2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ඒ ආත්මෙන් මේ ආත්මෙට වයිෆ් මාරු

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 133

අද ඔබට කියන්න හදන්නේ ආත්ම දෙකක කතාවක්. 1419 දී මෙන්න මේ කියන කට්ටිය ඉපදුනේ සිතම්ගාර් කියන රටේ. ඒ රාජ්කුමාර් බාලා, බන්ග්දු මහාරාජ්, ධර්මපුත‍්‍ර, රාජ්කුමාරී මධූ, රාජ්කුමාරී මාලා, රාජ්කුමාරී මීනා කියන නමින්. ඔය කිව්ව කට්ටියම ආපහු 2019 දී ලන්ඩනයේ පිළිවෙලින් හැරී, රෝයී, මැක්ස්, ක‍්‍රිටී, පූජා සහ නේහා විදියට ඉපදෙනවා. අද කියන්න හදන කතාවේ නායකයා වෙන්නේ රාජ්කුමාර් බාලා හෙවත් හැරී. මේ කතාව අපිට කියන්නේ හැරී.
හැරී - ඉතිහාසය අපිට අපිව ආපහු මුණගස්සවනවා කියලා කියමනක් තියෙනවා. ඒ කියන්නේ අපි අවුරුදු 600කට කලින් කළ දේවල් සමහරවිට අපි ආපහු කරන්න හදනවා. එදත් මම බය වුණා. අදත් බයවෙයි වගේ මට දැනෙනවා.
මේ ලන්ඩනයේ සුඛෝපභෝගී නිවසක සිදුවීමක්. මෙතන නවීන විලාසිතාවලින් සැරසුණු කොණ්ඩය සහ රැවුල සුදු කඩව්සම් පුද්ගලයෙක් වන හැරී එක්ක රෝයී සහ තවත් තරුණියක් කතාබහ කරමින් ඉන්නවා.
රෝයී - හැරී ඔයා කොහොමද දන්නේ? හැමදෙයක්ම..

හැරී - මමත් දන්නේ නැහැ
මේ ඈත අතීතයේ සිදුවීමක්. මේ රජ මාළිගයක සිදුවීමක්. මෙතන සෙබළ බල ඇනි පිරී ඉන්නවා. ඔවුන් ජය ඝෝෂා කරනවා.

පිරිස - මහරජට ජයවේවා!!!
රාජ කුමාරිකාවන් තුන් දෙනාගෙම ස්වයංවරයන් සිදු කෙරෙන බවට රාජ සභාවේදී මහරජතුමා විසින් කියනවා. ඒකට සහභාගී වෙන්න හැරී විදියට මේ ආත්මයේ ඉන්න මාධව්ගඩ්වල රාජ කුමරා බාලාත් සහභාගී වෙනවා. ඔහු උඩු රැවුල වවලා හිස බූ ගාගෙන ඉන්නේ. ඔහුගේ සම්පූර්ණ නම රාජ කුමාර බාලා දේව් සිං.
ධරම් පුත‍්‍ර කියන්නේ සිතම්බර් රාජ්‍යයේ රජ කුමරුවා. ඔහු සහ මහරාජ් බාලා සහ බන්ග්දු මහරාජ කැලෑබද පෙදසකදී මුහුණට මුහුණ හමුවෙනවා. මෙතන රාජ කුමාරියන් තුන්දෙනත් ඉන්නවා.
බාලා - සිතම්බරයේ රජ කුමරා අද මම රාජකීය අසිපත රැගෙන ආවේ නැහැ.

බන්ග්දු මහරජ - ගෙනාවා.
මහරජ් බාලා - කොහේද? මම ගෙනාවේ නැහැනේ.
බන්ග්දු මහරජ - පොඩ්ඩක් ඉන්න මම මේ ඇඳුමේ ඇතුළේ සඟවගෙන ආවේ. මේ තියෙන්නේ රාජකීය අසිපත.

