අඩෝ.. මොකක්ද මේ වැඩේ?
“අඩෝ කියන්නේ ව්‍යහාරික විදිහට අපි කියන “අඩෝ, පලයන්ඩෝ, දුවපන්ඩෝ කියන “අඩෝ නෙවෙයි. “අඩෝ කියන්නේ අරවින්ද සහ ඩෝරාගෙයි කතාවයි. ඒ දෙන්නාගේ නම් දෙකේ මුල් අකුරු එකතු කරලා තමයි “අ.ඩෝ. කියන නම අපි මේ ටෙලිනාට්‍යයට යොදාගත්තේ.
සුපුන්ගේ හිතේ “අඩෝ කතාව ගොඩනැගුණේ කොහොමද?
මෙවැනි කතාවක් හදන්න ඕනේ කියලා මගේ ඔළුවට අදහසක් ආවේ මීට අවුරුදු තුනහාමාරකට හතරකට විතර කලිනුයි. මම අනවසර සංක්‍රමණිකයින් පිළිබඳව හොයන ආයතනයක ඒ අයගේ වෙළෙඳ දැන්වීම් කිහිපයක් නිර්මාණය කළා. ඒ වෙද්දී මම එක්තරා වෙළෙඳ දැන්වීම් ප්‍රචාරක ආයතනයක නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු විදිහට කටයුතු කළා. එතනදී අනවසර සංක්‍රමණිකයින් පිළිබඳව වැඩකරන කණ්ඩායමක් මට මුණගැසුණා. බෝට්ටුවකින් රට පැනලා අත්අඩංගුවට ගත්ත පිරිස පිළිබඳව කොහොමටත් අපිට මාසයකට සැරයක් ආරංචි වෙනවානේ. ඒ ආරංචි අපිට දැන් හොඳට හුරැයි. ඒ ආරංචිය තවත් එක ආරංචියක් පමණක් කියලා හිතලා අපි ඒක අතහරිනවා. නමුත් ඒ පිරිස එක්ක වැඩකරද්දී ඒ කතා අතර තියෙන්නේ මොනතරම් අවදානම් ගමනමක් ද කියලා දැනගන්නට මට හැකිවුණා. ඒනිසා එහෙම බෝට්ටුවෙන් රට පැනපු කෙනෙක් හොයාගන්න තිබුණා නම් හොඳයි කියලා මට හිතුණා.
ඇත්තටම එහෙම කෙනෙක් සුපුන්ට මුණගැහුණාද?
ඔව්.. මම මුලින්ම මගේ මුහුණු පොත හරහා එක්තරා ප්‍රදේශ කිහිපයක් සඳහන් කරලා “මේ පැතිවල කවුරු හරි කෙනෙක් මගේ ෆේස්බුක් එකේ ඉන්නවා නම් මගේ Inbox එකේ මැසේජ් එකක් දාන්න කියලා පොඩි සටහනක් දැම්මා. ඊට පස්සේ එක කොල්ලෙක් මට නම්බර් එකත් එක්ක මැසේජ් එකක් දාලා තිබුණා. බෝට්ටුවෙන් රට පැන්න එකෙක් ගැන මට හොයාගන්න ඕන කියලා කිව්වහම මට පැයක් යන්න කලින් තරුණයෙක්ගේ නම්බර් එකක් දීලා මේකට කතා කරන්න කියලා කිව්වා. ඒ වෙද්දී මම එක ටෙලිනාට්‍යයක් කරපු නිසා ඒ ගැනත් කියලා කතා කරන්න කියලා තමයි මම කිව්වේ.
සුපුන්ට හිතපු විදිහට තොරතුරක් ලබාගන්න පුළුවන් වුණාද?
මම ඌට කෝල් කරලා දවසක් කොළඹින් ඈත ප්‍රදේශයක හිටපු ඌව මුණගැහෙන්න ගියා. මුලින්නම් එයාගේ විස්තර කියන්න කැමති වුණේ නැහැ. මාත් උත්සහය අතහැරියේ නැහැ. දවසක් ගියා. දෙකක් ගියා. තුන්වෙනි දවසේ යද්දී ටිකක් වෙනදාට වඩා අපි හිතවත් වුණා. අපි ටිකක් හොඳට බීලා කාලා ටිකක් ෆිට් වුණාට පස්සේ ඌ ටැප්එක ඇරියා වගේ ඔක්කොම කියන්න පටන්ගත්තා.
