2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

සාය ඇඳලා වෙඩි තියද්දි මරේ මරු බං

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 68
චන්ඩ්‍රෝ තෝමාර්, ප‍්‍රකාශී තෝමාර් කියන්නේ වයසක කාන්තාවන් දෙන්නෙක්ද? මේ කියන්න හදන්නේ ඒ දෙන්නගේ කතාව.
මැදිවියේ පුද්ගලයෙක් අතේ පැරැණි තුවක්කුවක් තියෙනවා. ඔහු ඒක අතේ තියාගෙන පතොරම් ලෝඩ් කරන ගමන්...
 
තුවක්කු කියන්නේ විහිළුවක් නෙවෙයි, මේවා පිරිමින්ගේ සෙල්ලම් බඩු. ඒ හින්දා පිරිමින්ගේ අත්වලටයි මේවා හරියන්නේ..
ඔහු එහෙම කිව්වත් චන්ඩ්‍රෝට සහ ප‍්‍රකාශී කියන මිත්තනියන් දෙන්නගේ දෑත්වලට ගිනිඅවි කියන්නේ සෙල්ලම් බඩු ගානයි. මේ ඔවුන් දෙන්නා ජීවත්වෙන නිවසේ සිදුවීමක්. විසල් නිවසක් ඉදිරිපිට කෙල්ලෙක් එක්ක මේ මිත්තනියන් දෙන්නා කතාබහ කරමින් ඉන්නවා. මෙතන වෙඩි තියන්න පුහුණු වෙමිනුයි ඉන්නේ.
 
චන්ඩ්‍රෝ - මොනවද මේ? මොකක්ද ආ? ඒක එච්චර අමාරැ දෙයක් නෙවෙයි. මෙන්න මෙහෙම තුවක්කුව ඉස්සුවා ඉලක්කෙටම තිබ්බා.
ඩෝං...
 
යාශ්පාල් කියන තරුණයා ඇයව නවත්තන්න හදන්නේ මෙන්න මෙහෙම කියමිනුයි.
නැන්දේ ඔයාට තුවාල වෙයි. ඒක අහලා..
ප‍්‍රකාශී - ඒක එච්චර දෙයක් නෙවෙයිනේ. කෝ මටත් පෙන්නන්න.
යාශ්පාල් - නැන්දේ විහිළු කරන්න එපා. මොනවද කරන්න හදන්නේ? ඒ පාර ඔයත්? මේක විහිළුවක් නෙවෙයි. ඔයාට තුවාල වෙයි නැන්දේ.
ආ.. ඔයත් හරියටම ඉලක්කෙටම තිබ්බනේ.
 
නැන්දේ මේ.. ඔයාලා මට කියනවද ඔයාලා දෙන්න කවුද කියලා?
ඉලක්කෙ හරියටම ගන්නවනේ.
ප‍්‍රකාශී - අපහාසය.
චන්ඩ්‍රෝ - රස්සාව හම්බවෙයිද කෙල්ලට?
යාශ්පාල් - ඉලක්කේ හරියට ගත්තනම් වැඩේ හරියනවා,
 
 
චන්ඩ්‍රෝ - ඩොක්ටර් යාශ්පාල්.. හෙට ඉඳන් හැමදාම මමයි ශේෆාලියි පුරුදු වෙන්න එන්නම්.. බුල්ට වෙඩි තියන්න.
මේ පහුවෙනිදා... ඉලක්කෙට වෙඩි තියන්න පුහුණුවීම් කරන තැන ඩොක්ටර් යාශ්පාල් ඉන්නවා. ඔහු ඉදිරියේ චන්ඩ්‍රෝ සහ ප‍්‍රකාශී මිත්තනියන් දෙන්නත් ඉන්නවා.
යාශ්පාල් - නැන්දේ.. හැම ක‍්‍රීඩකයෙක්ම කලිසම් කමිස ඇඳගෙනයි මේ ක‍්‍රීඩාව කරන්නේ.
චන්ඩ්‍රෝ - නෑ. නියම විනෝදේ තියෙන්නේ සායවල් ඇඳගෙන වෙඩි තියද්දී.
 
ඔවුන් ඉලක්කෙට වෙඩි තියන්න පුහුණුවෙලා තරගය පැවැත්වෙන තැනට යනවා. එතන ඉන්න හැමෝම මේ වයසක කාන්තාවන් දෙදෙනා දැකලා හිනාවෙනවා.
චන්ඩ්‍රෝ - හැම එකාම අපිට හිනාවෙනවනේ.
 