මහරජ බාලා - තව මොන මොනවද හංඟගෙන ඉන්නේ ඇදුම් අස්සේ ?
ස්වයංවරය මහ ඉහළින් උත්සවශ්‍රීයෙන් පැවැත්වෙනවා. ඒ වෙලාවේ දුෂ්ටයකුත් එනවා. ඔවුන් අතර සටන් පැවැත්වෙනවා. ඒ හැමදෙයක්ම ලන්ඩන්වල ජීවත්වෙන හැරීට මතක් වෙනවා. පෙර ජන්මයේ හැමෝම ඔහුට මේ ආත්මයේත් හමුවෙලා ඉන්නේ.
හැරී - මට හැමදෙයක්ම මතක් වෙනවා. මට අපි කට්ටියගෙම සත්‍ය ‍ප්‍රේමය මතක් කරලා දෙන්න පුළුවන්. රෝයී, මැක්ස්, ක‍්‍රිටී, පූජා, නේහා මම ඔයාලා දෙන්නට හැමදෙයක්ම පැහැදිලි කරලා දෙන්නම්.
රෝයිගේ දැන් වයිෆ් නෙවෙයි එයාගේ ඇත්තම වයිෆ්. එයා මැක්ස් ඔයාගේ වයිෆ්. ඒ වගේම මගේ වයිෆ් මගේ වයිෆ් නෙවෙයි. එයා රෝයිගේ වයිෆ්. එයා අපි දෙන්නගේ නෑනා මැක්ස්. මැක්ස් ඔයාගේ වයිෆ් ඔයාගෙ වයිෆ් නෙවෙයි. එයා මගේ වයිෆ්.

මැක්ස්/ රෝයී - අපි විවාහ වෙලා තියෙන්නේ අපේ වයිෆ්ලා එක්කද නැත්නම් නෑනලා එක්කද?
හැමදේම පැටලිලා. ආත්ම දෙකක් කතාවක් රුගත් නවතම සිනමාපටය හවුස්ෆුල් 04 සිනමාපටය දීවාලී උත්සවයට සමගාමීව 2019 ඔක්තෝම්බර් 25 වැනිදා ඉන්දියානු රුපියල්  කෝටි 75ක් වියදම් කරලා හදලා තියෙනවා. හවුස්ෆුල් 04 සිනමාපටය ෆර්හාද සාම්ජී විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන අතර ෆොක්ස් ස්ටාර් ස්ටුඩියෝ, නදියාද්වාලා ග‍්‍රෑන්ඩ්සන් එන්ටර්ටේට්මන්ට් කියන ආයතන දෙකෙන් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ෆර්හාද් සාම්ජී, අකාෂ් කෞෂික්, මධූ ශර්මා, තුෂාර් හීරානන්දනී, ස්පාර්ෂ් ඛේට්ටර්පාල් සහ තෂා භම්බ‍්‍රා විසින් තිර රචනය කර තියෙන හවුස්ෆුල් 04 හින්දි සිනමාපටයේ කතාව සාරා බෝදිනාර්ගේ සහ සජීද් නදියාද්වාලගේ කියලා තමයි කියන්නේ.

මේ සිනමාපටයේ මන බඳින හැඩකාර ගීතයන් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ සොහේල් සෙන්, ෆර්හාද් සාම්ජී, සන්දීප් ශිරෝද්කාර් සහ පන්ජාබී හිට් ස්කෙයාර්ඩ් විසිනුයි. ඒ වගේම මේ හවුස්ෆුල් 04 හින්දි සිනමාපටයේ පසුතලය සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ ජුලියස් පාක්කියම්. 1419 වසරේදී සිතම්ගර්වල ඉපදුණු ආදරවන්තයන් 06 දෙනෙක් ඊට අවුරැදු 600කට පස්සේ ලන්ඩනයේදී 2019 දී ඉපදී වැරදි පුගලයන් එක්ක විවාහ වුණු කතාවක් තමයි මේ සිනමාපටයේ කතාවෙන් කියැවෙන්නේ. ඒක දැනගන්න මේ ආදරවන්තයන් 06දෙනා ආපහු ලන්ඩනයේ ඉඳන් සිතම්ගාර් සොයා එන සිදුවීමක් වටා තමයි මේ සිනමාපටයේ කතාව පෙළ ගැසී තියෙන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයේ චරිතයන්ට පණ පොවන ඔවුන් 06 දෙනා ගැනයි.

