මේ කාර්යාල කාමරයක සිදුවීමක්. මෙතන උපැස් යුවලක් පැළඳි මැදිවියේ පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ළඟම මිටි තරුණයෙක් ඉන්නවා. මෙන්න මේ තරුණයා ගැන කතාව තමයි අද ඔබට කියන්නේ. මේ මිටි තරුණයාගේ නම රඝූවීර් මෙහ්තා. රඝූවීර්ගේ බොස් තමයි ඔහුට මෙන්න මේ වගේ උපදෙස් දෙමින් ඉන්නේ.
බොස් - දවසක ඔයා සාර්ථකම ව්‍යවසායකයෙක් වේවි. ඔයා ඒක කරන යතුර ගැන තේරුම් ගන්නයි අවශ්‍ය. කස්ටමර් කෙනෙක් කියන්නෙ කවුද?
රඝූ - කස්ට්මර් කියන්නේ රජු
බොස් - කස්ටමර් (සේවාදායකයා) කියන්නේ මෝඩයා (නියම වචනය අසැබි වදනක් නිසා මේ වචනය භාවිත කර ඇති බව කරුණාවෙන් සලකන්න.)
කස්ටමර්ට අවශ්‍ය අගුලක් නම් යම් දවසක ඔයාට ඒ අගුලේ යතුර හමුවුණානම්, ඔයා සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙනවා. කතාව නෙවෙයි හීරෝව විකුණන්න.
රඝූ ඒ උපදෙස් අහලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා.
රඝූ - මට හොඳම ව්‍යාපාරිකයා වෙන්න අවස්ථාවක් මගේ දෛවය මට ලබා දුන්නා.
රඝූ හොඳට ඇඳ පැළැඳගෙන මල් පොකුරකුත් අරගෙන නිවසකට යනවා. මේ නිවෙසේ කාමරයක සුන්දර කාන්තාවක් ඉන්නවා. ඇයගේ නම රුක්මනී. රුක්මනී රඝූ ළඟට නර්තනයක් ඉදිරිපත් කරමින් එනවා. රඝූ ඇයගේ මුහුණ ළඟටම ළං වෙනවා.
රඝූ - රුක්මනී අපිට කරන දේවල්වලින් ඔයා හොඳට සතුටු වෙනවා නේද?
ඔයා බිම් මහලේ ඉඳන් ඉහළ මහලටම යනවා නේද?
රුක්මනී - ඩෝන්ට් වොරි
මම ඉහළම මහලට ගිහිල්ලා එතනට පේන දේවලුත් දැකලා සතුටු වෙනවා.
රඝූ - ඒ කියන්නේ ලිෆ්ට් එක හොඳට වැඩ කරනවා නේද?
රුක්මනී - ලිෆ්ට් එකයි ලිෆ්ට් එක ක‍්‍රියා කරන මෑන්වයි දෙන්නම හොඳට වැඩ කරනවා.
මේ තවත් දිනයක තවත් ස්ථානයක සිදුවීමක්. මේක පිටරටවල රැකියාවලට යොමු කරන ඒජන්සියක්. මේ ඒජන්සියේ හිමිකරුවාත් එක්ක අද අපේ කතාවේ නායක රඝූ කතා කරමින් ඉන්නවා.
ඒජන්සිකාරයා - චීනෙට යන්න ඔයා බයවෙන්න එපා.
මම ඔයාව ඇෆ්ගනිස්ථානෙට හරි සිරියාවට හරි නෙවෙයි යවන්නේ. මම ඔයාව යවන්නේ චීනෙට.
මේ චීනයේ මහල් ගොඩනැගිලක් තුළ සිදුවීමක්. මෙතන ඉඳන් බැලුවම නගරයේ තියෙන උසැති ගොඩනැගිලි හොඳට පේනවා. මොකද මේ ස්ථානයේ බිත්තිවලට විනිවිද පේන වීදුරු සවි කරලයි තියෙන්නේ. මෙතන ආරක්ෂාවට කළු පාට ඇඳුම් ඇඳගත්ත හැඩිදැඩි පුද්ගලයන් කිහිප දෙනෙක් ඉන්නවා. යුරෝපීය ඇඳුමින් සැරසී පුටුවක වාඩිවෙලා ඉන්න රඝූ ගාවට යුරෝපීය ඇඳුමින් සැරසුණු මිටි පුද්ගලයෙක් එනවා.
