සුදෝ ඔන්න අපි ගලපනවා කාලේ අකාලේ අපේ රටේ Y Trend එකක්... මචෝ අපි උන් ගොඩක් Trend වලට සෙට් වෙන්නේ ආතල් එකට. නැත්නම් අනිත් උන් කරන නිසා. ඒ වුණාට තව Trend ජාතියක් තියෙනවා ඒ වලට අපේ බුවාලා සෙට් වෙන්නේ සෙට් නොවී බැරිකමට... මේ අපි ගලපන්න යන්නේ ඒ ජාතිය Trend එකක්.
දේශපාලනය චාටර් ඈ... කතාකරලා වැඩක් නෑ. ඒ වුණාට මේ Trend එකට දේශපාලනය ටිකක් අදාළයි පැංචෝ. ඡන්දේ කාලෙට දේශපාලකයෝ ළඟ වැටීගෙන වැඩකරන තරැණ සෙට් එක ගැන තමා අද කතාව. ඉස්සර වගේ නම් දැන් සීන්කෝන් එක නෑ... ටිකක් අඩුයි. ඒ වුණාට නැත්තේමත් නෑ. ඒ කොහොම වුණත් එදත් අදත් කවදත් මේ සීන්කෝන් එක කතාබහ වෙනවා නම් ගොඩක් අඩුයි. සුදාලා අපි මුලින්ම බලමු මෙයාලා කවුද කියලා.
මෙයාලා සාමාන්‍ය පවුල්වල කෙල්ලෝ කොල්ලෝ. මූලික බලාපොරොත්තුව තමා ජොබ් එකක් ලබාගැනීම. ඒ වගේම දේශපාලන උණක් මෙයාලාට තියෙනවා මචෝ. එක එක අධ්‍යාපන මට්ටම්වලට මේ කස්ටිය අයිතියි ඈ.... සමහරුන්ට උපාධි එහෙමත් තියෙනවා. තවත් සමහරුන්ට ඕ ලෙවල්වත් නෑ. හැම ඡන්දෙ කාලයකම හැම දේශපාලකයකුගේ ගෙදරකම කාර්යාලයකම මේ අලුත් මූණු සෙට් එක දැකගන්න පුළුවන්. මේක සිරා Trend එකක් අපේ සිරිලංකාවේ. බොරැනම් හොයලා බලන්න මගේ පැංචෝ පැංචියෝ ටික. මේ ඡන්දෙත් ඊළඟ ඡන්දෙත් ඊට පස්සේ එන ඡන්දෙත් මේ Trend එක අපේ රටේ තියෙනවා. ඕක නිකම් සම්භාව්‍ය විදිහට කිව්වොත් ශ්‍රී ලාංකික දේශපාලන සංස්කෘතියේ තරුණ ගැටලු වගේ වචන සෙට් එකක් අපිට කියන්න පුළුවන්. අඩේ ඒ වුණාට මේ සීන් එක තේරන සිංහලෙන් තමයි අපි ගලපගන්න ඕනෑ බං.
ඔන්න සුදාලා දන්නවානේ ඡන්දේ කාලේ කොච්චර වැඩ තොගයක් ඔය පක්ෂ සංවිධාන ගොයියන්ට පැවරෙනවාද කියලා. ආයෙත් අහලා පට්ට සල්ලියක් මෙයාලට වියදම් වෙනවා. පස්සේ ඉතින් එයාලා ඒක හොයාගන්නවා. ඒක වෙන කතාවක්නේ සුදු පුංචෝ. අපේ සුරතල් මැට්ටලා මැට්ටිලාට ඕවා තේරෙන්නේ නෑ. අනික අපිට ඕවා අදාළත් නෑ. හා බොරුද? කොහොමත් වැඩ තොගයක් තියෙනවා ලොක්කන්ට ඡන්දේ කාලේට කරන්න. ඒකට ඕනෑ වෙනවා ශ්‍රමය. ඔන්න ඔතැනදී තමා බුවාලා ටික ඕනෑ වෙන්නේ. හිතවතෙකුගේ මාර්ගයෙන් මෙයාලා ලොක්කන්ගේ ගෙවල්වලට සෙට් වෙනවා. ඉතින් ටික කාලයක් කඹුරනවා. ඉස්සර හත්මුතු පරම්පරාවම ලොක්කට කඹුරන සීන් එකක් තිබ්බානේ ඒක නෙවේ මේ. වැඩේ කොරගන්න කල් කරන වැඩක්.
දැන් අපි බලමු මෙයාලාට තියෙන වැඩ මොනවාද කියලා ඕං... සැරසිලි පෝස්ටර් කටවුට් ව්‍යාපාරය බාරව ඉන්නේ මෙයාලා. පෝස්ටර් ඩේට් එකට පොඩි ලොරි කැබ් දෙක තුනක් ලොක්කන්ගේ පොට් එකෙන් පිටත්වෙනවා. ඒකෙ යනවා මේ සෙට් එක බෙදිලා ගහන කටවුට් එතකොට පෝස්ටර්. මෙයාලව ලීඩ් කරන්න ලොක්කා ළඟ හැමදාම වැටිලා ඉන්න පළපුරුදු අයියලා ඉන්නවා. උපදේශනය සීරැවට... ගේම ලස්සනට. පෝස්ට් වැඩේ ගොඩ.
