ආයුබෝවන්ඩ..! ළමයි
ආයුබෝවන් ටීචර්...!
පුතාලා දුවලා යන්න කැමතිද ආයේ ඉස්කෝලේ..!
හා හා යමු ටීචර්..
යූහ් හා... මචෝ... ඔන්න සුදෝ අද අරන් ආවා සුළඟේ ලෙළෙනා.. මල සේ දඟපා.. අපි පාසල් ගිය කාලේ මතක ආයේ මතක් කරන Y Trend එකක්. හරිය.. ඉස්කෝලෙන් අස්වෙලා ගියාට ඉස්කොලේ නිසාම අපේ පුතීලා දුවලා හදාගත්ත Trends මේවා. ආදි සික්ක සික්කාවෝ ගන්න fun ගැන කතන්දර තමා මේ..
ඒ කාලේ ආයේ ආයේ ආයේ එන්නෙ නැති වුණාට, ආයේ ආයේ ආයේ යන්න හිතෙනවානේ ඉස්කෝලේ.. අපේ youth එකේ වගේම වැඩිහිටියොත් අම්බානෙට love ඔය පාසල් කාලෙට. රහසක් නෙවෙයිනේ... මේ නිසාම ඉස්කෝලේ වැඩවලට සම්බන්ධවෙන එක පොඩි Trend එකක් වෙලා දැන් ගොඩක් කල්. මේ එක ඇතුළෙම ගොඩනැඟිලා තියෙනවා New Trend එකක්. ඒ ගැන තමා මේ line එක. මෙතනදී කියන්නම ඕන අද වෙනකොට තරුණ පරම්පරාව තමා මේ රැල්ලේ උපරිමේ ඉන්නේ කියන එක. හරි.. කතාවට enter වෙමුකෝ.
මේ ටිකේ ඔන්න ඉස්කෝලවල බැජ් පාටි සැරටම තියෙනවා. වැඩිපුර තියෙන්නේ මේ ඊයේ පෙරේදා out වෙච්ච පැංචෝ පැංචියොන්ගේ පාටි. හෝටල්වල තමා සංවිධානය වෙන්නේ. දැන් ලොකු රැල්ලක් මේ ටිකේ එක දිගට තියෙනවා. ඔය බුකිය පැත්තේ ඔළුව දාලා බැලුවාම තේරෙයි. සුදෝ.. මේවායේ තියෙන්නේ මාර line ආ... ඉස්සරත් බැජ් පාටි තිබ්බා. හැබැයි මෙහෙම තිබුණෙ නෑ.
දැන් වැඩේට තීම් එකක් තියෙනවා. එකම ඩ්‍රෙස් කෝඩ් එකක් අඳින්න ඕනෑ. කන්න බොන්න ඕන පොෂ් විදිහට. අනිවා official photographer කෙනෙක් ඉන්න අවශ්‍යයි. ඒ වගේම photos location එකක් තියෙනවා අනිවා...
මේ වගේ තව අනම් මනම් වැඩ කිඩ කෝටියයි. සංවිධානය කරන උන් දන්නේ මාර නීති. ඇහුවාම පිස්සු හැදෙනවා. ලොකු ගාණකුත් කපා ගන්නවා. මාටියානම් ගහන්නේ නැතුව ඇති. වැඩේ කියන්නේ ඉස්සර මේවා තිබ්බෙ කොළඹයි, ප්‍රධාන නගරවලයි ජනප්‍රිය ඉස්කෝලවලයිනේ.. අපේ ලොකු සෙට් එක හිතාගෙන ඉන්නේ තාමත් ඒ සමාජෙ තමයි මේ වගේ දේවල් වෙන්නේ කියලා. වැරදී.. Big bro වැරදී...
දැන් ගමේ ටවුමේ හැම ඉස්කෝලේම මේ සීන් එක සැරට පැතිරිලා මචෝ.. අපි මේ දොස් කියනවා නෙවෙයි සුදා... කාලේ වෙනස් වෙන විදිහ පට්ටයිනේ. තමන්ට පුළුවන් ප්‍රමාණයට දැන් රටේ හැමතැනම මේවා සංවිධානය වෙනවා. එක අතකට ඒකත් හොඳයි. ඒත් ටිකක් විතර විකාරයි.
