2019 ඔක්තෝම්බර් 11 වැනිදා ඔන්න දැවැන්ත හින්දී සිනමා සිත්තමක් තිරගත වෙනවා. ඒ සිනමාපටයේ නම ලාල් කප්තාන්. මේ ලාල් කප්තාන් කියන හින්දී සිනමාපටයේ ප‍්‍රධාන චරිතයට පණ පොවන්නේ ඔබ අපි දන්නා කඩවසම් නළුවෙක්. එයා මෙන්න මේ සිනමාපටවලින් අපි මීට කලින් දැක තියෙනවා.
Parampara (1993), Main Khiladi Tu Anari (both 1994 Hum Saath-Saath Hain (1999). Dil Chahta Hai (2001) Kal Ho Naa Ho (2003),Parineet, Salaam Namaste (2005),2004 Ek Hasina Thi, 2006 Omkara, 2009 Kurbaan,2008 Race,2009 Love Aaj Kal, 2012 Cocktail
1970 අගෝස්තු 16 වැනිදා ඉන්දියාවේ නවදිල්ලියේදී ඉපදුණු ඔහු මේ වෙනකොට ජීවත් වෙන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයේ. 1992 වසරේ පටන් නළුවෙක් වගේම නිෂ්පාදකයෙක් විදිහටත් ඔහු හින්දි සිනමා කර්මාන්තයේ නියැලී ඉන්නවා. 2010 වසරේදී ඔහු පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර ෆිල්ම් ෆෙයාර් සම්මාන සහ නැශනල් අවෝර්ඩ්ස් තමන්ගේ නමට වෙන් කරගන්නට සමත් වුණු මේ නළුවා 1991 වසරේදී අම්රිතා සිං එක්ක විවාහ වෙලා 2004 වසරේදී දික්කසාද වුණා. ඊට පස්සේ ඔහු 2012 වසරේදී කරීනා කපූර් එක්ක විවාහ වුණා. දැන් ඔබ දන්නවා මේ කියන්නේ සායිෆ් අලී ඛාන් ගැනයි කියන එක නේද? මන්සූර් අලී ඛාන් අහ ජනප‍්‍රිය හින්දී නිළියක් වුනු ශර්මිලා තාගෝර්ගේ පුතා සයිෆ් බවත් අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැනේ. සයිෆ් අලී ඛාන් ලාල් කප්තාන් හින්දී සිනමාපටයේ නාගා සාධුගේ චරිතයට පණ පොවද්දී ඔහුගේ සහායට මානව් විජ් සහ සෝයා හුසේන් කියන දෙන්නත් සහාය චරිතවලට පණ පොවන්න එකතුවෙලා ඉන්නවා. මානව් කියන්නේ කවුද කියලා ඉන්නම්කෝ. ඉන්දියාවේ පන්ජාබයේ ෆිරෝස්පූර්වල ඉපදුණු මානව් මේ වෙද්දිනම් ජීවත් වෙන්නේ ඉන්දියාවේ මුම්බායිවලයි. 2002 ඉඳන් ඔහු නළුවෙක්, ගායකයෙක් වගේම වෛද්‍යවරයෙක් විදිහටත් වෘත්තීය ජීවිතයේ නියැලෙනවා. මානව් මීට කලින් මෙන්න මේ සිනමාපටවලිනුත් අපිට දකින්න හිටියා.
Shaheed-E-Azam 2002 ,Kyunki Saas Bhi Kabhi Bahu Thi 2007. Udta Punjab,Rangoon ,Phillauri, Naam Shabana , Andhadhun
සෝයා හුසේන් කියන්නේ කවුද කියන්නයි දැන් මේ හදන්නේ. 1990 හෝ 1991 වසර දෙකින් එකක තමයි ඇය ඉපදිලා තියෙන්නේ. 2017 වසරේ පටන් ඇය නිළියක් විදියට වෘත්තියෙ ජීවිතයේ නියැලෙනවා. ඇය ඉන්දියාවේ නව දිල්ලිවල තමයි ඉන්නේ. සෝයා මීට කලින් මෙන්න මේ සිනමාපටයන්ගෙන් අපිට දකින්න පුළුවන් වුණා.
