ප්‍රියන්ත.. අලුත් නිර්මාණයකට අතගහලා තියෙනවා...? මේ අලුත් නිර්මාණය මොකක්ද?
අපි අලුත් චිත්‍රපටයක් පටන්ගන්න මේ දවස්වල සූදානම් වෙනවා. ඒකේ නම “මන්දාරා. මෙය පවුල මුල්කරගත්ත චිත්‍රපටයක් වේවි. තාරුණ්‍යයේ ප්‍රේමය වගේම මව්පියන් අහිමිවුණු පොඩි දරුවකුගේ කුඩා අවදිය ගැන ආදී කෝණ හතරකින් පෙන්නුම් කරන කතාවක්. මම හිතන විදිහට මගේ “ආදරණීය කතාවක්, “දේදුණු ආකාසේ* කියන චිත්‍රපට දෙකටම වැඩිය වෙනස් චිත්‍රපටයක් වේවි. මේ චිත්‍රපටය වෙනුවෙන් රංගන ශිල්පීන් ශිල්පිනියන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් විසි නවවෙනිදා පවත්වනවා. මේක මගේ කතා තේමාවක්. තිරපිටපත මමත් එක්ක වජිර කස්තුරිත් සම්බන්ධ වුණා.
ප්‍රියන්තට කලාව ගැන ආස හිතුණේ ළමා කාලේදීමද?
ඔව්.. මම උසස් පෙළ හැදෑරැවේ ගණිත අංශයෙන්. උසස් පෙළ කරන මුල් මාස දෙක මම කොළඹ ඉසිපතන විද්‍යාලයේදීත් ඉන්පසුව සඳලංකාව මාධ්‍ය මහ විද්‍යාලයට ඇතුළත් වෙලා උසස් පෙළ කළා. ගණිත විෂය හැදෑරුවාට මම සාහිත්‍ය විෂයට ලොකු ඇල්මක් දැක්වූවා. උසස් පෙළ අධ්‍යාපනයෙන් පසුව මාධ්‍යකරුවෙක් විදිහට පුවත්පතකට සම්බන්ධ වෙලා විශේෂාංග ලේඛකයෙක් විදිහටත්, ඡායාරූප ශිල්පියෙක් විදිහටත් වැඩ කළා. මගේ ලොකු අයියා වන පාලිත කොළඹගේ නිසා මම ඡායාරෑප ශිල්පියට නැඹුරු වුණේ. පාලිත අයියා හොඳ ඡායාරෑප ශිල්පියෙක්.
ඔහු මාව ඡායාරූප ශිල්පීන්ගේ සංගමයට ඇතුළත් කළා. ඒ හරහා අවුරුදු තුනක ඩිප්ලෝමාවක් මම හැදෑරුවා.
මගේ දෙවැනි අයියා (ජයන්ත කොළඹගේ) හොඳ තිරරචකයෙක්. ඔහු තමයි මගේ මුල්ම චිත්‍රපට තුන වුණ දැහැන, විමුක්ති, අරැමෝසම් වැනි චිත්‍රපටවල තිරපිටපත් ලිව්වේ. ඔහුගේ ලේඛන කලාව නිසාම තමයි මමත් ලිවීමේ පැත්තට හුරුවෙන්නේ. ඒ නිසා මිනිසුන්ට පුළුල් ලෙස කතා කරන්න පුළුවන් වූ මාධ්‍යයක් මට තෝරාගන්න ඕනවුණා. ඡායාරූපයෙන් කියන්නට යන බොහෝදේ සිනමා රාමු ඔස්සේ කියන්නට පුළුවන් වීම නිසාම මම මගේ මුල්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා.
“දැහැන ප්‍රියන්ත කුළුදුල් නිර්මාණය වුණාට ඒක ඉතා සාර්ථක නිර්මාණයක් වෙනවා. එහෙම නේද?
ඔව්.. “දැහැන* මම කරද්දී මගේ වයස අවුරුදු දහනවයක් විතර ඇති. ඒ චිත්‍රපටය එම වසරේ විචාරක සම්මාන උළෙලේ වැඩිම සම්මාන ලත් චිත්‍රපටය බවට පත්වුණා. අප රට වෙනුවෙන් ජපානයේ ටෝකියෝ සිනමා උළෙල නියෝජනය කරපු චිත්‍රපටය වුණා. ඒ චිත්‍රපටය කරලා අවසන් කරන්න මම මගේ මුදල් පවා වියදම් කළා. මුදල් අතිනුත් ඒ චිත්‍රපටය සාර්ථක වුණා. ඒ සාර්ථක වීම තමයි මාව සිනමාකරැවෙක් බවට පත්කළේ. පළමු චිත්‍රපටය අසාර්ථක වූවා නම් බොහෝ විට ප්‍රියන්ත කොළඹගේ කියන සිනමාකරැවා බිහිනොවෙන්නට ඉඩ තිබුණා.
පසුගිය කාලේදී ප්‍රියන්ත අධ්‍යක්ෂණය කළ “ආදරණීය කතාවක්, දේදුණු ආකාසේ බොහෝ විට තාරුණ්‍ය ඉලක්ක කරගෙන සෑදු නිර්මාණයන්?
