අපේ රටේ මිනිස්සු කොච්චර හොඳද කියලා හිතෙනවා සමහර රටවල්වල මිනිස්සු හැසිරෙන විදිහ දැක්කම.
මේකත් චිත්‍රපට දර්ශන තලයකදී ඇසුණු ලස්සන කතාවක්.
ඔන්න එකමත් එක රටක හිටියලු ඇමැති කෙනෙක්. ඔහුට අලුතින් පත්වීමක් ලැබිලා ඒ රටේ කෘෂිකර්ම ඇමැති හැටියට.
ඔන්න දැන් ඉතින් වැඩ බාරගන්න දවස ආවලු.
අමාත්‍යංශයේ වැඩ බාර අරගෙන පොඩි කතාවක් කරන්න කියලා ඔහු නැඟිට්ටා විතරලු, ඔහුට හතර වටින්ම කුණු තක්කාලි, කුණු පළතුරුවලින් ප්‍රහාරයක් එල්ල වුණාලු.
මෙච්චර දෙයක් සිදුවෙලත් මේ ඇමැතියා කියනවලු ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා කෘෂිකර්ම ඇමැති හැටියට පත්වීම ගැන. කියලා. ඔහු ළඟින් හිටිය අය ඔහුගෙන් ඇහුවලු ඇයි එහෙම කියන්නෙ කියලා.
අයිසෙ මම සතුටු වෙනවා මම මේ රටේ කර්මාන්ත ඇමැති නොවීම ගැන. එහෙම වුණානම් මම අද කන්නෙ බරපතළ දේවල් වලින්නෙ.
අද කාලෙ ජංගම දුරකතනය තරම් සන්නිවේදනයට පාවිච්චි කරන වෙනත් දෙයක් නැති තරම්. ඒ තරමට මිනිස්සු අතර එය ප්‍රචලිත වෙලා.
එදා SMS, තිබුණට තාක්ෂණයේ වේගවත් වර්ධනයත් සමඟම වෙනත් ක්‍රම රැසක් ජංගම දුරකතනය හරහා සන්නිවේදන කටයුතු සඳහා පාවිච්චි කරන්න පුළුවන්.
ඒත් බොහෝ දෙනෙක් තාමත් SMS නැත්නම් කෙටි පණිවිඩ යවන්නෙ ඉංග්‍රීසි අක්ෂර භාවිත කරගෙන.
අද රෑට රොටි කමුද? කියලා ලියන්නෙ Adareta roti kamuda කියලා. දැන් ඔය පණිවිඩේ කියවන මනුස්සයෙක් ඕක තේරුම් ගන්නෙ වෙනත් විදිහකට. ආදරේට රොටි කමුද? කියලා.
අපේ ගෙවල් කිට්ටුව තරුණ ළමයි සංවිධානය කළ පුංචි දන්සලකට ආධාර ලබාගන්නත් ඒ ළමයි ඉංග්‍රීසියෙන් සිංහල කෙටි පණිවිඩ යවලා තියෙනවා අහළ පහළ අයට.
Puluwannam Apata Podi Adarayak labadenna (පුළුවන්නම් අපට පොඩි ආදරයක් ලබා දෙන්න.)
► Text - Mithra