ඔන්න අපි යමු බැජ් පාටියක ඇතුළට. ඇත්තටම මේවාට ගියාම තියෙන්නෙ එක එකාගේ එක එක ලයින්. ඉස්සර ඉස්කෝලේ හිටපු උන් මෙතන නෑ. හාද?.. ඉන්නේ අමුතුම ජාතියක්. ඔය අතර ඉන්නවා ඉස්කෝලේ කාලේ වගේම ගොන් ආතල් දෙන එකෙක් දෙන්නෙක්. ඔන්න උන් නම් වෙනස්වෙලා නෑ. ලොකු ලයින් දෙන මැරිලා ඉපදිලා වගේ උනුත් නැත්තේම නෑ සුදා. අන්ද මන්ද වෙච්ච උන්, හොඳට හැදිච්ච උන් හැම එකෙක්ම මෙතන ඉන්නවා. ඇල්කොහොල් එහෙමත් තියෙනවා. ඇඬෙන්න ගහන උනුත් ඉන්නවා. ඉස්සර නොබීපු දැන් බොන උනුත් ඉන්නවා. Mix school වලනම් ලාවට drinks ගන්න කෙල්ලොත් ඉන්නවා දැන්. ඒවා නෝමල් වෙලා. අනේ කාලේ වනේ වාසේ කියන්න බෑ. ඒ මේ කාලේ හැටි මචෝ... Girls school එකක මේ event එකට තියෙන්නෙ වෙනම හැඩයක් ආ... නිදහස උපරිමයි. සීමා මායිම් එයාලා නෑ දන්නේ.. Dj music අනිවා... Dancing සුප්පා.
හැබැයි ඔය කවුරුත් බුකියෙ දානවා ෆොටෝ ටික ලෙසටම. ඒක හරියට ෆොටෝ ගහන්න පාටියට ගිහිල්ලා වගේ. ඔන්න බැජ් පාටිවල තත්ත්වේ පුතී.. ඒ වුණාට පරණ මතක අලුත්වෙන, පරණ ක්‍රෂ් එකක් ආයේ දකින්න ලැබෙන, ආතල් ගොඩක් හම්බවෙන, අමතක නොවෙන සීන් එකක් තමා බැජ් පාටි කියන්නේ මචෝ...
ඊළඟට අපි සෑහෙන්න දන්න බිග් මැච් පෙරඩ් වගේ දේවල් ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද? මේවාට අද කාලේ වෙලා තියෙන්නේ. ඒකත් පට්ට සීන් එකක් තමයි. පෙරඩ් එක නම් කරන්නෙ ගේමට අනිත් ඉස්කෝල එක්ක. උන් ට්‍රක් එකක් ගෙනාවොත් අපි දෙකක් ගේනවා. උන් ට්‍රක් ගොඩක් ගෙනාවොත් අපි චොපර් එකකුත් ගේනවා. ගේම නම් ගේම තමා සුදු පුතේ.. සල්ලි ඕසෙට නාස්ති කරන්නේ. කැටයම් ගෞරවය තමා බලාපොරොත්තු වෙන්නේ. ආදි ශිෂ්‍යයෝ තමා රඟන්නේ. හවසට බෝතල් පාටි තමයි අවට හෝටල්වල දාන්නේ. අයිෂම ගුණ්ඩු.. ඇත්ත තිත්තයි පැණි රසයි නෙල්ලි වගේ. බිග් මැච්වලත් ඔය ටිකම තමා ඉතින්. වෙනසක් නෑ.
පාසල් මතක අතර trend වුණු තවත් ලොකුම දෙයක් තමා මචෝ back to school කියන්නේ. මේ මෑත කාලේ සැරටම නැගලා ගිය trend එකක් ඕක. නිලඇඳුම ඇඳලා බෑග් එක කරේ එල්ලන් වතුර බෝතලේ බෙල්ලේ එල්ලලා අම්මිලා තාත්තිලා ඉස්කෝලේ යනවා. අම්මෝ.. ඒ ආතල් එක. බලන් ඉන්න උන් හිනා කාලා මැරෙනවා. වැඩේ කරන උන් පට්ට ආතල් එකක් අරගෙන අඬනවා. පොඩි කාලේ වගේ තමන් ඉගෙන ගත්ත පන්තියට ගිහිල්ලා පරණ ගුරුවරුන්වත් ගෙන්නගෙන සමරන මේ ආතල් එක ඩීසන් විදිහට ගන්නවා. ඔය අතර පට්ට චාටර්වෙන සීන් කෝනුත් තියෙනවා. මේ ආතල් එක කොහොම වුණත් ඉස්කෝලේ මතක අලුත් කරගන්න තියෙන පට්ට අවස්ථාවක් තමා මචෝ...
මේ සීන් ටික ඔක්කොම එකට අරගෙන බැලුවාම අහිංසක අතීත කාමයක් තමයි මෙතැනින් මතුවෙන්නේ. කවදාවත් ආයේ ලබාගන්න බැරි දෙයක් ළං කරගන්න දරන උත්සාහයක්. ඒත් මේ හැමදෙයක්ම ව්‍යාජයි කියලා ගොඩක් දෙනෙක් දන්නවා. මේවා ඇතුළේ කවදාවත් පරණ සතුට හැඟීම ළඟා කරගන්න බෑ. ඒක තමා තිත්ත ඇත්ත. නමුත් මේ trend හරි සුන්දරයි කියලා තමා අවසාන වශයෙන් ගලපන්න වෙන්නේ...
► Text - Nisal / Pic – Internet