චීනා - මොනවද ඉන්දියාවේ මිනිස්සුන්ට ඕන?
රඝූ - හොඳ පාරවල්
චීනා - නෑ එයාලට ඕන සෙක්ස්
මේ කුප්පියේ තියෙන්නේ ටයිගර් පෙනිස් සොප්
මේවා උණු කැවුම් වගේ විකිණෙන්නේ. මේක ව්‍යාග‍්‍රා 10ක් ගන්නවට වඩා ප‍්‍රතිඵල තියෙනවා.
මේ දේශන ශාලාවක්. සුදු පැහැති යුරෝපීය ඇඳුමින් සැරසුණු හිසකෙස් සුදු පුද්ගලයෙක් මෙතන ඉන්න තරැණ තරුණියන්ව දැනුම්වත් කරමින් ඉන්නවා.
ඩොක්ටර් - පිරිමි හරියට ගිනිකූරු වගේ
චුස්ස්ස්ස්ස්....
ඉක්මනට පත්තු වෙනවා. පත්තුවෙලා ඉවර වෙනවා.
රඝූ - සර් ඔයා මගේ බිස්නස් පාට්නර් වෙන්න.
මගේ ගාව සෙක්ස් ප‍්‍රශ්නවලට ඕන කරන ප‍්‍රඩක්ට් තියෙනවා. ප‍්‍රඩක්ට් මගේ. ලෙඩ්ඩු ඔයාගේ. ලාභය දෙන්නටම ලැබෙනවා.
විනෝදාත්මක කතාවක්. ඒත් කතාවේ ඉතුරු ටික දැනගන්න වෙන්නේ 2019 ඔක්තෝබර් 25 වැනිදාට. මොකද අන්න එදාට තමයි මොඛිල් මුසාලේ අධ්‍යක්ෂණය කරන, දිනේෂ් විජාන්, ශාරදා කර්කි ජලෝටා නිෂ්පාදනය කරන මේඩ් ඉන් චයිනා හින්දී සිනමාපටය තිරගත කරන්නේ. මේ මේඩ් ඉන් චයිනා කියන සිනමාපටය කරන් ව්‍යාස් ලියා තියෙන අතර කතාවට නම් හිමිකම් කියන්නේ මිඛිල් මුසාලේ, කරන් ව්‍යාස්, නිරේන් භාත් සහ පරින්දා ජෝශියි. පසුබිම් සංගීතය ජෝන් ස්ටෙවල් එදුරි සිදුකරලා තියෙනවා. විනාඩි 128ක කතා කාලයකින් සමන්විත මේඩ් ඉන් චයිනා සිනමාපටය හැඩ කරන නළු නිළියන් ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම. 2019 ඔක්තෝබර් 25 වැනිදා දීවාලි උත්සවය වෙනුවෙන් තමයි මේ සිනමාපටය තිරගත කරන්නේ.
රඝූවීර්ගේ බොස්ගේ චරිතයට පණ පොවන්නේ ඔබ හොඳින් දන්න කෙනෙක්. ඔහු තමයි පරේශ් රාවල්. පරේශ්ගේ උපදෙස් අහලා හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න හදන රඝූගේ චරිතයට පණ පොවන ඒ දක්ෂ නළුවා මෙන්න මේ සිනමාපටවලින් ඔබට මීට පෙර මුණගැහිලා තියෙනවා.
Love Sex Aur Dhokha (2010), Kai Po Che! (2013), Shahid (2013), Queen (2014), City Lights (2014), Aligarh (2016), Trapped (2016), Bareilly Ki Barfi (2017), Stree (2018)
1984 අගෝස්තු 31 වැනිදා ඉන්දියාවේ ගුරු ග‍්‍රාමයේ උපත ලද මේ කියන නළුවා 2010 වසරේ පටන් නළුවෙක් විදියට සිනමාවේ තමන්ගේ දක්ෂකම් පෙන්වනවා. ඔහු නමින් රාජ්කුමාර් රාඕ. ඔහු මේ වනවිට නැෂනල් ෆිල්ම් අවෝඩ්, ෆිල්ම් ෆෙයාර් අවෝඩ් වගේම ඒසියා පැසිෆික් ස්ක‍්‍රීන් අවෝඩ් පවා තමන්ගේ නමට වෙන්කර ගන්න සමත් වුණු කෙනෙක්. රඝූවීර් මෙහ්තා ආදරය කරන ඔහුගේ බිරිය ගැනයි දැන් කියන්න හදන්නේ. රුක්මනී මෙහ්තාගේ චරියට පණ පොවන ඇය මෙන්න මේ සිනමාපටවල ඔබ මීට පෙර දැක තියෙනවා.
