සාංඩ් කී ආංඛ් හින්දී සිනමාපටය ගැන මීට කලින් බොහෝ විස්තර ඔබට පැවසුවා. මේ සිනමාපටයේ තපස්සී පන්නු සහ භූමී පඩ්නේකර් මැදිවියේ කාන්තාවන්ගේ චරිතයනටයි පණ පොවන්නේ. මේ සිනමාපටයේ ට්‍රේලර් එක නිකුත් වූ සැණින් ප‍්‍රවීණ රංගන ශිල්පිනියක් වෙන නීනා ගුප්තා ඒ සිනමාපටයේ රංගනය ගැන ප‍්‍රශ්න කරමින් ට්වීටර් එකෙන් කියා සිටියේ අවම වශයෙන් අපේ වයසේ භූමිකා නිරෑපණය කරන්න අපිට ලබා දෙන ලෙසටයි. මේ චරිත සඳහා දැනට ක්ෂේත්‍රයේ ඉන්න නීනා ගුප්තා, ෂබානා අස්මී සහ ජෙයා භච්චන් ගැන කල්පනා නොවුණාදැයි ඇය ප‍්‍රශ්න කළා. ඇයට අමතරව සෝනී රස්ඩාන්ද ටිවිට් කළේ මම තපස්සූ පන්නුට සහ භූමී පෙඩ්නේකර්ට ආදරෙයි. නමුත් ඇයි? මම හිතනවා ඔබ බොක්ස් ඔෆීස් ගැන හිතන එක සාධාරණයි. අවුරුදු 60ක කෙනෙක්ගේ කතාවක් හදනවා නම් ඒ වයසේ අය ඉද්දී එයට තරුණ අය ගන්නේ ඇයි?
නමුත් මේ තරුණ අය වැඩිහිටි චරිත රඟපෑ ප‍්‍රථම අවස්ථාව නොවන බව අපි ඔබට කියන්නෙමු. අපි ඔබට එවැනි සිනමාපට 10ක් ගැන මෙන්න මේ ලිපියෙන් අද අපි ඔබට කියනවා.
01. තපස්සී පන්නු, භූමී පෙඩ්නේකර් - සාංඩ් කී ආංඛ්
තපස්සී සහ භූමී ඔවුන්ගේ චරිතයට අනුවර්තනය වී ඇති නමුත් නීනා ගුප්තා සහ සෝනි රස්ඩාන් වැනි නිළියන් මෙම චරිතය සඳහා ප‍්‍රශ්න මතුකර තිබේ. මෙම සිනමාපටයේ හර්යානාහී වෙඩික්කාර ආච්චිලා දෙන්නෙක් ගැන කියවෙන බව ඔබ දන්නවනේ.
02. රිතික් රෝෂන් - සුපර් 30
සුපර් 30 සිනමාපටයද මේ කාණ්ඩයට ඇතුළත් වෙනවා. රිතික් මේ සිනමාපටයේ අපහසුවෙන් රංගනයේ යෙදෙන බවක් සහ කෘතීම බවක් චරිතය තුළින් පැන නගින බව මේ සිනමාපටය නැරඹු පසු ඔබටම අත්දැකගන්න පුළුවන් වේවී. චරිතය බලහත්කාරයෙන් කරන්න හදන ස්වරූපයකුයි තියෙන්නේ. මේ සිනමාපටයේ පන්කජ් ත‍්‍රිපාටී ආනන්ද් කුමාර්ගේ චරිතයට හොඳින් අනුගතවෙලා හිටියත් චරිතයට සාධාරණයක් නොවුණු බව විචාරකයන්ගේ මතය වෙලා තියෙනවා.
03. ශ‍්‍රද්ධා කපූර් - හසීනා පාර්කර්
මේ සිනමාපටයේ ශ‍්‍රද්ධා කපූර් ත‍්‍රස්තවාදී දාවුද් ඉබ‍්‍රාහිම්ගේ සහෝදරිය වන හසීනාගේ භූමිකාවට පණ පොවන අතර ඒ චරිතය ශ‍්‍රද්ධාගේ සැබෑ වයසට වඩා බෙහෙවින් වැඩිය.
