2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

මඟුලයි - උගුලයි

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 54

අද අපි ලකයි සිකයි කරපු Trending ආපු වීඩියෝවකින් එකක් තෝරගත්තා අපේ Youtube Hit කතාබහට. මේ වීඩියෝ එකේ නම තෑග්ග. දෙලක්ෂ අසූ හතර දහසක් විතර Views ප්‍රමාණයක් මේ වීඩියෝ එකට තිබෙනවා. ධාවන කාලය මිනිත්තු එකයි තත්ත්පර විසි හතරයි.

වැඩේ Director කළේ Script එක ලිව්වේ ලකා. ඒ කියන්නේ ලක්මාල් විජේසිරි. DOP පාට් එක කරලා තිබ්බේ මාධව චතුරංග. Audio පැත්ත චානුක ගුණවර්ධන. පුරැදු විදිහට රඟපාන්නේ ලකා එක්ක සිකා. සිකා කියන්නේ දුමින්ද ශ්‍රීකාන්ත. ඔක්තෝබර් පළවෙනිදා තමා වැඩේ එළියට දාලා තිබ්බේ. Comedy කියම Youtube Category කියන යටතේ තමයි ලකා සිකා වීඩියෝ youtube ගත කරන්නේ. මේකත් එහෙම වැඩක්.

අපි මීට කලින් වීඩියෝ ගැන කතාකරද්දී ලකා සිකාගේ වැඩ ගැන වගේම මේ දෙන්නා ගැනත් කතාකරලා තියෙනවා. ඉතාම සීමිත වචන ප්‍රමාණයක් ඉතාම සීමිත කාලයක් තුළ විශිෂ්ට ගණයේ ප්‍රහසනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව මේ දෙපළ සතුයි. මේ තෑග්ග වීඩියෝ එක මේ හැකියාව ඉතා විශිෂ්ඨ විදිහට කැපී පෙනෙන අවස්ථාවක්. ස්වභාවික රංගනයක් තමා දෙන්නගෙන්ම ඉදිරිපත් වෙන්නේ. හිතා මතා අපිව හිනා ගැස්වීමට ආයාසයක් ඔවුන් දරන්නේ නෑ. සිකාගේ නම් එක ඇක්ෂන් එකක් තියෙනවා ගොඩක් වෙලාවට වීඩියෝවල දාන ඒක මේකෙත් තියෙනවා. නමුත් රංගනයේ ස්වභාවිකත්වයට ඒක බාධාවක් වෙන්නේ නෑ.

කතාව ගැනත් කෙටියෙන් කියන්න ඕනෑ. ලකා සිකාට තෑග්ගක් ගේනවා. හනිමූන් ගිහිල්ලා එන ගමන්. සිකා තමයි මඟුල සෙට්කරලා තියෙන්නේ. ඒ නිසා තමා මේ තෑග්ගක් අරගෙන එන්නේ. හැබැයි ඒ තෑග්ගේ කියවෙන්නේ සිකා ලකාට සෙට්කරපු මඟුලේ තරම. කතාවේ දෙබස් තමා ප්‍රබල. ඒ හරහා තමයි රසය මතුවෙන්නේ.

තෑග්ග පිටපත සැලකුවාම සංක්ෂිප්තව මේ තරම් දෙයක් ඉදිරිපත් කිරීම නිර්මාණකරුවා සතු ප්‍රතිභාව මනාව පෙන්නුම් කරනවා. අධ්‍යක්ෂ කියන කාරණාවේදී වැඩිපුර මුහුණුවල හැඟීම් ප්‍රකාශ වෙන විදිහට රූප රාමු තෝරා ගැනීමක් පේන්න තියෙනවා. කියන්න අඩුපාඩු නැතත් තවත් කැමරා කෝණ එකක් දෙකක් භාවිත කළා නම් හොඳයි කියලා තමා අපිට හිතෙන්නේ. කොහොම වුණත් තාක්ෂණය භාවිතය සහ නිර්මාණකරණය Youtube මාධ්‍ය වෙනුවෙන් නිර්මාණය වන Video වලට වඩා ටෙලි නිර්මාණවල භාවිතය තරම් ඉහළ අගයක තියෙන්නෙ කියලා කියන්න පුළුවන්.

Youtube Hit වලින් අපි උත්සාහ කරන්නෙ Youtube වෙනස් විදිහට බලන්න රසිකයාව හුරු කරන්න. ඒ වගේම නිර්මාණකරුවන්ගේ ගුණාත්මක භව ඉහළ යන විදිහේ විචාරයක් ඔවුන්ට ලබාදීම. ලකා සිකා කියන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළින්ම ඔන්න අපි අමුතුවෙන් විචාරය කරන්න දෙයක් නැති වීඩියෝවක්.

 

► Text - Nisal   /  Pic – Internet