ඔව්.. මම 2014 වසරේදී තමයි “ආදරණීය කතාවක් චිත්‍රපටය කළේ. ඒ වෙනකොට අපේ සිනමාව විකල්ප චිත්‍රපටවලට මුල් තැන දීපු සිනමාවක් බවට පත්වෙලා තිබුණා. ඒත් එක්කම සිනමාවේ කඩාවැටීම් ලක්ෂණ බොහෝමයක් දක්නට ලැබුණා. ප්‍රේක්ෂකයෝ ලංකාවේ චිත්‍රපට බලන්නේ නැති තත්ත්වයකට පත්වෙලා තිබුණා. ඒ වෙනකොට මම “අරුමෝසම් වැහි චිත්‍රපටය කරලා. අවුරුදු දහහතරක කාලයක් යනතුරු මම චිත්‍රපටයක් කළේම නැහැ. ඒ කාලය තුළදී මම වෙළඳ දැන්වීම් කරණයේ තමයි නියැලිලා හිටියේ. ඒ අවුරැදු දහහතර ඇතුළත මම වෙළෙඳ දැන්වීම් හාරසීයක් පමණ කරලා තිබුණා. ඒ ලැබුණු අත්දැකීම් එක්ක සිනමාපටයක් නිර්මාණය කරන්න මට ඕන වුණා. එහිදී සිනමාව ආයෙත් නගාසිටුවන්නට නම් තරුණයින්ව සිනමා ශාලාවට ගෙනඑන්න ඕන කියලා මට හිතුණා. ඒ නිසාම තමයි මම ඔවුන්ට “ආදරණීය කතාවක්* කළේ. ඒ චිත්‍රපටයේ සාර්ථකත්වයත් එක්කම තමයි “දේදුණු ආකාසේ චිත්‍රපටය කළේ. ඒ දෙකම ආදායම් වාර්තා බිඳහෙලූ චිත්‍රපට දෙකක් බවට පත්වුණා.
රංගනයට නවකයින් වුණ ටීනා සහ චූලක්ෂි “දේදුණු ආකාසේ චිත්‍රපටය තුළින් සිනමාවට ගෙන එන්නටත් ප්‍රියන්තට හැකිවුණා නේද?
ඔව්.. ඒ ගැන ඇත්තටම සතුටු වෙනවා. චිත්‍රපට කර්මාන්තය රදාපවතින්න නම් හොඳ චිත්‍රපට, ආකර්ෂණීය චිත්‍රපට වගේම ආකර්ෂණීය නළු නිළියන් ඉදීම හොඳයි කියලා මම විශ්වාස කරනවා. අපේ චිත්‍රපටවලට වැඩියෙන් රූපවාහිණියෙන් නොදැක්ක පිරිසක් එකතුකරන්න මට ඕන වුණා. ඒ නිසා හේමාල්ව මම මේ චිත්‍රපට දෙකටම එකතු කරගත්තා. ටීනා සහ චූලක්ෂි නිරෑපණ ශිල්පිනියන් දෙදෙනෙක් විදිහට මම දන්නවා. සිනමාවට ආකර්ෂණීය දෙන්නෙක් විදිහට මේ දෙන්නව එකතු කරගන්න මට ඕන වුණා. ඒ හරහා ලංකාවේ ආකර්ෂණීය චිත්‍රපටවලට ලොකු ආලෝකයක් වේවි කියලා මම විශ්වාස කළා. අද වනවිට චූලක්ෂි හා ටීනා කියන්නේ ලංකාවේ කතාබහට ලක්වුණු රංගන ශිල්පිනියන් දෙන්නෙක් කියලා මට හිතෙනවා. මම ගත්ත අභියෝගය ඒ හරහා සාර්ථකව ජයගත්තා කියලා මට හිතෙනවා.
චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ප්‍රියන්ත “සකූගේ කතාව ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටත් යොමුවුණා? මොකද හිතෙන්නේ?
ඒක හැදෙන්න මූලික හේතුව වුණේ ස්වර්ණවාහිනියයි. මිනිසුන්ව ආකර්ෂණයට ලක්කරගන්න පුළුවන් අලුත් පණිවිඩයක් දෙන්න පුළුවන් ටෙලිනාට්‍යයක් කරන්න ඔවුන්ට ඕන වුණා. මම ටෙලිනාට්‍ය කරපු පුද්ගලයෙක් නොවේ. මේක මගේ පළමු ටෙලිනාට්‍යයි. අපේ බොහෝ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් හින්දි, කොරියන්, තුර්කි වගේ ටෙලිනාට්‍ය බලන්න තමයි හුරුවෙලා හිටියේ. මේවා වෙනුවට සිංහල නාට්‍යයක් ගෙනඑන්න මට ඕනවුණා.
ප්‍රියන්තගේ පෞද්ගලික තොරතුරැ ටිකකුත් කිව්වොත්?
මම විවාහ වුණේ ශ්‍රියානි කොළඹගේ. එයා තමයි මගේ පළමු විචාරකයා සහ රසිකාවිය වෙන්නේ. අපිට පුතාල දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා තමයි මගේ අවසාන චිත්‍රපට දෙකම සංස්කරණය සහ වර්ණ ගැන්වීම් කළේ. ලොකු පුතා වර්ණ ගැන්වීම පිළිබඳ සිංගප්පූරුවේ හැදෑරීම් කර ලංකාවට ආපු කෙනෙක්. පොඩි පුතා දැනට ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. මගේ පිටපත් මුලින්ම කියවීමේ සිට නිර්මාණයක මුල සිට අවසානය තෙක් මේ තුන්දෙනාගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒක මට ලොකු ශක්තියක්.
► Text - Jayamali / Pic - Internet