2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

පොල් කරූගේ පොලිටික්ස් රොබා

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 47

පොල් කරූගේ වැඩක් ගැන තමා අද YouTube Hit එකෙන් කතා කරන්න හිතුවේ. ලංකාවේ ජනප්‍රිය YouTube කෙනෙක් වුණු පොල් කරූ ගැන කවුද නොදන්නේ. අපි කලින් මෙයාගේ වැඩ ගැන කතා කළා. ඔහු Facebook එකෙන් Hit වෙච්ච චරිතයක්. පොල් කරූ ගැන කෙටියෙන් ආයේ මතක් කරනවානම් පොල් කරූ YouTube Channel එක පටන් අරගෙන ලොකු කාලයක් නෑ. Subscribe ලා 125k වගේ ඉන්නවා.

අද අපි කතා කරන්නේ අන්තිමටම පොල් කරූ කරලා තිබ්බ  මිනිත්තු 3 යි තත්ත්පර 54 ක් වුණු ජයසෙන් රොබෝ කියන වීඩියෝ එක ගැන. අපි බලන මොහොත වෙනකොට දවස් දෙකක්  ඇතුළත Views ලක්ෂයක් විතර තිබ්බා මේ වීඩියෝ එකට. ඒ නිසා කරූගේ මෑත වීඩියෝ අතර ඉහළ ප්‍රසාදයක් මීට ලැබෙයි කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. 

කතාව සරලව කෙටියෙන් කියනවානම් ඇමැතිවරයෙක් මහාචාර්යවරයෙක් මුණගැහෙන්න යන සිදුවීමක් තමයි මෙහි ඇතුළත් වෙන්නේ. මහාචාර්යවරයා නිෂ්පාදනය කරපු හිතන්න, කතා කරන්න පුළුවන් රොබෝ කෙනෙක් ඇමැතිට පෙන්නනවා. එතැන දී දේශපාලන ප්‍රහසනය රොබෝ හරහා මතු කරනවා. මහාචාර්යවරයාගේ වගේම රොබෝගෙත් චරිත කරන්නේ කරූ විසින්. 

පොදුවේ කරූගේ ගොඩක් වීඩියෝවල වගේම මේ වීඩියෝ එකෙත් සරල කතාවක් තමා යොදාගෙන තියෙන්නේ. ඒත් කරෑගේ මුල් කාලීන වීඩියෝ දිහා බැලුවාම දැන් යම් කතා සරයක් ගොඩනැගිලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. කරූගේ ද්විත්ව චරිත නිරූපණය එන්න එන්නම වර්ධනය වෙනවා කියලයි අපිට පේන්නෙ. 

වීඩියෝකරණය වගේම සංස්කරණයත් තරමක් ඇතිවෙලා තියෙනවා.  සංකීර්ණ නෑ. ඒත් වෘත්තීමය ගතියක් මතු වෙනවා. ඒක අපි පහුගිය වීඩියෝ කිහිපයකම දැක්කා. ද්විත්ව චරිත නිරූපණය නිසා ෂොට් දෙක මාරැ වෙනවා. හැබැයි මෙතනදී ඒක කතාවේ ගලා යාමට බාධාවක් වෙන්නේ නෑ. ඊට අමතරව වීඩියෝවේ ආරම්භය වෙනුවෙන් ගන්න කාලය ගැන ප්‍රශ්නයක් තිබ්බත් දමිළ සිනමාපටයක ස්වභාවය ගන්න කැමරා කෝණ කිහිපයක් දැකගන්න පුළුවන්. ඒක පොල් කරෑගේ YouTube Channel එකේ නව ප්‍රවණතාවයක්. 

ඉස්සර අපි කිව්ව දෙයක් තමයි කරූගේ ගොඩක් නිර්මාණවලදී රංගනයට දෙබස්වලට විතරයි තැන දෙන්නේ කියලා. කැමරාකරණය සංස්කරණය තුළින් නිර්මාණයක දෙයක් මතුවෙන්නේ ගොඩක් අඩුවෙන් කියලා. නමුත් මෑතක ඉඳන් ඒ තත්ත්වය සැලකිය යුතු ප්‍රමාණයකින් වෙනස් වෙලා තියෙනවා. ඒත් එදත් අදත්  කරූගේ වීඩියෝ ප්‍රසිද්ධයි. ඒ ඔහු තුළ තියෙන හැකියාව.

කොහොම වුණත් අපි හැමදාම කියනවා වගේ අදත් කියනවා පොල් කරූ කියන්නේ අහිංසක ගැමියෙක්. සමාජ මාධ්‍ය හරහා මතුවුණු වැඩිහිටි කලාකරුවෙක්. ඔහුගේ හැකියාව ඔපමට්ටම් කරලා ගත්තොත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට කරූගෙන් වැඩක් ගන්න පුළුවන්. 

 

► Text - Nisal   /  Pic – Internet

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00