01. රාගිනි එම් එම් එස් 02 - 2014 - සනී ලියෝන් සහ කරන් මෙහරා
Ragini MMS 2 (2014) ~ Sunny Leone and Karan Mehra
සනී ලියෝන් කියන නම ඇහුණු ගමන් සරාගී කියන වචනය මතක් නොවෙන කෙනෙක් ඉන්නනම් බැහැ. රාගිනි එම් එම් එස් 02 හින්දී සිනමාපටයේ සාරාගී බවේ උපරිම මට්ටමට සනීව ප්‍රේක්ෂකයන්ට දැකගන්න ඉඩ දෙනවා. 2014 දී තිරගත වුණු මේ සිනමාපටයේ මෙන්න මේ පහත රූප රාමුව දැක්කම මේ කියන කාරණය මනාවට වැටහේවි. සනී එක්ක ඇයගේ සහාය නළුවා කරන් මෙහරා බාත්රෑම් එකේ පෙනී ඉන්න මෙන්න මේ සරාගී දර්ශනයත් ඉන්දියාවේ සෙන්සර් බෝර්ඩ් එකෙන් අනුමත වුණා.
සනීගේ උඩුකය නිරාවරණය කරගෙන ඉන්න මේ දර්ශනය මිනිත්තු 01 යි තත්ත්පර 20 ක් පවතිනවා. මෙය එම සිනමාපටය තුළ සනී පෙනී ඉන්න එකම සරාගී දර්ශනය නොවන අතර වඩා තීව්‍රම දර්ශනය මෙයයි.
මේ සිනමාපටයේම නිදන කාමරයේ දර්ශනයක් සෙන්සර් බෝර්ඩ් එකෙන් ඉවත් කළත් එය ද අන්තර්ජාලය තුළින් දැකබලා ගන්න ප්‍රේක්ෂකයන්ට හැකියාව තියෙන එක තමයි සිත්ගන්නා කරුණක් වෙන්නේ.
02. මර්ඩර් - 2004 - මල්ලිකා ශෙරාවත් සහ ඉම්රාන් හෂ්මි
Murder (2004) ~ Mallika Sherawat and Emraan Hashmi
මල්ලිකා ශෙරාවත් 2004 දී තිරගත වුණු මර්ඩර් කියන හින්දී සිනමාපටය හේතුවෙන් සෙක්සි සිම්බල් එකක් බවට පත්වුණු නිළියක්. මර්ඩර් හින්දී සිනමාපටය හැදුණේ හොලිවුඩයේ 2002 වසරේදී හැදුණු අන්ෆේත්ෆුල් කියන සිනමාපටයේ කොපියක් විදියටයි. මලයිකා මේ සිනමාපටයේ සරාගී දර්ශන සඳහා පෙනී ඉන්නේ ඉම්රාන් හෂ්මිත් එක්කයි.
මේ සිනමාපටයේදී විවාහක කාන්තාවක් වූ මලයිකාව ඉම්රාන් විසින් පොළඹවා ගන්නා ආකාරයත් ඒ සඳහා කරන ස්පර්ශ කිරීම් ද ඇතුළත්ව මේ දර්ශන රූගත කර ප්‍රේක්ෂකයාට නරඹන්නට අවස්ථාව උදාකර දුන්නා. ඔහුගේ ස්පර්ශයන්ට ඇයගේ ප‍්‍රතිචාර දක්වන විදිහ ඉස්මතුවෙන විදියටයි මේ දර්ශන රූගත කරලා තියෙන්නේ.
03. ජූලී - 2004 - නේහා ධූපියා සහ යාශ් ටොන්ක්
Julie (2004) ~ Neha Dhupia and Yash Tonk
අපිට මේ වෙනකොට නේහා වැඩිපුර සිනමාවේ දකින්න නැති වුණත් 2004 දී ජූලී හින්දී සිනමාපටය නිසා ඇය අමතක නොවන චරිතයක් බවට පත් වුණා. මේ සිනමාපටයේ සාමාන්‍ය යුවතියක් විදියට ජීවත්වෙන නේහාගේ හද බිඳෙන නිසා ඇය ගණිකාවක් බවට පත්වෙන ආකාරය තමයි කියවෙන්නේ,
යාශ් ටොන්ක් කියන ඇගේ සහාය නළුවා සමඟ සරාගී දර්ශන කිහිපයක් සඳහාම නේහා මේ සිනමාපටයේ පෙනී ඉන්නවා.
ආදරය සහ රාගය මුසු සංගීත ඛණ්ඩයක් වාදනය වෙද්දී මේ යුවල විනාඩි 03ක පමණ සරාගී දර්ශනයක පෙනී ඉන්න අයුරු මේ සිනමාපටයේ අන්තර්ගතව තියෙනවා.