2017 Mukkabaaz,2018Teen Aur Aadha,2019Haathi Mere Saathi,TBA,2019 ARANYA,2019Kaadan
ස්කෙරඩ් ගේම්ස් සීසන් 02 න් පස්සේ (ටෙලි නාට්‍ය කතා මාලාවක්) සයිෆ් අලී ඛාන් කාලෙකට පස්සේ ඔන්න එයාගේ ෆෑන්ස්ලව පුදුම කරවන වැඩක් කරලා තියෙනවා. ඒ පුදුමය වුණේ ඔහුගේ තිරගත වෙන්න තියෙන ලාල් කප්තාන් ෆිල්ම් එකේ තීසර් එක පටන් ගැනීමයි. ඔහු අන්තර්ජාලයට මුදා හල ඒ වීඩියෝ එකේ සායිෆ් නාගා සාධූ කෙනෙක් වගේ තමයි හැඩවෙලා ඉන්නේ. නළලේ රතු පාට ගාගෙන මුහුණේ සුදු පාට තවත් මොනවදෝ තවරගෙන, හිසට තලප්පාවක් දාලා, රැවුල වවලා. මේ සිනමාපටයේ කතාවනම් දැනගන්න අපිට සිනමාපටය තිරගත වෙනකල්ම බලාගෙන ඉන්න වෙනවා. කාලෙකට කලින් රාජස්ථාන්වල සිද්ධ වුණු සහෝදරයන් දෙන්නෙක්ගේ පලිගැනීම තමයි මේ සිනමාපටයෙන් කියැවෙන්නේ. ඒ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් තමයි නාගා සාධු කියන්නේ. මේ නාගා සාධුගේ අතින් බ්‍රිතාන්‍ය නිලධාරියෙක්ගේ මරණය සිද්ධ වෙනවා. කතාවේ පාට වෙනස් වෙන්න පටන් ගන්නේ එතනින්. ඊට පස්සේ මොකද වෙන්නේ කොහොමද වෙන්නෙ කියන එක තමයි කතාවේ හොඳම හරිය. ඒ ගැන දැනගන්න නම් තව ටික දවසක් බලාගෙන ඉන්න වෙනවා
සයිෆ් සහ දීපක් මේ සිනමාපටයට කලින් ඕම් කාරා, කාලා කාන්ඩී වගේ සිනමාපටයන්හි එකට වැඩ කරලා තියෙනවා.
ලාල් කප්තාන් සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ නවදීප් සිං විසිනුයි. නවදීප් අභය ඩියොල් සහ රහීම් සෙන් රංගනයෙන් හැඩ කළ මනෝරමා සික්ස් ෆීට් අන්ඩර් කියන සිනමාපටයෙන් අධ්‍යක්ෂණය කියන එකට පියවර තිබ්බා. ඊට පස්සේ ඔහු අනුෂ්කා ශර්මාගේ ප‍්‍රඩක්ෂන් එකක් වුණු එන් එච් 10 එකේ අධ්‍යක්ෂණය කළා. දැන් ඔහු සායිෆ් එක්ක ලාල් කප්තාන් අරගෙන එනවා.
මේ සිනමාපටයේ නම කලින් කියවුණේ හන්ටර් කියලා තියාවී කියලයි. ඊට පස්සේ කිව්වා දශහැරා කියලා තියයි කියලා. නමුත් ඔවුන් මේ සිනමාපටයට නම ලාල් කප්තාන් කියලා තියනවා. මේ සිනමාපටයේ රූගතකිරීම් මේ වෙනවිට අවසන් වෙලා තියෙන අතර මේ සිනමාපටය සැප්තැම්බර් 06 වැනිදා තිරගත වෙන්න නියමිතව තිබුණත් සයිෆ් උපන් දිනයදා අන්තර්ජාලයට එක්කළ තීසර් කැම්පේන් එකෙන් කියන්නේ මේ සිනමාපට දශහැරා උත්සවයට සමගාමීව ඔක්තෝබර් 11 තිරගත වෙනවා කියලයි. නවීද් සිං අධ්‍යක්ෂණය කරන ලද ලාල් කප්තාන් හින්දී සිනමාපටය නිෂ්පාදනය කරන්නේ සුනිල් ලූල්ලා සහ ආනන්ද් රායී වන අතර කතාව ලියන්නේ දීපක් වෙන්කටේශා විසිනුයි.
► Translation — Chandana Waravitage