2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

සංගීතය තියනකම් මතට තිත නෑ !

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:31 140

ඔන්න සුදා අද අරගෙන ආවා Music සම්බන්ධ Y Trend එකක්. මේක ගැන මේකාලේ සෑහෙන්න සැරට තියෙන Trend එකක්. ඒක පිටින් ඉඳන් බලන අපේ ලොකු පරම්පරාවට නම් පේන්නේ නෑ මචෝ. මේක පිස්සුවක්. Music Beet Track නැත්නම් Techno Music, House Music වගේ සංගීත ලෝකේ නව ප්‍රවනතා එක්ක තමා අද සීන් එක ගැලපෙන්නේ. ඔන්න අපේ පැංචියොන්ට, ලොකූස්ලාට සීන් කෝන් එක අපැහැදිලි වගේනේ. සොරි ඈ. Don’t Worry.... Be Cool සුදෝ අයන්නේ ඉඳලා පටාන්ගමු.

බුම්... බුම්... ගාලා බීට් එක පපුවට වැදෙන Music දන්නවැයි ඔයාලා. ආන් එව්වා. සංගීත සංදර්ශනවලදී හරි කස්ටිය අහලා තියෙන්නේ. එතකොට DJ Music දන්නවනේ සින්දුවට යටින් Track එකක් එකක් ඇහෙන්නේ. ආන් එව්වා. ඔන්න ඕවල විකාශයක් තමයි මේ. බීට් විතරයි වචන නෑ පුතී. ඒකට සෙට්වෙලා මනසින් මෙනම එකක් හදාගෙන ආතල් එලක් ගන්න Y Trend තමා මේ සුදෝ. භයංකාරයි කතාව නම්. හැබැයි මේක ලංකාවේ Y Trend එක්ක වෙලා නම් ගොඩක් කල් නෑ. හැබැයි ලෝකේ මේ සීන් එකට ටිකක් දිග ඉතිහාසයක් තියෙනවා.

නූතන නර්තනය, සංගීතයට එතකොට රසායනික විෂ මත්ද්‍රව්‍ය.... ඔව් ඒ ඉතිහාසය කතාවේ මේකත් කොටසක් මචී. ටෙක්නෝ කියන්නේ එයටම ආවේණික වූ සුවිශේෂී ශබ්දයක් සහිත විශේෂිත සංගීත ප්‍රභේදයක්... ඕක 1970 දශකයේ අග තමා නිව්යෝර්ක් ඩිස්කෝවලින් තමා මේ Techno Music යාන්තම් කරළියට ආවේ. සඳෝ 1980 දශකයේ මැද භාගයේ ඇමරිකාවේ මිචිගන්වල මේක ජනප්‍රිය වුණා. ඉලෙක්ට්‍රොනික නර්තන සංගීතයක් විදිහට.

House Music කියන්නෙත් ඉලෙක්ට්‍රොනික නර්තන සංගීත ප්‍රභේදයක් මචෝ. ඒකත් 1980 දශකයේ චිකාගෝ සමාජ සංස්කෘතියෙන් මතු වුණ එකක්. මේවල වෙනස්කම් තියෙනවා සමානකම් තියෙනවා.. එකින් එකට Mix වෙලත් තියනවා. පස්සේ පොප් රෙගී සංගීතේ එක්ක මේ techno Music සමහර තැන්වලදී Mix වුණා. ගීත නිර්මාණය වුණා. හිපොප් තමා මේක එක්ක තදේටම බැඳිලා තියෙන්නේ. නමුත් මුල් කාලේ ලෝකේ තුළ වෙනම සංගීත සම්ප්‍රදායන් ප්‍රබලව තිබ්බනේ. ඒ නිසා මේ සංගීතේට ලොකූ තැනක් තිබ්බේ නෑ.

හැබැයි පුතෝ LSD මත්ද්‍රව්‍ය භාවිතය ඒ කියන්නේ ටැබ්ලට් ස්ටෑම් වගේ ඒවා භාවිතය ආරම්භ වුණේත් මේ කාලේලූ. අසූවේ අග වගේ වෙනකොට මේ සීන් එක සැරට නැගලා ගිහින්. Night Club වල තමා මේ Music අහන්න ලැබිලා තියෙන්නේ. ඉතින් අ‍ැම‍ෙරිකාවේ වෙනම Music Culture එකක් මේ එක්ක නිර්මාණය වුණා. ඒකේ මත්ද්‍රව්‍යත් ඉබේටම කොටසක් වුණා. ඔන්න ලෝකේ ස්ටෑම් ටැබ්ලට් වගේ රසායනික මත්ද්‍රව්‍ය එක්ක ප්‍රචලිත වෙනකොට මේ සංගීතේ ඒක පස්සෙන් ගියා. හරියට රෙගී සංගීතේ එක්ක කංසා ව්‍යාප්ත වුණා වගේ.