Tulsi in Kyunki Saas Bhi Kabhi Bahu Thi in (2007), Sati in Devon Ke Dev... Mahadev, Shivanya/ Shivangi in Naagin, Jhalak Dikhhla Jaai (2014), Gold (2018)
1985 සැප්තැම්බර් 28 වැනිදා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කෝච් බිහාර්වල ඉපදුණු ඇය නවදිල්ලි විශ්වවිද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරා 2007 වසරේ පටන් නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක් විදියටත් වෘත්තියේ නියැලෙනවා. නාගීන් කියන නාමයෙන් ප‍්‍රචලිත ඇය නමින් මවුනි රෝයි. මවුනි රෝයි තමයි මේ සිනමාපටයේ රුක්මනීගේ චරිතයට පණ පොවන්නේ.
දැන් ඔබට කියන්න හදන්නේ රඝූ එක්ක ව්‍යාපාරයට සම්බන්ධ වන ඩොක්ටර් වර්දී ගැනයි. මේ කියන ජනප‍්‍රිය රංගන ශිල්පියා මෙන්න මේ සිනමාපට ගැන කිව්ව ගමන් බට මතක් නොවුණොතින් තමයි පුදුම වෙන්න වෙන්නේ.
Darna Mana Hai (2003), Munna Bhai M.B.B.S. (2003), Main Hoon Na (2004), Veer-Zaara (2004), No Entry (2005), Don (2006), Heyy Babyy (2007), Dostana (2008), Housefull (2010), Cocktail (2012), Jolly LLB (2013), Bhoothnath Returns (2014), Housefull 3 (2016), Parmanu: The Story of Pokhran (2018), Lage Raho Munna Bhai (2006), 3 Idiots (2009), Don 2 (2011), Housefull 2 (2012), Happy New Year (2014), PK (2014), Dilwale (2015), Sanju (2018) Total Dhamaal (2019)
1959 දෙසැම්බර් 02 වැනිදා ඉන්දියාවේ බොම්බේවල ඉපදුණු ඔහු 2000 වසරේ පටන් රංගන ශිල්පියෙක් විදියට වෘත්තියේ නියැලෙනවා. සම්මාන රාශියක් තමන්ගේ නමට වෙන්කර ගන්න සමත් වුණු මේ නළුවා තමයි බෝමර් ඉරානී. ඔහු තමයි මේ සිනමාපටයේ රඝූට සහාය වෙන වෛද්‍යවරයාගේ චරිතයට පණ පොවන්නේ. ඔය කිව්ව කට්ටියට අමතරව මේඩ් ඉන් චයිනා හින්දී සිනමාපටය හැඩ කරන්න අම්යාරා දස්තුර්, පරේශ් රාවල්, ගජරාජ් රාඕ, සුමීත් ව්‍යාස්, මනෝජ් ජෝශී සහ අමිත් බිමේරාට් කියන කට්ටියත් එකතුවෙලා ඉන්නවා.
මේඩ් ඉන් චයිනා ඉන්දී සිනමාපටයේ තියෙන ගී පද සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ සචින් - ජිගර් වන අතර එහි ඇති ගීතයන්හි ගී පද රචනය කර තියෙන්නේ නිරේන් භාත්, ජිගර් සරයියා, වායූ විශාල්දඩ්ලානී සහ ප‍්‍රියා සරයියා. ඒ ගී පදවලට පණ දෙන්න තමන්ගේ මන බඳින හඬ මුසුකර තියෙන්නේ නේහා කක්කර්, දර්ශන් රාවල්, මිකා සිං, නිඛිතා ගාන්දි, බෙනී දයාල්, අර්ජිත් සිං, ප‍්‍රියා සරයියා සහ සචින් සහ ජිගර් යන අයයි.
►Translation — Chandana Waravitage