අපේ Youtube Hit ගැන කතාවේදී වස්ති කරපු අලුත් වීඩියෝ එක මඟහැර යන්න බෑ. ඔන්න අද Interview Video එක ගැන තමා අපි කතා කරන්නේ. දවස් තුනක් ඇතුළත වාර්තාගත මිලියන දෙකට අධික Views ප්‍රමාණයක් ලබාගන්න මේ Video එක සමත් වුණා. ඇත්තටම ලංකාවේ Youtubers ලාගේ History එකේ විශේෂ අවස්ථාවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකේ එන සිංදුව විශාල ප්‍රසිද්ධියක් අත්කර ගත්තා.
වස්ති පහුගිය කාලේ කරලා තියෙන වැඩ එක්ක සැසඳුවාම මේ වීඩියෝ ටිකක් ලොකු වැඩක් සම්පූර්ණ ධාවන කාලය මිනිත්තු 16 තත්ත්පර 23ක්. ඒ වගේ ලොකු බජට් එකක් වැඩේට දාලා තියෙනවා. වැඩේ විෂය කරගෙන තියෙන්නේ Interview එකක්.
මේ හරහා සමාජයේ පැති කිහිපයක් උපහාසය අරගෙන තියනවා. පිරිමින් තුළ පොෂ් කාන්තාවන්ට තියෙන විශේෂ ලැදියාව. ඒ වගේම පොෂ් යන සම්මතය තුළ ඇතැම් කාන්තාවන්ගේ හැසිරීම. මාර්කට් කියන ජනප්‍රිය වෘත්තීය ක්ෂේත්‍රයේ තියෙන අර්බුදය වගේ දේවල් මේ වීඩියෝ එකේ උපහාසය ලක්කරලා තියෙනවා. ඒත් කාරණාවලට අමතර වෙනත් රසයක් මෙහිදී මතු වෙන්නේ.
තඩියයි අනුෂ්කයි සම්පූර්ණයෙන්ම කාන්තාවන් විදිහට රංගනයේ යෙදෙන්නේ. ශෘංගාරාත්මක බවක් නොවුණත් ඒ තුළ මොකක්ද මේ විකාරයක් වගේ හැඟීමක් මතු වෙනවා. ඒ වගේම මෙහි එන ගීතය තමා මේ නිර්මාණය Hit වෙන්න මූලික හේතුව වෙන්නේ. නව රැල්ලේ ගීත ආකෘතියකට උපහාසාත්මක වචන එකතු කරලා තමයි මේ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. සුපුරුදු විදිහට ඒකත් අනුෂ්කගේ වැඩක්. facebook ඔස්සේ මේ ගීතය ඉතාම වේගයෙන් ප්‍රසිද්ධියට පත්වුණා. එහි වචන තමා මූලිකවම ඒ ආකර්ෂණයට හේතුව වුණේ. සමහරු වීඩියෝ එක බැලුවේම මේ සිංදුවට ඇතිවුණු ආකර්ෂණය මත.
එක හිතක් නැති බවත්
ඔබ නොලැබෙනා බව දැනත්
මියැදුනා පෙම නිසා
මම බූරුවෙකි රත්තරන්
ඔබ රන් කඳක් ඉස්තරම්
දුන්නේම මට දුක් කඳක්
පෙරෙනවා හොටු පවා
මට ඇඬෙනවා රත්තරං
මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු නෝනා
මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු අම්මියා
භවයෙන් භවේ
වෙන් කලත් දෙවිවරු
පෙම් කෙරුවේ
පිස්සෙක් වගේ නිරතුරු
ඔබ නොමැති නම්
මැට්ටියේ මින්මතු
ලොරියකට යටවී
කර ගමී අනතුරු
මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු නෝනා
මා මළ දවසට
ගම වටේ තියන තාප්ප පුරා
ඔය සුදු දෑතින් පාප්ප අරගෙන
ගාන්න සුදු අම්මියා
කොහොම වුණත් වස්තිලාගේ මුල් නිර්මාණය එක්ක සැසඳීමේ දී නිර්මාණාත්මක වටිනාකම මෙහි අඩුයි. ලස්සට තොරම්බල් දේ බොහොම අන්තර් ගත වුනාට කතාව ගොඩනැගීමේ දුර්වලතාවක් තියනවා. ස්වාභාවික නොමැතිවීම ගැටළුවක්. අපේ අදහස නම් මේ නිර්මාණය මීට වඩා ප්‍රභල විදිහට ජන ගත කිරීමේ හැකියාවක් වස්ති සතුයි කියන එක. ඒක ඔවුන් කලින් ඔප්පු කරලා තියනවා. ඒ කොහොම වුණත් මේ ලැබෙනු Views ප්‍රමාණය එක්ක අපි කිව්ව කතාවට තියන වලංගුභාවය අඩුවෙන්න පුළුවන්. Youtube Hit අපි අපේම කොණයකින් තමා ඒ කතාව කිව්වේ. කැමර කරණය සංස්කරණ තාක්ෂණ භාවිතය අදී දේවක් අතින් මේ නිර්මාණය විශාල ඉදිරියකින් තියන්න පුළුවන්.
වස්ති කියන්නේ Youtube එකේ ඉහළම ඉන්න පිරිසක් කියලා අපි අලුතින් කියන ඕනේ නෑනී. මේ ළඟදී ඔවුන් Subscribe ලක්ෂ 7 පසු කරා. ඉතින් අපි වස්තිලාට සුභපතනවා.
►Text - Nisal / Pic – Internet