යාශ්පාල් - මිනිස්සු හැම වෙලාවෙම හැමදේටම හිනාවෙනවා නැන්දේ. කාන්තාවන් ඉපදුණු දා පටන් හැමෝම හිනාවෙන්න බලන් ඉන්නේ. අද තමන් වෙනුවෙන් ඉලක්කෙට වෙඩි තියන්න. වෙඩි තියන්න ඕන තමන්ගෙම කෙල්ලෝ වෙනුවෙන්.
මෙන්න මේ සාන්ඩ් කේ ආංඛ් කියන හින්දී සිනමාපටයේ කතාවේ ඉතුරු ටික දැනගන්නනම් 2019 ඔක්තෝබර් 25 වැනිදා වෙනකම් ටිකක් බලන් ඉන්න වෙනවා. මේ අපූරු හින්දී සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ තුෂාර් හිරානන්දනී වන අතර අනුරාග් කශ්‍යප්, රිලයන්ස් එන්ටර්ටේට්මන් සහ නිධී පර්මාර් තමයි මේ සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ. ජග්දීප් සිදු විසින් තිර රචනය කරලා තියෙන මේ හින්දී සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ විශාල් මිශ‍්‍රා විසිනුයි. සත්‍ය  කතාවක් ඇසුරෙන් නිර්මාණය කරලා තියෙන සාන්ඩ් කී ආංඛ් හින්දී සිනමාපටයේ චරිත හැඩ කරන්න ඒවාට පණ පොවන ඔවුන් ගැනයි දැන් ඔබට කියන්නේ.
මුලින්ම චන්ඩ්‍රෝ තෝමාර් ගැන කියලා ඉන්නම්කෝ. ඇය මේ චරිතයට පණ පොවන්න කලින් ඔබ මෙන්න මේ සිනමාපටවලින් ඇයව දැක තියෙනවා.
 
2015 Dum Laga Ke Haisha, 2017 Toilet: Ek Prem Katha, 2017 Shubh Mangal Saavdhan, 2018 Lust Stories
 
1989 ජූලි 18 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායිවලදී ඉපදුණු ඇය 2015 වසරේ පටන් නිළියක් විදියට වෘත්තියේ නියැලෙනවා. පළමු සිනමාපටයෙන්ම හොඳම නැගී එන නිළියට අදාළ ෆිල්ම් ෆෙයාර් සම්මානය තමන්ගේ නමට වෙන් කරගෙන තියෙන මේ නිළිය නමින් භූමි පෙඩ්නේකර්. ආක්ෂය කුමාර් එක්ක ටොයිලට් ඒක් ප්‍රේම කතා කියන සිනමාපටයේ රංගනයෙන් හැඩ කළ ඇය ගැන තමයි මේ කියන්නේ.
දැන් ඔබට කියන්න හදන්නේ ප‍්‍රකාශී තෝමර්ගේ චරිතයට පණ පොවන ඇය ගැනයි. ඇය මෙන්න මේ සිනමාපට තුළින් ඔබ මීට පෙරාතුව දැක තියෙනවා.
 
2013 Arrambam, In 2015 Baby, 2016 Pink, 2017 The Ghazi Attack, 2017 Judwaa 2, 2018 Mulk, 2019 Badla, 2019 Mission Mangal 
 
1987 අගෝස්තු 01 වැනිදා ඉන්දියාවේ නව දිල්ලියේ ඉපදුණු ඇය දැනට ජීවත් වෙන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයේ. 2010 වසරේ පටන් නිළියක් විදියට වෘත්තියේ නියැලෙන ඇය තෙළිඟු, දමිළ, මලයාලම් සහ හින්දී සිනමාවේ නිළියක් විදියට කටයුතු කරනවා. ඇය නමින් තපස්සී පන්නු. ඇය තමයි ප‍්‍රකාශීගේ චරිතයට පණ පොවන්නේ.
 
ඩොක්ටර් යාශ්පාල් ගැනත් ඔබට කියන්න ඕනනේ. මොකද, ඔහුනේ නැන්දලා දෙන්නව වෙඩි තියන ක‍්‍රීඩාව සඳහා පුහුණු කරන්නේ. ඔහු මෙන්න මේ සිනමාපටවලින් මීට පෙරාතුව ඔබ දැක තියෙනවා.
 
2019 Aadhaardagger, 2018 Gold Imtiaz, 2018 Daas Dev, 2018 Mukkabaaz, 2016 Bollywood Diaries, 2013 UglyChaitanya, 2013 Gori Tere Pyaar Mein, 2013 Issaq Bihata, 2012 Gangs of Wasseypur – Part 1, 2012 Gangs of Wasseypur - Part 2, 2010 City of Gold, 2002 Hathyar, 2002 Pitaah
 
1980 අගෝස්තු 24 වැනිදා ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්වල වාරානාසීහීදී උපත ලද ඔහු 2005 වසරේ පටන් නළුවෙක් වගේම ලේඛකයෙක් විදියටත් වෘත්තියේ නියැලෙනවා. ඔහු නමින් විනීත් කුමාර්. විනීත් කුමාර්ට අමතරව මේ සිනමාපටයේ ප‍්‍රකාශ් ජා, නිඛාත් සහ තව්ටහ් ආදී නළු නිළියන් රැසක් චරිත හැඩ කරන්න එකතුවෙලා තියෙනවා. තව දෙයක් ඔබ දැනගන්නම  ඕන. මේ සිනමාපටයේ චන්ඩ්‍රෝ තෝමාර් සහ ප‍්‍රකාශී කියන්නේ නෑනලා දෙන්නෙක් බවත් ඔබ දැනගන්න ඕන.
 
► Translation — Chandana Waravitage