කොහොමද කෑම... අවුලක් නෑ සර්. කන්න කෑම හැමෝම හදනවා. නැත්නම් ගේනවා. ඒවට ඉන්නවා ලොක්කාගේ හිතවත්තූ. රට බීම මේ කාලයේ ඉතින්... Sponsor කරන්න ඕන අය ලොක්කට ඉන්නවා. දෙක දාගන්න මෙහේ කවුරුත් සැපේ තමයි ඉන්නේ. සැපේ කිව්වට සැපේම නෙවේ බලාපොරොත්තු ගොඩක් උඩ. කොහොම වුණත් දිවා රාත්‍රී සේවය. කියන ඕනෑ දෙයක් කරනවා. සමහරැ චණ්ඩි, සමහරු දේශපාලන මහාචාර්යවරු, සමහරු අමු බේබද්දෝ. හැබැයි ඔය කොයි කවුරුත් තමන් වැඩක පක්ෂය පාට දිනනවා කියලා විශ්වාස කරනවා. ඊටපස්සෙ තමන් ගොඩ යන විදිහ කල්පනා කරනවා. හැබැයි දිනනවා කියලා කිව්වාට තමන්ගෙ බලාපොරොත්තු මෙයාලා ප්‍රසිද්ධියේ කියන්නේ නෑ මචෝ.
මේ කාලෙට ලොක්කා මෙයාලගේ යාළුවෙක් වගේ. සමහරු ලොක්කා එක්ක යන එනවා වාහනවල. රැස්වීම්වලට බහින්න කථිකයෝ අදින්න වෙනම වාහන සෙට් එකක් දුවනවා... අපේ බුවාලා තමා ලයින් එකේ ඉනේ. Manager’s ලා වගේ තමා කෝඩිනේෂන් පාට් එක මෙයාලා කරන්නේ. ටිකක් උගත් අය ලොක්කාගේ ලේකම්ලා වගේ. එව්වගේම පියන්ලා වගේ අයත් ඉන්නවා. මගේ පැංචොන්ට කියන්න කොච්චර ප්‍රශ්න තිබ්බත් මේ කාලේට මෙයාල මාර Power එකක් එක්ක ජීවත් වෙන්නේ. කස්ටිය ඉස්සරහා තවත් සමහරු ටිකක් විතර රඟනවා. සීන් එක අවුල් වගේද? ඒත් ඇත්තනේ කියන්නේ බොල...
මෙහෙම ඉන්නේ කොල්ලෝ විතරයිනේ. ඔන්න ඔහොම හිතුණොත් මගේ මචීලාට, අපි කියනවා අනේ එහෙම නෙවෙයි පැංචියේ. කෙල්ලොත් ඕනෑතරම් ඉන්නවා මේ ලයින් එකේ කියලා. ලොක්කා ළඟ ලියකියවිලි වැඩ ඕසේට. ටෙලිපෝන් call එහෙමත් බරට ගන්න තියෙනවා. ඉතින් හිතවත් කෙල්ලෝ හතර පස්දෙනෙක් කාර්යාලයේයි ගෙදරයි වැඩ. බලාපොරොත්තු ජොබ් තමා බං, ආයේ වෙන මොනවාද? හැබැයි මෙයාලා හවසට ගෙදර. මේ අතරේ ලේකම්ලා වගේ ලොක්කගේ Power එක තියෙන සමහර අයගේ හිත කලබල වෙනවා.... ඈ... හා... එව්වා ඕනේ නෑ. හැබයි වැඩ කරනකොට කතාබහ වගේම යාළු ෆිල් එක හොඳට තියෙනවා සෝ ආතල්. හැබැයි ඇතුෙළ් කැපිලි.
සුදෝ මේ අපි කියන්නේ පොදු තත්ත්වය ඈ. අර පක්ෂයේ මේ පක්ෂයේ අර ලොක්කාගේ මේ ලොක්කාගේ සීන්කෝන් නෙවෙයි හරිය. වරදවා වටහාගන්න එපා. මේ Trend එකක් සිරා Trend එකක්. සමහරු හිතන් ඉන්නවා මේවා ඉස්සර තමා තිබ්බේ... දැන් නෑ කියලා. සත්තයි සත්තරනේ අදත් තියෙනවා. ටිකක් මොඩර්න් විදිහට. කාර් වෑන් අරගෙන ඇවිල්ලා කඹුරන්න අපේ තරුණ බුවාලාත් ඉන්නවා. ජොබ් නැතත් එයාලට වෙන වෙන බලාපොරොත්තු තියෙනවා. මේ දකින්න ඇතුළට බැහැලම බලන්න වෙනවා. වැඩ කරනකොට ලොක්කා ලකුණු දෙනවා කියලා තමා මෙයාල කවුරුත් හිතන්නේ. ගේම් එක ඉවර වෙනකොට පොයින්ට් ටේබල් එකේ උඩින්ම ඉන්න තමයි කාගෙත් බලාපොරොත්තුව.
මේ සීන්කෝන් එකේ අවසානයේ මොකක්ද වෙන්නේ. ඔන්න පැංචෝ සීන් එකේ. වෙන මොනවා වෙන්නද... ලෝක ස්වභාවය අනුව තමා... සමහරුන්ට හරි යනවා සමහරුන්ට කෙලවෙනවා. කෙලවෙන එකා බැණ බැණ යනවා. හරි යන එකා හිමීට පැත්තකට වෙනවා. අලුත් සෙට් එකක් සීන් එකට එන්ටර් වෙනවා. සරලයි... පැහැදිලියි... දුකයි... ඇත්තයි... තිත්තයි... මේ තමා සිරිලංකා කවුරුත් කෑමට ගන්න පොල්. අද අපි ඒකෙන් කීවේ ටිකක්. ඒ කියන්නේ... පොලිටිකල් ගැන පොඩි කතාවක්... සත්තරං පරිස්සමින් ආ.... ඕන් අපි ගියා.
► Text - Nisal / Pic – Internet