ගෙවිලා යනකොට 2000 න් පස්සේ Techno Music වලට ලොකු තැනක් ඇතිවුණා. ලෝකේ පුරා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ලංකාවේ සංචාරක කර්මාන්තය එක්ක එකතුවෙලා ඩිස්කෝ පාටිවල වගේ කලබ්වලත් මේ සංගීත ආරය ගොඩක් කල් ඉඳන් තිබ්බා. නමුත් ලංකාවේ ජනගත වෙලා තිබ්බේ වෙන වෙන Music Style නේ. හැබයි අපි දන්නවා ගෙවුණු අවුරුදු හත අට ඇතුළේ Beach Party, Facebook Party වගේ වචන අපේ සුදාලට නිතර අහන්න ලැබුණේ. Night Club සංස්කෘතිය ගමට ආවා සාමාන්‍ය කොල්ලෝ කෙල්ලෝ අතර ආවා. ඔන්න ඕවත් එක්ක තමා Sri Lankan Y Trend එකක් බවට මේ අලුත් සංගීතය පත්වුණේ. DJ Music විදිහට පොදුවේ සමාජය මේක දැක්කට. මේ ඇතුළේ තියෙනවා එක එක අයිටම් ගොඩක්. ඒ වගේම වෙනම දෙයක්.

අපි ඒ විශේෂතා ටික බලමුකෝ පැංචෝ. මේ සංගීතය එක දිගට පැය ගානක් වාදනය කරන එකක්. නිකන් අපි සිංදු අහනවා වගේ නෙවෙයි. පැය ගාණක් නවත්තන්නේ නැතුව ඒක දිගට වාදකරන එක කලාවක්. ඒකේ Feeling හසුරවන්න ඕනා... මේක ගමනක් වගේ වැඩක්. හරියට පඩිපෙළක් නගිනවා වගේ. හොඳ DJ Artists ලා කියලා මේ කාලේ කියන්නේ ඔන්න ඔය වැඩේ හරියට කරන අයට. lighting කියන්නේත් සීන් එකේම කොටසක් සහෝ.

මේ Music Track එක අවුල් ගියොතින් Feeling Out යනවා. හැබැයි Out යන්නේ මොන Feeling කියලා පැහැදිලියි කරන කොට තාම මේ සීන් එක හැබෑම විශේෂත්වය එළියට එන්නේ.. ෆිල් කෑවම දැනෙන Feeling එක ගැන තමා මෙතැනදී කියන්නේ. මේ Music අහන්න අතිමහත් බහුතරය ටැබා ස්ටෑම් වගේ ජාති භාවිත කරනවා. අපි කිව්ව භයානක සීන් එක මතුවෙන්නේ මෙන්න මෙතනදී. Track අහන්නේ කවුද ෆිල් කන උන්. ෆිල් කියන්නේ මොනවාද රසායනික මත්ද්‍රව්‍යය. අපේ රටේ මේ Music වැඩේ Trend වෙලා කියන්නේ ඇයි. අපේ රටේ සෑහෙන්න මේ මත්ද්‍රව්‍ය පැතිරිලා. ම්ම්ම්... තිත්තයි තමයි පැංචෝ... ඒත් ඇත්තයි.

ඔන්න ඕක තමා මේ Line එකේ තත්ත්වේ අපි කිව්වානේ ලංකාවේ සීන් එක පැතිරුණේ Party සීන් එක හරහා කියලා. ඒත් මේ වෙනකොට පාටි අඩුයි. ටැබ්ලට් එකක් දෙකක් ගෙනැල්ලා හතර පස් දෙනෙක් බ්ලූටූත් ඩිවයිස් එකක් සෙට් කරගෙන නිදහස් place එකක් ඕන කරනවා. නැත්නම් ස්ටෑම් පාරක් දානවා. ඊටපස්සේ Bluetooth වලින් Sounds System එක Connected කරලා දානවා track එකක්. Techno, House Music තමා මෙතැනදී අහන්නේ. youtube එකේ වගේම Sound Cloud වල ඕනා තරම් Track තියනවා. ඒවා ගැන කොල්ලෝ හොඳට දැනුවත්. ඊටපස්සේ පුටුවට වෙලා ඔළුව වනවනා ඉන්නවා. උපරිමේට වැදුණොත් dance කරනවා. මේ ඒවා වෙනම ඩාන්ස් ඈ....

ඔන්න සුදෝ සීන් කෝන් එක... දුක තමා සමණලියේ... සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියලා තමා කියන්නේ. උත්තරීතරයි කියලත් කියනවා. ඒ කොහොම වුණත් සංගීතය එක්ක එක එක මත්ද්‍රව්‍ය බැඳිලා තියෙනවා... රෙගේ එක්ක ගංජා.... මියුසිකල් එක්ක බෝතල් ලංකාවේ අපට නුහුරු දේවල් නෙවෙයි. ඒවත් Y Trend වුණා එක එක කාලවලදී... මේ අද කාලේ සීන් එක. රටේ තොටේ තොටේ බැහැලා ලයින් එකේ ඔළුවෙන් හිටියම තමා සුදෝ මේවා දැනගන්න පුළුවන්. හැබැයි හුරුවෙන්න එපා. අපේ ඇච්චෝ පැච්චෝ ඒකියන්නේ වයස 16, 17, 18 උන් තමා වැඩිපුර අනතුරේ ඉන්නේ.

මා සුදාලා බොක්කලා පැංචලා මචීලා ඔක්කොම අන්තිමට කියන්න ඕනෑ රත්තරං. Music නරක නෑ ඒක මොන විදිහට ආවත් ඒක ඇතුළේ නිර්මාණාත්මක බවක් කලාවක් තියෙනවා. අවුල තියෙන්නේ අපේ උන්ගේ සත්තරනේ...

 

► Text - Nisal   /  Pic – Internet