හවුස්ෆුල් 04 හින්දි සිනමාපටයේත් හවුස්ෆුල් සිනමාපට මාලාවේම ප‍්‍රධාන චරිතය නිරූපණය කළ ඔහුමයි පණ පොවන්නේ. රාජ්කුමාර් බාලා සහ හැරීගේ ආත්ම දෙක සඳහා පණ පොවන්නේ ඔබ හොඳින්ම දන්න කෙනෙක්. ඔහු රංගනයෙන් හැඩ කළ සිනමාපට ගැන අද අපි කියන්නේ නැහැ. 1967 සැප්තැමබර් 09 ඉන්දියාවේ පන්ජාබයේ අමිත්‍රසාර් ප‍්‍රාන්තයේ ඉපදී දැනට ඔහු ජීවත්වෙන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයේ වන අතර ඔහු කැනේඩියන් පුරවැසියෙක්. ගුරු නානක් ඛල්සා කොලේජ් එකෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා තියෙන ඔහු 1991 වසරේ පටන් හින්දි සිනමා කර්මාන්තයේ නළුවෙක්, නිෂ්පාදකයෙක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වශයෙන් ඔහු කටයුතු කරනවා. නැශනල් ෆිල්ම් අවෝර්ඩ්, ෆිල්ම් ෆෙයාර් සම්මානවලින් පිදුම් ලබා තියෙන ඔහු 2001 වසරේදී ජනප‍්‍රිය හින්දි සිනමාපට නළුවෙක් වුණු රාජේශ් ඛන්නගේ දියණිය ට්වින්කල් ඛන්නත් එක්ක විවාහ වී ඉන්න රාජීව් හරී  ඕම් භාටියා නමින් ඉපදුණු අපි කවුරුත් ආක්ශය කුමාර් නමින් දන්න ඔහුයි. ආක්ෂය 
කුමාර් තමයි මේ හවුස්ෆුල් 04 සිනමාපටයේ රාජ්කුමාර් බාලා සහ හැරීගේ චරිතයන්ට පණ පොවන්නේ.