04. ශ්‍රී දේවී - මූන්දෘ මුදිචූ
කතාව සහ චරිත කුමක් සිතා ලියන්නේදැයි කුමක් සඳහා ලියන්නේදැයි නොසිතා සමහර චරිතයන්ට නළු නිළියන් තෝරාගෙන ඇත. දමිළ සිනමාපටයක් වන මූන්දෘ මුදිචූ සිනමාපටයේ ශ්‍රී දේවී වයස අවුරුදු 13 දී රජිනි කාන්ත්ගේ මවගේ චරිතයට රඟපා ඇත.
05. ශේෆාලී ශාහ - වක්ත්
වක්ත් සිනමාපටයේ ශේෆාලී ආක්ශය කුමාර්ගේ මවගේ චරිතයට පණ පොවන්නේ ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 34ක් වන අතර ආක්ශයගේ වයස අවුරුදු 39කි. එවැනි විටෙක මවගේ චරිතය ඇයට උචිතදැයි ඔබම සිතා බලන්න. ඒ කාලේ මේ චරිතයට ගැලපෙන නිළියක් සිටියේ නැද්ද කියා කිසිවෙක් ප‍්‍රශ්න කර නැත.
06. අනූපම් ඛේර් - සාරාංශ්
අනූපම් ඛේර් කියන්නේ ප‍්‍රවීණ හා ජනප‍්‍රිය නළුවෙක්නේ. මෙන්න මේ සාරාංශ් කියන සිනමාපටයේ 1984 දී අනූපම් 64 හැවිරිදි වූ චරිතයක් නිරූපණය කරද්දී ඔහුගේ වයස අවුරුදු 28යි. මේ සිනමාපටය ඔහුගේ හොඳම සිනමාපට අතර ඉහළින්ම තියෙන එකක්.
07. වීවේක් ඔබ්රෝයී - පී.එම්. නරේන්ද්‍ර මෝදී
වයස අවුරුදු 69ක් වන අගමැති නරේන්ද්‍ර මෝදිගේ චරිතයට පණ පොවන්නේ 43 හැවිරිදි විවේක්ය. මෙම භූමිකාව සඳහා ට්විටර් හරහා විවේක්ව පතුරු ගැසූහ.
08. මනෝජ් බජ්පායී - අලිගඩ්
මෙම සිනමාපටයේ මනෝජ් බජ්පායී මහචාර්යවරයෙකුගේ චරිතයකට පණ පොවන අතර ඔහුට වඩා අවුරුදු 15කින් වැඩිමහළු චරිතයකටයි ඔහු පණ දෙන්නේ.
09. ඵෙශ්වර්යා රායී - සබර්ජීත්
මෙම සිනමාපටයේ ඵෙශ්වර්යා අවුරුදු 60 ගණන්වල පසුවෙන සබර්ජිත්ගේ සහෝදරියගේ චරිතයට පණ පොවන ලදි. ඵෙශ් මේ චරිතය හොඳින් නිරූපණය කළත් සබර්ජිතේ වයසට ගලපෙන කෙනෙක් මේ චරිතය ඉදිරිපත් කළා නම් ඒ චරිතයට වැඩි බලපෑමක් ඇතිවෙන බව විචාරකයින්ගේ මතය වුණා.
10. ශ්වේතා ත‍්‍රිපාටී - හරාම්ඛෝර්
මෙම සිනමාපටයේ ශ්වේතා පාසල් සිසුවියකගේ චරිතයට පණ පොවන අතර එවිට ඇයගේ වයස අවුරුදු 32කි.
සාංඩ් කී ආංඛ් කියන සිනමාපටයෙන් ආරම්භ කළ මේ කතිකාවතේ ප‍්‍රධාන ගැලපෙන නළුවෙක්ගේ නිළියකගේ දක්ෂතාවය ගැන සැක කිරීක් නොවේ. එහි පරමාර්ථය වුණේ නිශ්චිත වයස් භූමිකාවක් සඳහා දක්ෂ නළු නිළියන් සිටිද්දී තරු බලයේ නාමයෙන් ඔවුන් නොසලකාහරිනු ලබන්නෙ මන්ද යන්නයි. ඒ වගේම 54 ඉක්ම වූ නළු නිළියන් පාසල් යෑම විශ්වවිද්‍යාලයට යෑම වගේ විකාරයන් සිනමාවට යොදාගැනීම ඔබම තාර්කික බුද්ධියෙන් සිතා බලන්න.
►Translation — Chandana Waravitage