2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

ඇහුවාම උඩ යන තරුවක ගාණ... 02

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 139


10. අනුෂ්කා ශර්මා - 
කෝටි 09යි. (ඩොලර් මිලියන1.3යි)
Anushka Sharma — 9 Crores ($ 1.3 Million)

වැඩියෙන්ම අයකරන නිළියන්ගේ ලැයිස්තුවේ 10 වැනි ස්ථානය හිමිකරගෙන තියෙන්නේ ජනප‍්‍රිය ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලිගේ බිරිඳ අනුෂ්කා ශර්මා විසිනුයි. ඇය එක සිනමාපටයක් වෙනුවෙන් කෝටි 08ක් අයකරනවා.

11. පරිනිතී චොප්රා - 
කෝටි 7.5යි. (ඩොලර් මිලියන 1.0යි)
Parineeti Chopra — 7.5 Crores ($ 1.0 Million)

නැශනල් අවෝර්ඩ් හිමිකරගෙන ඉන්න පරිනිතී වර්තමානය වනවිට වැඩිම ඉල්ලුමක් තියෙන සහ කාර්යබහුලම නිළියන්ගෙන් කෙනෙක්. ඇය එක සිනමාපටයක් සඳහා කෝටි 7.5ක් අයකරන අතර තව ටික දවසකින් ජබාරිය ජෝඩී, භුජ් ද ප‍්‍රයිඩ් ඔෆ් ඉන්ඩියා, සයිනා නෙහ්වාල් චරිතාපදානය, සන්දීප් ඕර් පින්කි ෆරාර් සහ ද ගර්ල් ඔන් ද ‍ට්‍රේන් කියන සිනමාපටවලින් ඇයව දකින්න පුළුවන්.

12. සෝනක්ෂී සිංහා - 
කෝටී 07යි. (ඩොලර් මිලියන 1.0යි)
Sonakshi Sinha — 7 Crores ($ 1.0 Million)

සෝනක්ෂී සිංහා කියන්නේ බොලිවුඩයේ ඉහළින්ම නම කියැවෙන සිනමා තාරකාවක්. වෘත්තිය ජීවිතය මනාව පවත්වාගෙන යන ඇය එක සිනමපටයක් සඳහා කෝටි 07ක් අයකරනවා. සෝනක්ෂිගේ රංගනයෙන් හැඩවුණු ඛාන්දානී සෆඛානා, මිශන් මන්ගල්, දබාන්ග් 03 සහ භුජ් ද ප‍්‍රයිඩ් ඔෆ් ඉන්ඩියා කියන සිනමාපට දැනට ඔබට නරඹන්න පුළුවන්.

13. ඵෙශ්වර්යා රායී භච්චන් - 
කෝටි 06යි. (ඩොලර මිලියන් 0.8යි)
Aishwarya Rai Bachchan — 6 Crores ($ 0.8 Million)

ඵෙශ්වර්යා මේ වෙනකොට හොඳ ගෘහණියක් වශයෙන් නම කියවෙනවා වගේම ඇය දැනටමත් ජනප‍්‍රිය රූමත් නිළියක් විදිහටත් කටයුතු කරනවා. ඇය එක සිනමාපටයක් සඳහා කෝටි 06ක් අයකරන අතර ටනාජී සහ ද අන්සුන්ග් වොරියර් කියන ඇයගේ රංගනයෙන් හැඩවුණු සිනමාපට ද්විත්වය තිරගත වෙන්න තියෙනවා.

14. ජැකලින් ෆර්නැන්ඩස් -
 කෝටි 05යි. (ඩොලර් මිලියන 0.7යි)
Jacqueline Fernandez — 5 Crores ($ 0.7 Million)

වාණිජ හින්දි සිනමාවේ දස්කම් දක්වන ශ්‍රී ලාංකික නිළියක් වන ජැකලින් එක සිනමාපටයක් වෙනුවෙන් කෝටි 05ක් අයකරනවා. ඉදිරි කාලයේදී ඇයගේ රංගනයෙන් හැඩවුණු ඩ‍්‍රයිව්, හමාරී ශාදී සහ ඩෑන්සින් ඩෑඩ් කියන සිනමාපට තිරගත වෙන්න තියෙනවා.

15. ඩීශා පටානී - 
කෝටි 04යි. (ඩොලර් මිලියන 0.5යි)
Disha Patani — 4 Crores ($ 0.5 Million)

100ක්ම සාර්ථක නිළියක් වෙමින් ඉන්න ඩීශා පටානී එක සිනමාපටයක් වෙනුවෙන් කෝටි 04ක් අයකරනවා. ආදිත්‍ය රෝයී කපූර් එක්ක රංගනයෙන් හැඩවෙන්න මලාන්ග් තමයි ඇගේ ඉදිරියේදී තිරගත වෙන්න තියෙන සිනමාපය වන්නේ.

16. ක‍්‍රිටී සැනෝන් - 
කෝටි 03යි. (ඩොලර් මිලියන 0.4යි)
Kriti Sanon — 3 Crores ($ 0.4 Million)

ක‍්‍රිටී සැනොන් කියන්නේ ‍යෞවනයන් අතර ගොඩාක් ජනප‍්‍රිය තාරකවක්. ඇය මේ වෙනකොට එක සිනමාපටයකට කෝටි 03ක් අයකරනවා. ඉදිරියේ දී ඇගේ රංගනයෙන් හැඩවුණු හවුස් ෆුල් 04, අර්ජුන් පටියාලා සහ පනිපාත් අමෝන්ග් කියන සිනමාපට තිරගත වෙන්න තියෙනවා.

17. තපස්සී පන්නූ - 
කෝටි 2.05යි. (ඩොලර් මිලියන 0.3යි)
Tapsee Pannu — 2.5 Crores ($ 0.3 Million)

තපස්සී පන්නු කියන්නේ බොහොම දක්ෂතා තියෙන නවක නිළියක්. ඇය එක සිනමාපටයක් සඳහා කෝටි 2.5ක් අයකරනවා. ඇයගේ රංගනයෙන් හැඩවුණු මිශන් මන්ගක් සහ සෑන්ඩ් කී ආංඛ් කියන සිනමාපට ඉදිරියේ දී තිරගත වෙන්න තියෙනවා.

18. කියාරා අද්වානී - 
කෝටි 02යි. (ඩොලර් මිලියන 0.3යි)
Kiara Advani — 2 Crores ($ 0.3 Million)

කබීර් සිං කියන හින්දි සිනමාපටයෙන් ජනප‍්‍රියත්වයට පත්වූ කියාරා අද්වානී යෞවනයන් අතර වර්තමාන්යේ උන්මාදයක බවට පත්වෙලා අහවරයි. ඇය එක සිනමාපටයක් සඳහා කෝටි 02ක් අයකරනවා. භූත් ද හෝන්ටඩ් ශිප් සහ ලක්ෂ්මී බොම්බ් කියන සිනමාපට තමයි ඇයගේ රංගනයෙන් හැඩවුණු ඉදිරියේදී තිරගත වෙන්න තියෙන සිනමාපට වෙන්නේ.

 

► Translation — Chandana Waravitage

 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00