ඒ ගමන හිතන තරම් ලේසි නැහැ නේද?
අපෝ නැහැ. මට මුණගැහුණ ඒ යාළුවා තමයි බෝට්ටුවෙන් දකුණු ආසියාවෙන් ගියපු හයසිය විසිපස්වෙනි කෙනා. එයා නවසීලන්තයට තමයි ගිහින් තියෙන්නේ. ඒ නිසා සම්පූර්ණයෙන්ම ඒ බෝට්ටු ඇතුළේ ජීවිතේ, ඒ අත්දැකීම්, ගහමරා ගැනීම්, ඒ සියල්ලම ගැන මට කිව්වා. බෝට්ටුවේ යද්දී කෙනෙක්ට අසනීපක් එහෙම හැඳුණු ගමන් කිසිම දෙයක් හොයලා බලන්නේ නැතිව බෝට්ටුවෙන් උස්සලා මුහුදට විසිකරනවාලු. එතනින් එහාට ජීවිතය ඉවරයි. ඉතින් ඒ වගේ හයදෙනෙක් එහෙම මුහුදට දාලා තිබුණා. ළඟම ඉන්න කෙනාව මුහුදට දැම්මත් අනිත් එකා කතා කරන්නේ නැහැලු. ඒක තේරුමක් නැහැ කියලා තමයි ඒ යාළුවා කිව්වේ. ඉතින් ඒ ගමන මාරාන්තික ක්‍රියාවලියක් කියලා මට දැනගන්න ලැබුණා. ඒ නිසා මේ කතා ටික ටෙලිනාට්‍යයකට මරු වැඩක් කියලා මට තේරුණා. ඒ කතා ටික ඔස්සේ තමයි මේ “අඩෝ කතාව ගොඩනැගෙන්නේ.
මේ “අඩෝ පිටපතත් සුපුන්ගේ එහෙම නේද?
ඔව්.. ඒ යාළුවාගෙන් විස්තර එකතු කරලා මම කතාව නිර්මාණය කළා. ඒ අනුව මේ අයව මොකක් හරි දූපතක හිරකළානම් හොඳයි කියලා මට හිතුණා. හැබැයි එහෙම දූපතක රූගත කරන ප්‍රමාණය හරිම අඩුයිනේ. ඔය කාලේදී දවසක් මට සිරස නාළිකාවේ සුසාර දිනාල් එක්ක කතාබහ කරන්න අවස්ථාව ලැබුණා. ඒ කතාබහ අතරතුරේදී මම මේ “දූපත් කතාවත් සුසාරට කිව්වා. “ඕකට හරියන දූපතක් තියෙනවා. කියලා මට “නිල්වැල්ල දූපත ගැන කිව්වා. ඉතින් ඒ දූපතේ හෝඩුවාවක් එක්ක තමයි ඒකට අවසරය අරගෙන අපි ඒකේ රූගත කිරීම් කරන්න පටන්ගත්තේ.
“අඩෝ ටෙලිනාට්‍යයට වැඩි රංගන ශිල්පි ශිල්පිනියන්ගේ දායකත්වයක් තියෙනවා නේද?
ඔව්.. ඒ කට්ටිය තෝරාගන්නත් මාස එකාහාමාරක් දෙකක් විතර කාලයක් ගියා. ඇත්තටම කිව්වොත් මේ පිටපත මම හතර වතාවක් ලිව්වා. මේ කතාව මගේ ඔළුවට ඇවිත් දැන් අවුරුදු තුනහාමාරක් විතර වෙනවනේ. මුලින්ම මම පිටපතක් ලිව්වා. ඒක ලියලා ටයිප්සෙටින් කරලා ප්‍රින්ට් කළාටත් පස්සේ ආයේ කියවද්දී “මීට වඩා හොඳ එකක් කරන්න ඕනේ* කියලා හිතලා ඒ පිටපත මම එහෙම් පිටින්ම අයින් කළා. ඊට පස්සේ මම “ඒක දිග කතාවක් කියලා ටෙලිනාට්‍යයක් කළා. ඒක යන අතරවාරයේදී මම ආයෙත් අර කතාවම වෙනත් පිටපතක ලිව්වා.
