Youtube Hit වලින් අද අරගෙන ආවේ අලුත් Youtube Channel එකක් ගැන කතාවක්. මේක දැනට මාසයකට වගේ උඩදී පටන් අරගෙන තියෙන්නේ. නම යකඩ බයිට් ප්‍රධාන චරිත දෙකක් හරහා ගොඩනැගෙන කතා තමා මෙතැනදී ඉදිරිපත් කරන්නේ. මේ චැනල් එකේ විශේෂත්වය තමයි වීඩියෝ කරන ගැන යම් අත්දැකීම් සහිත නිර්මාණය වුණු බවක් පෙන්නෙ තිබීම. අපි තෝරගත්තේ සුන්දර ස්ත්‍රී කියන Video වට 1.8 k වගේ Views ප්‍රමාණයක් තිබ්බා. විනාඩියයි තත්ත්පර හතළිස් අටක් වගේ තමයි මුළු ධාවන කාලය.
කතාව ඉතාම සරලයි. චිත්‍ර ශිල්පියෙක් සහ මාධ්‍යවේදියෙක් අතර ඇතිවෙන කතාවක් තමා මෙතැනදී ඉදිරිපත් වෙන්නේ. සැබෑම ප්‍රහසනය නිර්මාණය වෙන්නේ අවසාන දෙබස් කාණ්ඩයෙන්. මේ කතාවන් තරමක් ගැඹුරු ප්‍රහසනයක් ඉදිරිපත් වෙනවා. Youtube වලට රංගනයක් මෙහි අන්තර්ගතයි. ඒත් සංවර්ධන වෙන්න ඕනෑ පැති ඒ තුළ තියෙනවා. සාමාන්‍යයෙන් අපි හැමදාම කියන විදිහට කතාව ගොඩනැගීමේදී කෙටි වීඩියෝ නිර්මාපකයින් මුහුණදෙන පොදු අභියෝගය මෙතැනදීත් පේන්න තියෙනවා. කතාසාරය මතුකරමින් පිටපත හැකිතාක් මුවහත් තැබීම තුළින් තමයි මේ මාදිලියේ නිර්මාණය ජනගත කරන්න පුළුවන් වෙන්නේ.
අපි දන්නවා චරිත දෙකක් හරහා ගොඩනගපු Youtube Channel වලින් මේ වෙද්දී සාර්ථකයේ උපරිමයේ ඉන්නේ චරිත කිහිපයක් ගැන. අපි මීට ඉස්සෙල්ලා ඔවුන් ගැන කතාකරලා තියනවා. ලකයි සිකයි, ජනයි ප්‍රියයි, LOLSL වගේ නිර්මාණයකරුවෝ. මෙතැනදී ඉතා කෙටි වීඩියෝ වන ඔවුන්ගේ සාර්ථකම නිර්මාණය අධ්‍යයන කරද්දී පිටපතේ ඇතුළේ අන්තර්ගත වචන වගේම අභිනය කිසිවක් අපතේ නොයවන නිර්මාණය තමා සාර්ථකවෙලා තියෙන්නේ. ඒ නිසා යකඩ බයිට් මේ මාදිලියේ Channel එකක් නිසා ඔවුන්ගෙනුත් ප්‍රේක්ෂයෝ බලාපොරොත්තු වෙන්නේ ඒ දේම තමා.
මේ වෙද්දී මේ චැනලය හරහා තවත් නිර්මාණය කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. Youtube Hit වලින් අපි ඒවත් විමසා බැලුවා. ප්‍රබලතා සහිත තවත් නිර්මාණය කිහිපයක් ඒ තුළ අන්තර්ගතයි. විනාඩි දෙකට අඩු නිර්මාණයක් කියන්න ඕනෑම ඕනෑම නිර්මාණය කරුවෙක්ට ලොකු අභියෝගයක්. Youtuber කෙනෙක් ඒ කාලය ඇතුළෙ යම් වින්දනයක් ප්‍රේක්ෂකයාට දීලා ඔවුන් තමන්ගේ ඊළඟ නිර්මාණය නැරඹීමට වෙනුවෙනුත් මෙහෙයවන්න ඕනා. අමතක නොවෙන යමක් මනසේ සටහන් කරන්න ඕනා. Subscribe කරන්න පෙළඹවීමක් ලබාගන්න ඕනෑ. යකඩ බයිට් ඒ සියල්ල කිරීම වෙනුවෙන් උත්සාහ දරන චැනලයක්. නමුත් ඔවුන්ට තාම ඉන්නේ ආරම්භක අවස්ථාව වේ.
වීඩියෝකරණය නම් අපි මුලින් කිව්ව විදිහට හොඳ තත්ත්වයක තියනවා. ඒ වගේම සංස්කරණයත් Youtube විඩියෝ තුළ යහපත් මට්ටක පවතිනවා. ගුණාත්මක බව පිළිබඳ සැලකිමත් වීමේ Youtube නව ප්‍රවණතාව ගැන බලද්දී මේක සාධනීය ලක්ෂණයක්. කාලය කළමනාකරණය කරගෙන හොඳ නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාව මෙම නවක Youtube Channel සතුයි. කොහොම වුණත් අඛණ්ඩව නිර්මාණය ඉදිරිපත් කිරීම වගේ දේවල් පිළිබඳ අලුත් Youtubers ලා සැලකිලිමත් වීම වැදගත්.
හතු පිපෙන්නා වාගේ බිහිවෙන Youtubers ලා අතර මේ අලුත් ඩබලගේ වැඩේට යම් වටිනාකමක් තියෙනවා. ඒ වගේම ගුණාත්මක භාවයකුත් තියෙනවා. රංගනය පිටපත වගේම නිර්මාණයේ ප්‍රබලතා ගැන සැකිලිමත් වුණොත් ඔවුන්ට ලොකු ගමනක් තියෙයි. ඉතින් Youtube Hita බලාගෙන ඉන්නවා. හැමදාම Youtubers ලාට විචාරාත්මක වටිනාකමක් දෙන්න
► Text - Nisal / Pic – Internet