04. හෙරොයින් - 2012 - කරීනා කපූර් ඛාන් සහ අර්ජුන් රාම්පාල්
Heroine (2012) ~ Kareena Kapoor Khan and Arjun Rampal
කරීනා කපූර් ඛාන් හෙවත් බේබෝ තමන්ගේ සහාය නළුවා අර්ජුන් රාම්පාල් එක්ක හෙරොයින් සිනමාපටයේ සරාගී දර්ශනයක පෙනී ඉන්නවා ඔබට මතකත් ඇති. මේ යුවල එම සිනමාපට දර්ශනයේදී සිපගන්නා ආකාරය නිසාවෙන් පේ‍්‍රක්ෂකයන්ගේ සිත් සසල වෙනවා.
සමීප දර්ශනයකින් කරීනාගේ සරාගී දෑස් කැමරාව හරහා නරඹන්නන්ට පෙන්වනවා. ඔවුන් ද පොළඹවාගන්නා තරමට ඇගේ බැල්ම දැඩි එකක් වෙනවා මේ දර්ශනයේදී.
අනිත් කාරණය තමයි මේ සිනමාපටයේ මේ දර්ශනයේදී ඔවුන් දෙදෙනා ලිංගිකව හැසිරෙන දර්ශනය ජංගම දුරකතනයක පටිගත කරනවාත් පෙන්වනවා.
05. ෂූටවුට් ඇට් වඩාලා - 2013 - කංගනා රනාවුට් සහ ජෝන් ඒබ‍්‍රහම්
Shootout at Wadala (2013) ~ Kangana Ranaut and John Abraham
මේ දර්ශනය කොතරම් ස්වභාවිකද කියලා දර්ශනය නරඹද්දී ඔබටම ඒ අත්දැකීම ගන්න පුළුවන්. කංගනා රනවුට් සහ ජෝන් ඒබ‍්‍රහම් ගිනි කෙළි සංදර්ශනයක නිරතවෙනවා වගෙයි මේ සම්භාව්‍ය සිප ගැනීමේ දර්ශනයන්හි නිරත වෙන්නේ. හැඟීම්බර ආකාරයට හා ඉතාම තාත්වික ආකාරයට ඔවුන් මේ දර්ශනය සඳහා පෙනී ඉන්න බවක් තමයි නරඹන අයට පේන්නේ.
එක් අවස්ථාවක කංගනා ඇගේ නියපොතුවලින් ජෝන්ගේ පිට පහුරැගාන ආකාරයක් ද මේ දර්ශනයේ පෙන්නුම් කරනවා.
06. මාර්ඩර් 02 - 2011 -
ජැකලීන් ෆර්නෑන්ඩස් සහ ඉම්රාන් හෂ්මි
Murder 2 (2011) ~ Jacqueline Fernandez and Emraan Hashmi
මර්ඩර් සිනමාපටයේ මලයිකා තරමටම තාත්විකව ජැකලින් මර්ඩර් 02 සිනමාපටයේ මේ දර්ශනය ඉදිරිපත් කරන්න දෙවැනිවෙලා නැහැ. ජැකලින් තමන්ට ලැබුණු මේ චරිතය සඳහා උපරිමයක් කරලා තියෙනවා.
මර්ඩර් 02 සිනමාපටයේ ජැකලින් ඉම්රාන්ට යටත් වී මුහුණෙන් පෙන්වන හැඟීම් ඔබත් නරඹලාම ඇයගේ රංගනය වටහාගන්න එක තමයි වඩා හොඳම දේ වෙන්නේ.
07. ජිසම් - 2003 - බිපාෂා බාසු සහ ජෝන් ඒබ‍්‍රහම්
Jism (2003) ~ Bipasha Basu and John Abraham
බිපාෂා කියන්නේ සරාගී පෙනුමක් තියෙන රංගනයට දක්ෂ කෙනෙක් කියලනේ ප‍්‍රසිද්ධ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය කලින් ප්‍රේමවන්තයා වුණු ජෝන් එක්ක ජිසම් සිනමාපටයේ සරාගී දර්ශන සඳහා පෙනී ඉන්නේ තාත්වික විදියටමයි.
ජිසම් කියන හින්දී සිනමාපටයේ බිපාෂා විවාහක කාන්තාවකගේ චරිතයක් රඟපාන අතර ඇයට නොලැබෙන පහස හොයමින් ඉන්න කෙනෙක් විදියටයි රඟපාන්නේ.
ජිසම් හි ජෝන් අයිස් කැටවලින් බිපාෂාව කුල්මත් කරවන දර්ශනය නැරඹුවානම් ඇය කොච්චර දුරකට තමන්ගේ නීරස දිවිය හමාරකොට තෘප්තිමත් වෙනවද කියන එක පෙන්වා දෙනවා. විනාඩි 03කට ආසන්න කාලයක් ඒ දර්ශනයට ඇතුළත් වෙනවා ජිසම් සිනමාපටය තුළ.
► Translation — Chandana Waravitage