දන් ඔබට කියන්න හදන්නේ බන්දු මහරාජ්ගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි.1978 දෙසැම්බර් 17 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රානතයේ ලාතුර් කියන ප‍්‍රදේශයේ ඉපදුණු ඔහු 2003 වසරේ පටන් හින්දි සිනමාවේ නළුවෙක් විදිහට වෘත්තීය ජීවිතයේ නියැලෙනවා. දැනට දරුවන් දෙදෙනකුගේ පියෙක් වන ඔහු 2012 දී විවාහ වුණේ ජනප‍්‍රිය නිළියක් වන ගෙනේලියා ඩී දේශ්මුඛ් එක්කයි. දැන් ඔබ දන්නවා ඔහු කවුද කියලා. ඔව් ඔබ නිවැරදියි. රිතේෂ් දේශ්මුඛ් තමයි හවුස්ෆුල් 04 හින්දි සිනමාපටයේ බන්ග්දු මහාරාජ් සහ රෝයිගේ චරිතයන්ට පණ පොවන්නේ. ධරම්පුත‍්‍ර සහ මැක්ස්ගේ චරිතයට පණ පොවන ඔහු ගැන තමයි දැන් ඔබට කියන්නේ. 1969 ජනවාරි 27 වැනිදා ඔහු ඉපදුණේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ බොම්බේ නගරයේදී. 1995 වසරේ පටන් හින්දී සිනමාවේ නළුවෙක් විදිහට දස්කම් පාන ඔහුගේ පියා හින්දී සිනමාවේ ජනප‍්‍රිය නළුවෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් වුණු ධර්මේන්ද්‍ර ඩියෝල් වන අතර ඔහුගේ මවගේ නම ප‍්‍රකාශ් කෞර්. හේමා මාලීනි කියන ජනප‍්‍රිය නිළිය ඔහුගේ පුංචි අම්මා. තාන්යා ඩියොල් එක්ක විවාහ‍වෙලා දැනට දරුවන් දෙදෙනකුගේ පියෙක් වන ඔහු බොබී ඩියෝල්. බොබී ඩියෝල් ගැනත් දැන් ඔබ දන්න නිසා දැන් කියන්න හදන්නේ මේ සිනමාපටයෙ කාන්තා චරිතයන්ට පණ පොවන ඔවුන් තුන්දෙනා ගැනයි.
රාජ කුමාරී මධූ සහ ක‍්‍රිටීගේ චරිතයට පණ පොවන්නේ 1990 ජූලී 27 වෙනිදා ඉන්දියාවේ නව දිල්ලියේදී ඉපදී තියෙන 2014 වසරේ පටන් නිළියක් විදියට හින්දී සිනමාවේ දස්කම් පෙන්වන ඇයයි. ඇය නමින් ක‍්‍රිටී සැනොන්. ක‍්‍රීටී සැනොන් රාජ්කුමාරී මධුගේ සහ ක‍්‍රිටීගේ චරිතය හැඩ කරද්දී රාජ්කුමාරී මාලා සහ පූජාගේ චරිතයට පණ පොවන්නේ 1990 ඔක්තෝම්බර් 13 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රානතයේ මුම්බයිවල නගරයේ ඉපදී තියන 2010 වසරේ පටන් නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක් විදියට වෘත්තියේ නියැලෙන පූජා හෙජ්ගේ විසිනුයි. ඇය මීට පෙරාතුව මෙන්න මේ සිනමාපටවලිනුත් අපිට දැකගන්න පුළුවන් වුණා.

Mugamoodi (2012).Oka Laila Kosam and Mukunda (2014), Mohenjo Daro (2016)
රාජ්කුමාරී මීනා සහ නේහාගේ චරිතයට පන පොවන්නේ 1990 ඔක්තෝම්බර් 29 වෙනිදා ඉන්දියාවේ නව දිල්ලිවලදී උපත ලද දැනට නිළියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද වෘත්තීය ජීවිතයේ නිරතවෙන ක‍්‍රිටී ඛර්බන්ඩාව් ඉසිනුයි.ඇය මීට පෙරාතුව ඔබට මෙන්න මේ සිනමාපටයන්ගෙන් දැකගන්න ලැබී තියෙනවා.ඇය තෙළිඟු සඉනමාපටවලින් තමයි සිනමාකර්මාන්තයට අතපොත් තියන්නේ.
2009 Boni.,2016 Raaz: Reboot, 2017 Shaadi Mein Zaroor Aana.

ඔය කිව්ව කට්ටියට අමතරව හවුස්ෆුල් 04 සිනමාපටයේ අඛි‍්‍ර පස්ටගේ චරිතයට චුන්කි පාන්ඬේ සහ විවිධ චරිතයන්ට රානා දග්ෆුබටී, අමන්දා රොසාරියෝ, රන්ජීත්, බෝමන් ඉරානි, ශාර්ද් කේල්කර්, ජොනී ලීවර්, ජිමී ලීවර්, රාජ්පාල් යාදව්, පරේශ් රාවල්, ප්‍රදීප් රාවත්, සෞරබ් ශුක්ලා, නවසුද්දීන් සිද්දීකී, ගුරු රන්දාවා, ඩොක්ටර් සියුස් සහ සුශාන්ත් අනුමෝලූ සහභාගී වී තියෙනවා.
හවුස්ෆුල් 04 හින්දී සිනමාපටයේ තියෙන මනබඳින ගීතයන්ගේ පද රචනා කරලා තියෙන්නේ ෆර්හාද් සාම්ජී සහ සමීර් අන්ජාන්.

 

► Translation — Chandana Waravitage