මට ඒ කතාව ඇතුළේ ආදර සම්බන්ධතා වගේ දේවල් එකතු කරන්න හිතුණා. ඔහොම පිටපත ලියලා ඉවරවුණාට පස්සේ “ඒකත් මදි කියලා මට හිතුණා. ඔය කාලේදී මම “ඇට්ටරයා කියලා ටෙලිනාට්‍යයක් කළා. ඒක කරලා ඉවරවෙලා මම ආයෙත් “අඩෝ තුන්වන පිටපත ලිව්වා. ඒක ලියන අතරතුරේදී තමයි මට අයෙත් හතරවෙනි පිටපත ගැන ඔළුවට අදහස ආවේ. ඒ පිටපත ලියන්න මට අවුරුදු එකහාමාරක් විතර කාලයක් ගියා. ඉතින් පළමු පිටපත ලියලා ඉවර වුණාට පස්සේ මම සමහර රංගන ශිල්ප ශිල්පිනියන් එක්ක මම මේ ගැන කතා කරලයි තිබුණේ. හැබැයි දෙවැනි පිටපත ලියද්දී ඒ සමහර චරිත මම අයින් කරලායි තිබුණේ. ඒ නිසා ඒ පළවෙනි පිටපතට මම කතා කරපු සමහර අය මාත් එක්ක තරහත් වුණා.
“අඩෝ* කියන්නේ සුපුන්ගේ මුල්ම ටෙලිනාට්‍යය නෙමෙයි?
ඔව්.. මම රූපවාහිනියේ ජාතික පුහුණු ආයතනයේ ලාල් හේමන්ත සර් යටතේ මේ පිළිබඳව ඉගෙනගත්තා. ඊට පස්සේ මම ජාතික රූපවාහිනි ආයතනයේත්, සිරස නාළිකාවේත් වැඩ කළා. ටික කාලයකින් මම වෙළෙඳ දැන්වීම් ප්‍රචාර ආයතනයකත්, මුද්‍රිත මාධ්‍ය ආයතනයකත් සේවය කළා. ඔය කාලේදී මට ටෙලිනාට්‍යයක් කරන්න ඕන වුණා. ඒ අනුව ඒක දිග කතාවක්, ඇට්ටරයා, ක්වීන් සහ අඩෝ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්න මට පුළුවන් වුණා. “අඩෝ ටෙලිනාට්‍යයේ නිෂ්පාදනයෙන් කපිල නවරත්න මගේ මිත්‍රයා සම්බන්ධ වුණා. “අඩෝ ටෙලිනාට්‍යය ගැන මම කපිලට කියද්දී “මට ලාභයක් ඕනේ නැහැ. වියදම් කරන්න සල්ලි ටික ලැබුණොත් ඇති. අපි මේක කරමු. කියලා මට සහයෝගය ලබලා දුන්නා. ඒ වගේම සම අධ්‍යක්ෂණයෙන් දිමුතු විජේසිංහත් “අඩෝ නිර්මාණයට එකතු වෙනවා. මේක සිරස නාළිකාවේ රාත්‍රී 8.30ට විකාශනය වෙනවා. ඒවගේ ඒ වෙලාවටම ස්වර්ණවාහිනියේ මම අධ්‍යක්ෂණය කරන “ක්වීස් ටෙලිනාට්‍යයත් විකාශනය වෙනවා.
“අඩෝ නිර්මාණයෙන් පස්සේ තවත් වැඩකට සුපුන් අතගහලද තියෙන්නේ?
ඔව්.. “අඩෝ ටෙලිනාට්‍යයේ මුළු දූපතම කොටස් රූගත කරලා හමාරයි. ඒවගේම බෝට්ටුවේ සියලු රූගත කිරීම් රූගත කරලා ඉවරයි. ගොඩබිමෙන් බාගයක් රූගත කිරීම් කරලා ඉවරයි. මේක කොටස් අනූවක ටෙලිනාට්‍යයක්. මේ අතරේ අපි “Black Town Stories නමින් ටෙලිකතා මාලාවක් නිර්මාණය කළා. ලංකාවේ තියෙන දේශපාලනික ප්‍රශ්න, සංස්කෘතික, ආර්ථික ප්‍රශ්න කොළඹ නගරය ආශ්‍රිතව සිදුවෙන දේ අපි මේ හරහා කතාබහ කරනවා.
► Text - Dishani / Pic – Internet