ඔව වෙනුවෙන්........ ඔව් ඔබම වෙනුවෙන් පැය 24ක් තුළ එක්ලක්ෂ විසි වතාවක් පමණ ගැහෙන හදවත........
ඔබ මේ විශ්වයට සපැමිණි දිනයේ සිට නික්ම යන දිනය තෙක් ඔබේ හුස්මක් හුස්මක් ගාණේ වග වුණු හදවත.........
ඔබට ප්‍රාණයක් හිමි වගට සාක්ෂිකාරයෙක් වූ හදවත.......
ස්නේහයෙන් රැකගන්න ඔබට.......
අවැසි මොහොතක තවත් අයකුගේ ද හදවතක් රැකගනු වස්......
අවබෝධාත්මක ක්‍රියාකරුවකු විය හැකිනම්........ ඔබ වෙනුවෙන් මෙන්ම තවත් අයකු වෙනුවෙන් ද ඔබේ හද ගැස්ම මනුෂ්‍යත්වයෙන් පරිපූර්ණ කල හැකිනම්,
ඔක්තෝබර් 16 වැනි දින ලෝක නිර්වින්දන දිනය වෙනුවෙන් එවන් පණිවිඩයක් ජනගත කරන්නට අපට සිතුණා.
නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිල්මිණී විජේසූරිය කියන්නේ නිර්වින්දන වෛද්‍ය සහ දැඩි සත්කාර ඒකක විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හෙවත් විද්‍යායතනයේ ජාතික සංවිධායක. මෙහි සභාපති ලෙස වගකීම් ඉටු කරන්නේ මිත්‍ර ජී ප්‍රේමරත්න. පුනර්ජීවන කමිටුවේ කාර්යභාරයන් පිළිබඳව මෙන්ම ඔක්තෝබර් 16 වැනිදාට යෙදෙන ලෝක නිර්වින්දන දිනය වෙනුවෙන් ඔවුන් තිළිණ කරන සමාජ පණිවිඩය කුමක්ද යන්න පිළිබඳව අපි කතා කළේ වෛද්‍ය නිල්මිණී විජේසූරියත් එක්ක.
නිර්වින්දන වෛද්‍යවරු තමයි ලෝකයේ හැමතැනම පුනර්ජීවන කාර්යයන් සඳහා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරන්නේ.
අපි ලෝක හදවත් පුනර්ජීවන දිනය ලෙස තමයි මෙම දිනය සමරන්නේ. යුරෝපයේ තැන්වැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ හෘද අකර්මණ්‍යතාවය කියන තත්ත්වය හේතුවෙන්. යුරෝපයත් අමෙරිකාවත් ගත්තම අවුරැද්දකට ලක්ෂ 7ක් පමණ හිටපුගමන් හෘදය වස්තුව නවතින තත්ත්වයට පත්වෙනවා. එක් දිනකට ඒ හේතුව මත 2000ක් විතර මියයනවා. ලංකාවේ ඒ මරණ ගැන කියන්නට අදාළ දත්ත නැති වුණත් ලංකාවේ ජනගහනයෙන් 9ක් හෘද වස්තුව සම්බන්ධ රෝගවලින් පෙළෙනවා. ඉතා සරලව විග්‍රහ කළොත් හෘද වස්තුව කියන්නේ පොම්පයක් වගේ රැධිරය අපේ ශරීරය පුරා ගෙන යන ඉන්ද්‍රියක්.
ඉපදුණු දවසේ ඉඳන් මැරෙන මොහොත දක්වාම එය අඛණ්ඩව ඔබ ජීවත් කිරීම වෙනුවෙන් තමන්ගේ කාර්යභාරය කරගෙන යන්නට ප්‍රයත්න දරනවා. දවසකට එක්ලක්ෂ විසිපාරක් විතර එය ගැහෙනවා. එහෙත් යම් යම් හේතු මත ඒ ගැහෙන රිද්මය වෙනස් වෙන්න පුළුවන්. ඔබ තේරුම්ගත යුතුයි හෘදයාබාධ සහ හෘද අකර්මණ්‍යතාවය කියන්නේ එකිනෙකට වෙනස් රෝග තත්ත්ව දෙකක්. හැම හෘදයාබාධයකින්ම හෘදය එකවරම නවතින්නේ නෑ. හෘදය වස්තුවෙන් මොළයට කරන ඔක්සිජන් සැපයුම හදිසියේ නතර වූ විටක තත්ත්පර තුනක් වැනි ඉතා සුළු කාලයක් තුළ මොළේ සෛල මියයන්න පටන්ගන්නවා. මෙම තත්ත්පර ගාණ වැඩි වෙන්න වැඩි වෙන්න මියයාමේ අවදානම දැඩි වන අතර යම් හෙයකින් එම තත්ත්පර ගාණ ඇතුළත රෝගියා නොමැරුණත් මොළය අකර්මණ්‍යතාවයට පත්වෙන්න පුළුවන්. ඇත්තටම මෙවැනි රෝගියෙක් තත්ත්පර ගණනාවක් ඇතුළත ජීවිතයත් මරණයත් අතර කරන්නේ ලොකු සතුටක්. ලෝකයේ දියුණුම රටක වුණත් විනාඩි 3ක් ඇතුළත වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න විදිහක් නෑ, රෝහලකම සිටින මොහොතක ඇරෙන්න. කෘත්‍රිම ශ්වසනය ලබාදීම පිළිබඳව නිවැරදි ප්‍රායෝගික දැනුමක් හැම පුද්ගලයකුටම ලබාදෙන්නට පුළුවන් නම් එය තත්ත්පර ගාණක් ඇතුළත මියයන ජීවිත රැකගැනීමේ පළමු සහ අසංඛ්‍යාත්මක වටිනාකමකින් යුත් ප්‍රථම ප්‍රථමාධාරය ලෙස මම හඳුන්වන්න කැමතියි. අන්න ඒ නිසා අපි හැමවිටම උත්සාහ කරනවා මේ දැනුම ඔබ අතරට රැගෙන යන්න.
නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිල්මිණී විජේසූරිය තම වගකීම හා මෙහෙවර පිළිබඳව කතා කළේ ඒ අයුරින්. ආචාර්ය සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, කීර්ති පැස්කුවල්, විශ්ව බාලසූරිය, බිමල් ජයකොඩි, අරැණි, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිල්මිණී තෙන්නකෝන් වැනි කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් ඔක්තෝබර් 16 වැනිදා කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී උදෑසන 9. 00 සිට සවස 3.00 දක්වා නිර්වින්දන වෛද්‍ය සහ දැඩිසත්කාර ඒකක විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ එකමුතුවෙන්, සුවිසැරිය ගිලන්රථ සේවය, රතු කුරුස වැනි තවත් සංවිධාන ගණනාවක සහභාගීත්වයෙන් නොමිලේ පවත්වන වැඩමුළුවේ පරමාර්ථය වෙන්නේ මෙවන් හදිසි මරණ වළක්වා ගැනීම සඳහා කෘත්‍රීම ශ්වසනය ලබාදීම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමයි. ආචාර්ය සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය සහ විශ්ව බාලසූරිය නිර්මාණය කළ වීඩියෝ පටයත් එදිනට එළිදකින අතර කෘත්‍රීම ශ්වසනය ලබාදීම පිළිබඳව පුද්ගලයකුට දැනුම ලබාදීමේ වැදගත්කම එයින් අවධාරණය කරනවා. මක්නිසාද යත් අප ව්‍යායාම කරද්දී, පාරේ ඇවිදිද්දී සැකෙවින්ම අප නොසිතන මොහොතක අප මෙම අවදානමට ලක්වීමේ සම්භාවිතාවය අද්‍යතනය වනවිට හුඟක් වැඩි නිසා.
පාසල් දරුවන් වගේම යුද හමුදා, පොලිස්, නාවික හමුදා වැනි ආරක්ෂක අංශත් මෙම වැඩසටහනට එක් වෙනවා. කොළඹ ප්‍රධාන වැඩසටහන පැවැත්වෙන අතර මහනුවර, හම්බන්තොට, හලාවත, යාපනය, බදුල්ල, ගාල්ල වැනි ප්‍රදේශවලත් මීට සමගාමීව විවිධ වැඩසටහන් පැවැත්වෙනවා. මෙම සමාජ සත්කාරයට අනුග්‍රාහක භවතුන් තම අනුග්‍රාහකත්වය පිරිනමා ඇත්තේ එය සමාජ පරාර්ථය උදෙසා මානුෂිකත්වයෙන් පිරි කාරණාවක් වන නිසා. මෙම මහජන ප්‍රජා සත්කාරය පිළිබඳව එදින සිංහල දෙමළ ද්වි මාධ්‍යයෙන්ම කථනය කරන්නෙත් වෛද්‍යවරුන් විසින්. කලාවත් එක්ක නිරන්තරයෙන්ම යාවජීව ගනුදෙනුවක් කරන ගීත හා සාහිත්‍ය විචාරකයෙක්, ග්‍රන්ථ කතුවරයෙක් වගේම ගී පද රචකයකුත් වන දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර තමා එදාට සිංහල මාධ්‍යයෙන් මෙහි නිවේදන කටයුතු මෙහෙයවන්නේ.
මේ අහන්න.. පළමුවත් දෙවනුවත් තෙවනුවත් ඔබට ඔබේ හදවත මෙන්ම තවත් අයකුගේ හදවතක් ඔබේ ජීවිත කාලය මුළුල්ලේ එක්වරක් හෝ රැකගත හැකිනම්, රැකගැනීමේ ප්‍රථමාධාරය පිරිනැමීම තුළ ජීවිතයක් බේරාගත් වීරවරයා විය හැකිනම් එය මනුෂ්‍යත්වයේ උපරිමය සටහන් වන මොහොතක් වනු ඇත.
එහෙයින් එදාට නොවැරදීම ඔබ එන්න.
► Text - ස