2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

ප්‍රශ්න 5යි දොඩම් ගෙඩියයි

 2019 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

Youtube Hit වලින් අපි අද කතා කරන්නේ ගෙදර ප්‍රශ්න පහකට විසඳුම කියන වීඩියෝ එක ගැන. පහුගිය සතියේ Trending ආපු මේ වීඩියෝ එක කරේ අපි කවුරැත් දන්න ජනයි ප්‍රියයි. Subscribe තුන් ලක්ෂ හැත්තෑ දහසක් විතර තිබෙන මේ චැනල් එක ගැන අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා.

සුපුරුදු පරිදිම මේක ඉතාම කෙටි වීඩියෝවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මුළු ධාවන කාලය තත්ත්පර මිනිත්තු 1 යි තත්ත්පර 12 ක්. අපි නරඹන වෙලාව වෙනකොට තුන්ලක්ෂ හැත්තෑ දෙදහක් මේක නරඹලා තිබුණා. ඒ Views ප්‍රමාණයක ඔවුන්ගේ වීඩියෝවල සාපේක්ෂව ඉහළ Views ප්‍රමාණයක්.

අපි හැමදාම දකින විදිහට දෙබස් කිහිපයක් විතරයි මේ වීඩියෝ අනතර්ගත වෙන්නේ. ජනා දොඩම් වෙළෙන්දෙක් ප්‍රියා පාරිභෝගිකයෙක්. ගෙදර ප්‍රශ්න පහකට විසඳුම හම්බවෙනවා කියලා තමා දොඩම් විකුණන්නේ. දොඩම් එකක් ගන්න ප්‍රියා අන්තිම ප්‍රශ්නයක් අහනවා. අන්තිම දෙබසින් ප්‍රබල උපහාසයක් මතුවෙනවා. ලොකු දෙයක් මේක ඇතුළේ නෑ. නමුත් තියුණු හාස්‍ය රසයක් මේ හරහා මතුවෙනවා. ප්‍රේක්ෂකාගාරයක් කිසිවිටෙකත් බලාපොරොත්තු නොවන වික්ෂිප්ත හාස්‍යයක්. ඒ ප්‍රකාශ නිසා තමයි වීඩියෝ Hit වෙන්නම.

වැඩේ රූපරාමු ඉතාම සීමිත ගාණක් ඇතුළත් වෙන්නේ. සංස්කරණය වගේ දේවල් ගැන විශේෂයෙන් කතා කරන්න තරම් දෙයක් මේක ඇතුළේ නෑ. නමුත් සමස්තයක් විදිහට වීඩියෝකරණය ගැන කතා කළොත් කියන්න අඩුපාඩු අපිට නෑ. අවශ්‍යතාවයට අනුව සරල විදිහට වැඩේ කරලා තියනවා. වැඩේ කෙටි වුණාට බාලවෙලා නෑ කියන එක තමයි කියන්න වෙන්නේ. කෙටි වීඩියෝ කරන Youtubers ලා අතර ජනයි ප්‍රියයි ඉහළ ප්‍රසිද්ධයක් ලබාගෙන තියෙන්නේත් මේ කරුණු සියල්ලේ ගුණාත්මක බවේ ප්‍රතිඵලයක් විදිහට කියලා අපට කියන්න පුළුවන්.

අපේ Youtube ප්‍රේක්ෂකාගාරය මුහුණදෙන මූලිකම අර්බුදය තමා ඩේටා අර්බුදය. ඒක තේරුම් අරගෙන නිර්මාණකරණයේ යෙදෙන Youtubers ලා සීමිත ගාණයි ඉන්නේ. ඒ නිසාම ඒ අය අතරින් ජනයි ප්‍රියයිගේ ප්‍රධානයි. නිර්මාණාත්මක අගය නිසා වැයවෙන ඩේටාවලට සාධාරණයක් වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. මේ නිසාම ඔවුන් අද වෙනකොට ටෙලිවිෂනය ආක්‍රමණය කරන්න ඔවුන් සමත්වෙලා. වෙළෙඳ දැන්වීම් වගේම රූපවාහිනී වැඩසටහන් පවා අද මේ දෙන්නා ඉදිරිපත් කරනවා. ඒකට පස්සේ තව හේතුවක් තියෙනවා. ඒ තමයි මේ දෙන්නෙගේ රංගන හැකියාව ඇඟට පතට නොදැනී ගෙදර ප්‍රශ්න පහකට විසඳුම වීඩියෝ ඇතුළේත් මේ කාරණාව පේනවා.

 

► Text - Nisal   /  Pic – Internet