මනරම් සුවිසල් ගෙවත්තක පිහිටලා තියෙන මහා බංගලාවක් තියෙනවා. මේ බංගලාවේ හිමිකරුවා වෙන්නේ වික්‍රම් භාත්. එයාගේ ප්‍රේමවන්තිය නිරූපණ ශිල්පිනියක්. කඩවසම් තරුණයෙක් වන වික‍්‍රම්ගේ ප්‍රේමවන්තිය නිරූපණ තරගයක් අතරතුර කවුදෝ කෙනෙක් ඝාතනය කරනවා. ඒ විතරක් නෙවෙයි වික‍්‍රම්වත් ඝාතනය කරන්න හදනවා. නමුත් ඔහු අනතුරට පත්වෙලා බේරෙනවා. ඔහු මේ වෙනකොට ඉන්නේ වීල් චෙයාර් එකක. ඔහුව වටකරගෙන සිවිල් පිට ඉන්න පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් වික‍්‍රම් එක්ක කතා කරමින් ඉන්නවා.
වික‍්‍රම් - කවුද දැනගෙන හිටියේ ජීවිතය මාව මෙහෙම වීල් චෙයාර් එකකට කොටු කරයි කියලා. මම කවදාවත් මේක ඉල්ලුවේ නැහැ.
ඉන්ස්පෙක්ටර් - සාරාගේ රිපෝට් ආවා. සාරා සියදිවි හානි කරගෙන නෙවෙයි. එයාව වෙන කවුදෝ කෙනෙක් මරලා තියෙන්නේ. ඒත් එයා සියදිවි හානි කරගෙන කියලා ඔප්පු කරලා පෙන්වන්න හදලා තියෙන්නේ.
ප‍්‍රතාප් - ඉතින් ඔයා ඒවට වික‍්‍රම්ව ඉන්වෝල් කර ගන්න හදන්නේ ඇයි?
ඉන්ස්පෙක්ටර් - වික‍්‍රම් ඇක්සිඩන්ට් වුණු එක, සාරා මැරුණු එක, ජිමී අතුරුදන් වුණු එක, ඒ හැම දෙයක්ම එකිනෙකට බැඳිලා තියෙනවා.
මේ වික‍්‍රම්ගේ සුපිරි නිවස. ඔහු රෝද පුටුවෙන් එද්දී ඔහු ඉස්සරහට තරුණ ලස්සන කාන්තාවක් එනවා.
රොමිලා - හායි වික‍්‍රම්. වෙල්කම් බැක්
වික‍්‍රම් - ඔයා මගේ කවුරුවත් නෙවෙයි. ඔයා මගේ ඩැඩීගේ වයිෆ් විතරයි. හරිද?
මේ තවත් දවසක සිදුවීමක්. කාමරයක ඉන්න වික‍්‍රම් ගාවට යුරෝපීය ඇඳුමින් සැරසුණු වික‍්‍රම්ගේ පියා එනවා. ඔවුන් දෙන්නම ඉන්නේ වික‍්‍රම්ගේ මවගේ ඡායාරෑපයක් අසලයි.
ඩැඩී - ඔයාගේ අම්මගේ මරණයෙන් පස්සේ, මට ඔයාගේ වගකීම් ඉෂ්ඨ කරන්න බැරි වුණා. ඒත් මම ඔයාට ආදරෙයි වික‍්‍රම්.
වික‍්‍රම් - මමත් ඔයාට ආදරෙයි ඩැඩී.
ජීවිතයයි මාර්ගයයි කියන්නෙ එකම වගේ දෙයක්. මහ පාරයි ජීවිතයයි කොයි වෙලාවෙද වෙනස් වෙන්නේ කියලා දැනගන්න බැහැ.
කුතුහලය පිරුණු මේ කතාවේ ඉතුරු ටික ඔබ දැනගන්න කැමතිද? එහෙමනම් ඔබට 2019 නොවැම්බර් 01 වැනිදා තිරගතවෙන බයිපාස් රෝඩ් කියන හින්දී සිනමාපටය නරඹන්න තවත් ටික දවසක් බලාගෙන ඉන්න වෙනවා. බයිපාස් රෝඩ් කියන මේ අපූරු හින්දී සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නමින් නිතින් මුකේශ්. මාදන් පලිවාල් සහ නීල් නිතින් මුකේශ් තමයි මේ සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ. නීල් නිතින් මුකේශ් බයි පාස් රෝඩ් හින්දී සිනමාපටයේ කතාව ලියද්දී එහි තිර රචනය කරලා තියෙන්නෙත් ඔහුම තමයි. ඒ විතරක් නෙමෙයි බයිපාස් රෝඩ් කියන සිනමාපටයේ කතාවත් නීල් නිතින් මුකේශ්ගෙමයි. රෝහන් ගෝඛලේ, ශරීබ් ටෝෂී, රාජ් ආශූ සහ ශබ්බීර් අහ්මඩ් විසින් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන මෙන්න මේ බයිපාස් රෝඩ් කියන හින්දී සිනමාපටයේ චරිතවලට පණ පොවන කට්ටිය ගැනයි දැන් ඔබට කියන්න හදන්නේ.
