2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

බඳිනවනම් ඔන්න කෙනා

2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:3075

විවාහ ජීවිතය කියන්නෙ ඉතින් විවිධ අය විවිධ විදිහට අර්ථකථනය දෙන කාරණයක්නෙ. තම තමන්ට ආවේණික මත දරන්න ඕනම කෙනෙකුට තියෙන අයිතියට අපි කොහොමත් ගරු කළ යුතුයි.
ඔන්න ළඟදි දවසක චිත්‍රපටයක් රූගත කරන කාලය තුළ මේ මාතෘකාව පැන නැගිලා. එතනදි බොහෝ අය විවිධ මත පළ කළා. ගෑනු පිරිමි භේදයක් එතන තිබුණෙ නැහැ.

ප්‍රවීණ කලා ශිල්පියෙක් එයාගෙ පරණ පෙම්වතියක් ගැන කතාවකුත් කට්ටියට කිව්වා.

අපි යාළුවෙලා හිටියා ටික කාලයක්. ඊට පස්සෙ තමයි මට රස්සාවක් ලැබුණෙ. ඒත් කෙල්ල පොඩි වුණාට දුරදිග කල්පනා කරන එකියක්. එයා මගෙන් වෙන්වෙන්න හේතු වුණේ මගේ රුකියාව. එයාට ඕනවෙලා තිබුණෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙක් බඳින්නලු.
ඒ මොකෝ... විශේෂ හේතුවක් තිබුණද?

සමහර ආදර කතා පහු පහු වෙනකොට කොහු කොහු වෙනවලු. ඒ නිසා එයා හිතලා තියෙන්නෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙක්නම් වයසට යන්න යන්න එයාගෙ බිරිය ගැන තියෙන උනන්දුව වැඩිවෙයි කියලා.

 

මුදලාලිත් පෝලිමේලු

පහුගිය කාලෙක තිබුණනෙ කිරිපිටි හිඟයක්. කිසිම කිරිපිටි වර්ගයක් බෙහෙතකටවත් හොයාගන්න බැරිවුණා ඒ කාලෙ. ඔන්න අපේ කලා ශිල්පියෙකුත් ඒ කාලෙ අමතක නොවන අත්දැකීමකට මුහුණදීලා තියෙනවා.
එයා කොහෙ හරි ෂූටින් ගිහින් එන ගමන් දැකලා තියෙනවා වහලා තිබුණු කඩයක් ඉස්සරහ මිනිස්සු කට්ටියක් පෝලිමේ ඉන්නවා. ළඟට ගිහින් විපරම් කළාම දැනගෙන තියෙනවා ඒ කඩේ එදා කිරිපිටි විකුණනවා කියලා. ඒත් තාම කඩේ වහලා.
අපේ ශිල්පියාත් පෝලිමට එකතුවෙලා.

ටික වෙලාවකින් මනුස්සයෙක් පෝලිම පැනලා ඉස්සරහටම යන්න උත්සාහ කරලා. කට්ටිය එකතුවෙලා මිනිහව පෝලිමේ පස්සටම යවලා.
ඔන්න ආයෙත් අර මිනිහා එනවලු පෝලිමේ ඉස්සරහට. ආයෙත් මිනිස්සු කෑගහලා අර මනුස්සයාව පස්සට යැව්වලු. බැරිම තැන අර මනුස්සයා පෝලිමේ ඉන්න මිනිස්සුගෙන් ඇහුවලු‍ෙඅද මට කඩේ අරින්න දෙන්නෙ නැද්ද?කිය‍ෙලා.

 

වයිෆ්ලා හොයාගන්න පුළුවන් ඒත් චිත්‍රපට?

පහුගිය දවසක යාපනේ පැත්තෙ තිබුණා ජාත්‍යන්තර සිනමා උළෙලක්.

රටවල් විසි ගණනක සිනමා නිර්මාණ උළෙලේ දී තිරගත කෙරුණා. කොළඹින් සිනමාලෝලීන් ගොඩ දෙනෙක් යාපනයට ගිහින් තිබුණා සතියක් පුරා පෙන්නපු ඒ චිත්‍රපට බලන්න. ඒ අතර හිටියා දන්න කියන මාධ්‍ය සඟයන් කිහිප දෙනෙකුත්.
එක්තරා මාධ්‍යවේදියෙකුගෙන් කවුදෝ කෙනෙක් අහලා තියෙනවා ඔයා බැඳලා දරුවොත් ඉන්න තාත්තා කෙනෙක්නෙ. නෝනා දරුවො එහෙම තනියෙන් කොළඹ තියලා ඔයා කොහොමද යාපනයට ඇවිත් චිත්‍රපට රසවිඳින්නෙ? කියලා.
අපේ මාධ්‍ය සඟයා ඒකට දීලා තියෙනවා අපූරු පිළිතුරක්.

මචං අපිට වයිෆ්ලා හොයාගන්න පුළුවන්. ඒත් මේ වගේ ජාත්‍යන්තර චිත්‍රපට ආයෙත් කවදා බලන්නද?

 

Text - Mithra