ජීවිතේ අතු පතර සැඟවෙන
මහා වැස්සක ශේෂ වැහි බිඳු
පොහොට්ටුවකට ප්‍රාණයක් වී
සුසුම් මඟහැර සිනාසෙයි
ඉල්ලාන සේයාව සතුටේ
සඟවාන හිස උරහිසේ
ඉකිබිඳින සඳ ජීවිතේ
සොඳුර කිම මඟහැර ගියේ
නමක් නැති කඳුළක බරින්
කොපුල් සියුමැලි සීරුණේ
සල්ලාල පා තබා හදවත
නුඹයි සඳවත ඇවිද්දේ
මගේමයි මා සිතූ සිහිනය
මා අතැර බෝ දුර ගියේ
අතීතෙක එක සුවදක්ම මිස
කිසිත් නෑ මට මගෙ වුණේ
ආයුබෝවන් මගේ සිහිනය
ඇගෙයි දැන් ඒ ආදරේ
♦Saara