ඔන්න සුදා අපු අපි අද face බුකිය පැත්තට එබෙන්න යන්නේ... මේ සීන්කෝන් එක බුකියේ සරණ මැණික් ඉල්ලම් ගැන. අපි නම් දන්නේ අතේ තියෙන තුට්ටුවෙන් ඩේටා දාගෙන බුකියට ගිහිල්ල පොකට් එකට තට්ටු කරගන්නනේ. ඒ වුණාට එක එක ගේම් ගහලා Face Book ඉල්ලීමක් කරගෙන ගොඩ යන එක දැන් Y Trend එකක්. විස්තරේ හොයලා බලන්න ඕනෑ කියලා අපිට හිතුණේ Facebook සල්ලි ගැන පහුගිය දවස්වල කියැවුණු කතා නිසා.
මේ ඡන්දේ කාලේත් සමහරු බුකියේ ගොඩ යන Line එකක් තියෙනවා කියන්න ඔන්න බුකියේම සැරට කතාවෙනවා. අපි නම් ඕවට නෑ හරිය. හැබැයි කතාවේ ඇත්තක් නැත්තේම නෑ. ඒ කතාව පසුවට. මුලින්ම නියුටල් එකේ යමු. හා ද? කොහොම හරි බුකියෙන් ගොඩ යන ක්‍රම ගොඩක් තියෙනවා. අනිවා ඩෙෆා ඔයාලාත් ටිකක් දන්නවා. අපි සීන් ටික එකින් එක බලන්න ඕනා. ඔන්න පුතේ ගොඩයන ශිල්පය තමා අපි ගලපන්නේ. අල්ලා ගත්තොත් කල්ල මරේ. වරද්ද ගත්තොත් කොල්ලා හිරේ. බැරිද කියලා කියවලාම බලන්න කෝ සුදු පුතේ.
මචෝ මේ සල්ලි හොයන සීන් එකේ ඩීසන් වැඩ වගේම මර්සි වැඩ ඕසේට තියෙනවා. බුකියේ බිස්නස් වෙනවා. සුදාලා ඒක දන්නවානේ. පොඩි පොඩි දේවල් වල ඉඳලා ලොකු ලොකු දේවල් වෙනකල් බුකියේ විකිණෙනවා. උදාහරණයක් විදිහට Hand Free එකක් Phone එකක් ගන්න තැන ඉඳලා වාහන, ගේදොර, ඉඩකඩම් ගන්න එක දක්වා ව්‍යාපාර face බුකිය හරහා වෙනවා. සෘජු වැඩේ ලයින් කරගන්න බුකියෙන් පුළුවන් අතරමැදියෝ නැතිව. ඒත් දැන් ඔය තැරැව්කාරයෝ තමන්ගේ බිස්නස් line එක ගහන්නේ බුකියෙන්. ඒ නිසා දැන් සීන් එක සංකීර්ණයි.
මේ සීන් ඇතුළේ හොඳ දේවල් වගේම නරක දේවලුත් විකිණෙනවා. උදාහරණයක් විදිහට මත්ද්‍රව්‍ය ඒ වගේම ලිංගික ශ්‍රමය වගේ දේවල්. බුකී ව්‍යාපාරවල කොටසක් මචෝ. අපි ඒක වෙන හැටි අන්තිමට බලමුකෝ.
දැන් අපි බලමු එදිනෙදා සාමාන්‍ය ජීවිතේ ඉන්න අපේ ෆෙන්තෝ තමන්ගේ ව්‍යාපාර වැඩවලට බුකිය පාවිච්චි කරන හැටි. මේ සීන් එකේදී Facebook Group (සමූහ) තමා වැදගත්ම වෙන්නේ රජෝ. එක එක විෂය ක්ෂේත්‍රවලට අදාළ බුකී Group තියෙනවා. උදාහරණයක් විදිහට මෙහෙම කියන්නම් කෝ. සුරතල් මසුන් ඇති කිරීම කියන Subject එකේ ඉන්න අයට group එකක් තියෙනවා. ඒකේ Post වෙනවා තමන්ගේ අවශ්‍යතාවය. එතකොට ඒවලට අදාළ අය Comment වෙලා සෙට්වෙලා inbox එකේ බිස්නස් එක කතා කර ගන්නවා. රථවාහන සම්බන්ධ මේ වගේ Group ගොඩක් තියෙනවා. වෑන්වලට බයික්වලට වෙන වෙනමත් තියෙනවා. සුපිරි බල්ලෝ වෙනුවෙන් තියෙන Group අපි දැකලා තියෙනවා. මේ Group වල සෙට්වෙලා අවශ්‍ය දේවල් විකුණන වගේම මිලදී ගන්නත් පුළුවන්. දැන් බුකියේ Group එකක් නැති Subject එකක් නැති තරම්. බුකී සරණ Youth එකේ අපේ අය තමා මේ Group සීන් එකේ රඟන්නේ. මොකද එයාලා Update නේ. ඒ නිසා තමා සීන් එක Y trend එකක් වෙන්නේ. තව දෙයක් සුදෝ, ඔය web වල වගේ මේ සීන් එකේදී කවුරැත් ගාන කපාගන්නේ නෑනී. ඒ නිසා වැඩේ සුපිරියි. එත් මර්සිකාරයෝත් ඉන්නවා ඔය අතර හරිය. සමහරැ අහුවෙනවා. අයියෝ සල්ලි.
