිත හැඩ කරන්න එකතුවෙලා තියෙන මේ නළුවා වෙනින් කවුරුවත් නෙවෙයි ජැකී ශරොෆ්. ඔහු තමයි මේ සිනමාපටයේ ඉන්ස්පෙක්ටර් රාගව්ගේ චරිතයට පණ පොවන්නේ.

දැන් ඔබට කියන්න හදන්නේ සුක්මිනිගේ චරිතයට පණ පොවන ඇය ගැනයි. ඇය ගැන කියන්න කලින් මෙන්න මේ සිනමාපටවල හිටිය සුරූපිනිය ඔබට මතකයිද කියලා බලන්නකෝ. ආ තව දෙයක් ඇය කැන්සර් එකකින් පීඩා විඳලා සුවවෙමින් ඉන්න කෙනෙක් කියන එකත් කියන්නේ ඔබට ඇයව මතක් කරගන්න පහසු වෙන්නයි.

Pheri Bhetaula (1989) Saudagar (1991). 1942: A Love Story (1994)Bombay (1995), Agni Sakshi (1996), Indian (1996), Gupt: The Hidden Truth (1997), Kachche Dhaage (1999), Company (2002) Ek Chhotisi Love Story (2002). Khamoshi: The Musical (1996),Dil Se.. (1998), Lajja (2001) Taliban (2003).

1970 අගෝස්තු 16 වැනිදා නේපාලයේ කත්මන්ඩුවල තමයි ඇය ඉපදෙන්නේ. 1989 වසරේ පටන් ඇය නිළියක් විදිහට හින්දි සිනමාව නියෝජනය කරනවා. 2010 වසරේදී සම‍්‍රත් දහාල් එක්ක විවාහ වුණු ඇය 2012 වසරේදී දික්කසාද වෙනවා. ඇය ප‍්‍රකාෂ් කොයිරාලගේ දියණිය වන මනීෂා කොයීරාල. ඇය තමයි මේ සිනමාපටයේ සුක්මිනිගේ චරිතයට පණ පොවන්නේ.

සංජේ, ජැකී, මනීෂට අමතරව අලී ෆසාල්, චුන්කි පාන්ඩේ, සත්‍යජිත් ඩූබේ සහ අමියිරා දස්තූර් කියන නළු නිළියොත් මේ සිනමාපටය හැඩ කරන්න චරිතයන්ට පණ පොවන්න එකතු වෙලා ඉන්නවා.

 

► Translation — Chandana Waravitage