ජපන්නු ගැන කතාකරද්දි අපේ මතකෙට එන්නේ ඔවුන්ගේ තාක්ෂණික දියුණුව, රොබෝවරු, යන්ත්‍ර සූත්‍ර ආදිය කිව්වොත් වැරදි නැහැ. මොකද දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ ජපානය දියුණු වුණේ එයාලගේ කාර්මික දියුණුව හින්දයි. හැබැයි ඔය සේරම අතරේ ඇඳුම් පැළඳුම් සංස්කෘතියකුත් ජපානයේ වැඩිදියුණු වුණා. මේ කියන්න හදන්නේ සාම්ප්‍රදායික කිමෝනාව ගැන නම් නෙමේ. අමෙරිකන් පොප් කල්චර් එකත් එක්කම වැඩිදියුණු වෙච්චි ජපානයේ ඩෙනිම් සංස්කෘතිය ගැනයි අද කතාබහ.
දෙවැනි ලෝක යුද්ධෙන් විනාශ වුණු ජපානයට බොහොම ඉක්මණින් අමෙරිකානු සමාජයේ බලපෑම දැනෙන්න පටන් ගත්තා.
කෑම බීමවල ඉඳන් යන්ත්‍ර සූත්‍ර, යාන වාහන දක්වා සියල්ල පුදුම වේගයකින් අමෙරිකානු මොඩලයට හැඩ ගැහුණා. විශේෂයෙන්ම පනහ දශකයේ විතර ජපානයේ හිටපු තරුණ තරුණියෝ මේ අමෙරිකන් සංස්කෘතිය වැළඳගත්තේ බොහොම ආසාවෙන්.
ඉතින් ඩෙනිම් කලිසම කියන්නෙත් ඒ විදිහට ජපානයට ආපු දෙයක්. මුලදිම පාවිච්චි කරපු අමෙරිකානු ඩෙනිම්වලට ජපානය ඇතුළේ කළු වෙළෙඳපොළක් නිර්මාණය වුණා. ඒ කියන්නේ පාවිච්චි කරපු ඩෙනිම් පවා ගිනි ගණන්වලට විකිණුනා.
ඔහොම ටික කාලයක් යද්දි, වෙනත් ඇඳුම් ආයිත්තම් මහමින් හිටපු ජපාන රෙදිපිළි සමාගම්, ඩෙනිම් ගැන උනන්දුවක් දක්වන්න පටන්ගත්තා. අන්තිමේදි හැත්තෑව දශකය විතර වෙද්දි ජපානයට තමන්ටම ආවේණික ඩෙනිම් සංස්කෘතියක් බිහිකරන්න පුළුවන් වුණා. හැබැයි ඩෙනිමත් එක්ක බැඳිච්ච අමෙරිකානු ගති ලක්ෂණ අතාරින්න එයාලා සූදානම් වුණෙත් නැහැ. ඒ හින්දා අදටත් ජපානයේ බොහොම ප්‍රසිද්ධ ඩෙනිම් ඇඳුම් පැළඳුම්වලට තියෙන්නේ අමෙරිකානු උරුවට හදාපු සන්නාම එහෙමත් නැත්නම් බ්‍රෑන්ඩ්ස්. හොඳම උදාහරණය තමා ‘බිග් ජෝන්’ සහ ‘බෙටී ස්මිත්’ කියන ජපානයේ පරණම සහ දැවැන්තම ඩෙනිම් සාප්පු දෙක.
මේ විදිහට ඩෙනිම්වලින් පිරුණු කඩසාප්පු ජපානයේ හැම ප්‍රධාන නගරයකම තිබුණත්, ජපාන ඩෙනිම් කලාවේ මහගෙදර විදිහට සැලකෙන්නේ ජපානයේ ලොකුම දූපත හැටියට හඳුන්වන හොන්ෂු දූපතේ මුහුද අද්දර පිහිටලා තියෙන පුංචි ගම්මානයක් වුණු කොජිමා නගරයයි.
එතැන ඩෙනිම්වලට කොච්චර ප්‍රසිද්ධ ද කියනවා නම් කොජිමා නමට වඩා එතැන ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ජීන්ස් වීදිය (Jeans Street) කියන නමිනුයි. හැබැයි මේක එක වීදියකට විතරක් සීමා වෙලත් නැහැ. මෙතැන සම්පූර්ණ වීදි හතරක් තියෙනවා. මේ වීදි හතර පුරා ජපානයේ ඩෙනිම් සංස්කෘතිය ඇතුළෙ තියෙන ප්‍රධානම කඩසාප්පු 38ක් පිහිටලා තියෙනවා. ඒවායේ ඩෙනිම් කලිසම් වගේම, ෂර්ට්, කබා, ගවුම්, සායවල් ඇතුලු ඩෙනිම් රෙද්දෙන් කරපු නිර්මාණ රැසක් දැකබලා ගන්න පුළුවන්.
නගරවැසියෝ මේ වීදිය සරසන්නත් ඩෙනිම් පාවිච්චි කරලා තියෙන්නේ හරි අපූරැ විදිහටයි. ඒ කියන්නේ ඉර අව්වෙන් ඇඳුම් වේලනවා වගේ මහ පාරේ ඩෙනිම් කලිසම් එල්ලලා නගරයේ අනන්‍යතාවය ප්‍රදර්ශනය කරන්න නගරවැසියෝ කටයුතු කරලා. අනිත් කාරණේ තමයි ලොකු කඩ සාප්පුවල වගේ මෙතැන ලොකු තදබදයක් නැහැ. පාලුවට ගිය වීදි අතර නිස්කලංකයේ හිතේ හැටියට ඩෙනිම් සවාරියක යෙදෙන්න මෙතැන නියමයි.
ඉතින් ජපානයට, විශේෂයෙන්ම හොන්ෂු දූපතට ගිය වෙලාවක මේ අපූරැ ඩෙනිම් ගම්මානයටත් යන්න අමතක කරන්න එපා!
I ද ගාඩියන් ඇසුරෙනි.
Text - Suranga / Pic - Internet