දැන් ඔය කුඩා පරිමාණ ව්‍යාපාර ඒ කියන්නේ තෙල් බෙහෙත්වල ඉඳලා ක්‍රීම්වර්ග අතේ බඳින පටි වගේ දේවල් වෙනකල් පොඩි පොඩි අයිටම් බුකිය හරහා විකිණෙනවා. සමහරුන්ගේ Profile එකම ඒ වගේ ව්‍යාපාරයක් වෙනුවෙන් පවතින්නේ. දාන්නේම ඒ වගේ පෝස්ට්. තව සමහරු තමාගේ Shop එක නමින් Profile හදාගෙනත් ඉන්නවා. අපේ පැංචියෝ ලස්සන වෙන්න මූණේ උලාගන්න ජාතිවල ඒවා මෙව්වා ගොඩක් බුකියේ විකිණෙනවා. මේක බුකී පැංචියොන්ගේ සමහරක් අතර තිවෙන Trend එකක්. ඔය ජාතිවල නියෝජිත වගේ ඉන්න මොඩ්ලින් කරන අක්කලා නැත්තම් පොඩ්ඩක් පොෂ් සීන් එකේ ඉන්න නංගිලා තමා මේ ලයින් එක ගහන්නේ. සමහරු තමන්ගෙන් බඩු ගත්තු අය දීපු හොඳ Comment බුකියේ post කරනවා. මේ සීන් එක නම් අහිංසක වැඩක් ගොඩක් වෙලාවට මචෝ. ඒත් කොහෙත් අවුල් ඩයල් ඉන්නවානේ. හා නැද්ද?
බුකියේ නෝමල් බිස්නස්වල අවුල් ඩයල් ඉන්න එක සාමාන්‍යයයි කියමුකෝ. ඔන්න මේකේ වෙන මර්සි බිස්නස් මොනවා කියලා බලන්න අපි යන්නේ. ලෝකේ පැරණිම වෘත්තියට Facebook එක දැන් සෑහෙන්න පාවිච්චි වෙනවා. ඩීල් එක කතා කරන්නේ මෙන්න මේකෙන්. අපේ සුදාලට කියන්න සමහරු එළිපිට Video වල කියනවා Inbox එක්ක ගාන කතා කරගන්න කියලා. තවත් අය Live එනවා. එහෙම ඇවිත් ඔමරි දාලා Costumesලා හදාගන්නවා. වැඩේ කියන්නේ බුකියේ එක එක ජාතියේ උන් ඉන්නවානේ. ඇත්තටම ඔය වෘත්තියේ යෙදෙන අය වගේම එහෙම රඟපාලා ගාණ කපාගන්න අයත් ඉන්නවා සුදෝ. ඉතින් ඕකත් බුකියේ ව්‍යාපාරයක් තමා.
ඊළඟට මත් රකුසන්ගේ ව්‍යාපාර බුකිය හරහා වෙන්නේ කොහොමද කියන එක ගලපා බලමු. ඩියුටි ෆ්‍රී බෝතල්වල ඉඳලා හෙරොයින් අයිස් වගේ දේවල් මේ බුකිය හරහා විකිණෙනවා. ගොඩක් වෙලාවට inbox හරහා Fake Profile වලින් තමයි වැඩේ කෙරෙන්නේ. හැමෝම දන්නේ අදාළ ජාතිය පාවිච්චි කරන උන් තමා සීන් එක දන්නේ. විශේෂයෙන්ම Party Drags ඒ කියන්නේ පෙති ස්ටෑම් වර්ග බුකිය හරහා ඩීල් වෙනවා. අවශ්‍ය තැනට ගෙනත් දෙන සීනුත් දැන් තියෙනවා. වැඩේ කියන්නේ බුකියේ මත්ද්‍රව්‍ය ලයින් එකේ ඉන්නේ අපේ තරුණ කෙල්ලෝ කොල්ලෝ තමා වැඩිපුර. ඩීල්ස්ලාත් උන්. පාවිච්චි කරනේත් උන්. සොරිම තමා ඉතින්. අනාගතේ චකබ්ලාස්ට්.
මෙහෙමයි අද ලෝකේ තරුණ පරම්පරාව ව්‍යාපාර වෙනුවෙන් social media use කරන එක හරිම සාමාන්‍ය දෙයක්. ඒක ලොකු Trend එකක්. ඒ නිසාම ඊට අදාල Option සමාජ ජාලා සමාගම් ලබාදීලා තියනවා. Face බුකියේත් මේ වගේ දේවල් තියෙනවා. සහෝ විශ්වාසයක් ඇතුව වැඩ කරන්න ඒවා හරහා පුළුවන්. ඒත් අවුල තියෙන්නේ අපේ වගේ රටවල්වල ප්‍රමිතියට වැඩක් කරන්න කවුරුත් උනන්දු නැති එක. දුක තමා අපේ තාරුණ්‍යයත් ඒකට සූදනම් නැති එක. මේවා හරහා අන්තිමට වෙන්නේ වංචාකාරයන්ට ලොකු තිප්පොළක් කළු කඩයක් බවට Facebook එක පත්වෙන එක සුදෝ. දැනටමත් ඒකේ පෙර ලකුණු අපිට පේනවා පට්ටෙට.
අපි යන්න හදන්නේ ඒකේ දෙයක් මගහැරියා බුකියේ පේජ්කාරයන් බිස්නස් කරන හැටි. ඒකට තමා අර ඡන්ද කතාවත් අදාළ වෙන්නේ. මෙයාල අපේ Like අරන් Page හදාගෙන පස්සේ post දාල සල්ලි හොයන සීන් එක වෙන වෙලාවක ගලපන්නම් සුදෝ. ඔන්න එහෙනම් අදට කැපුනා. බයි බබායි.. !
► Text - Nisal / Pic – Internet