වික‍්‍රම් භාත්ගේ චරිතය හැඩ කරන්න එයට පණ පොවලා තියෙන්නේ ඔබ මෙන්න මේ සිනමාපටවලින් දැකලා තියෙන ඒ කඩවසම් තරුණායායි. බලන්න ඔබට ඔහුව මතක් වෙනවද කියලා මෙන්න මේ සිනමාපට ගැන කිව්වම.
Vijay (1988), Jaisi Karni Waisi Bharnii (1989), New York (2009), Jail (2009), Lafangey Parindey (2010), 7 Khoon Maaf (2011), David (2013), Kaththi (2014)
1982 ජනවාරි 15 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායිවලදී උපත ලද ඔහු 1987 පටන් සිනමා නළුවෙක් විදියට වෘත්තීය ජීවිතයේ නියැලෙනවා. 2017 වසරේදී ඔහු විවාහ වුණේ රුක්මනී සහායි එක්කයි. ඔහු වෙනින් කිසිවෙක් නෙවෙයි ජනප‍්‍රිය හින්දී ගීත ගායක මුකේශ්ගේ මුණුපුරා සහ නිතින් මුකේශ්ගේ පුතු වන නීල් නිතින් මුකේශ්. ඔහු තමයි බයි පාස් රෝඩ් හින්දී සිනමාපටයේ වික‍්‍රම් කියන ප‍්‍රධාන චරිතයට පණ පොවන්නෙත්.
මේ කතාවේ රෝද පුටුවේ ඉන්න වික‍්‍රම්ට ජීවිතේ ජයගන්න ඔහුට බෙහෙවින් ආදරය කරන යුවතියක් පසුව හමුවෙනවා. ඇයගේ නම රාධිකා නයිර්. මෙන්න මේ කියන රාධිකාගේ චරිතයට පණ පොවන ඇය ගැනයි දැන ඔබට කියන්න හදන්නේ. 2008 වසරේ පටන් නිළියක් විදියට වෘත්තීය ජිවිතයේ නියැලෙන ඇය මෙන්න මේ සිනමාපටවලින් ඔබට අපිට දැකගන්න හැකිවෙලා තියෙනවා.
1920 (2008), Hasee Toh Phasee (2014), Heart Attack (2014), S/O Satyamurthy (2015), Sale (2015), Garam (2016), Kshanam (2016), Rana Vikrama (2015)
හින්දී දමිළ තෙළිඟු සහ කණ්ණඩා සිනමාපට බොහොමයකින් අපි ඇයව දැක තියෙනවා. අදාහ් ශර්මා ගැන තමයි මෙතෙක් වෙලා ඔබට කිව්වේ. අදාහ් ශර්මා තමයි මේ බයිපාස් රෝඩ් කියන හින්දී සිනමාපටයේ රාධිකාගේ චරිතයට පණ පොවන්නේ. ප‍්‍රධාන චරිත ගැන ඔබට කිව්වනේ. ඔවුන්ට අමතරව අජය කාශ්‍යප්ගේ චරිතය සුධන්ශු පාන්ඩේත්, ප‍්‍රතාප් විදියට රජිත් කපූර්, රොමිලාගේ චරිතය ගුල් පනන්ග් හැඩ කරද්දී බයිපාස් රෝඩ් හින්දී සිනමාපටය හැඩ කරන්න ත‍්‍රිපාතී ශුක්ලා, මනීෂ් චවුද්‍රී, ශමා සිකන්දර්, තහේර් ශබ්බීර්, පහල් මන්ගේ, එරොව්‍රල් පීටර්, භාවනා රාඕ, මුකේශ් භාත් සහ රාම් සුජානුත් එකතුවෙලා තියෙනවා.
► Translation — Chandana Waravitage