මා ආදරණීය සුදු නෝනලා සුදු මහතැන්ලා මේ දිනවල නිතර මුමුණ වචනයක් “ක්‍රෂ් එක” (Crush). වචනය ගැන පොඩි සෙන්ස් එකක් ඇතත්, අනේ මේ මොන මඟුලක්දැයි එක වෙලාවකට සිතෙන නිසාවෙන්ම, දෙයියනේ කියා Crush ගැන Y Trend එකෙන් ගලපා ගැනීමට අප සිතුවා.
බෙහෙත් උගුරේ හිරවෙන ලයින් එකක් තියෙන්නේ.. නේද? බ්‍රෝ. රස්ති බස පොෂ් කරන්න බෑ කොලා. අපි සීන් එකට බහිමු. Crush මේ කාලේ පට්ට Trend. Crush ගැන Song, Crush ගැන Story, Crush ගැන Post, States හැමතැනම. ඒ වුණාට ක්‍රෂ් එක කියන එකේ Meaning එක හරියටම ගලපාගන්නයි අපි යන්නේ මුලින්ම.
Google දෙයියෝ කියන විදිහට Love Crush කියන එකේ තේරුම මේ විදිහට සිංහලෙන් අපිට ගලපාන්න පුළුවන්.
“අවිධිමත් ලෙස යමෙකු කෙරෙහි ආදරය හා බැඳීම, බොහෝ විට එවන් කෙනෙකු සමඟ ඔබට සම්බන්ධතාවයක් ඇතිකරගත නොහැකිය. එය සැබැවින්ම ආදරය ද නොවේ. ඒකපාර්ශ්වික හැඟීමකි." Mr. Google කියන්නේ ඔහොම. ඒ වුණාට මචෝ Crush කියන එක සංකීර්ණයි. එයා ගැන හිතේ තිබුණු මෙව්වා එකක්. ඒක අමුතු හැඟීමක්. ඉතින් කොහොමද සුදා මේ හැඟීමේ ස්වාභාවය හරියටම අපි ගලපන්නේ. සීන් එක එකාට වෙනස්නේ.
හැබැයි පුතෝ ලව් වෙනයි ක්‍රෂ් වෙනයි. Crush එක පස්සේ Love එක වෙන වෙලාවලුත් තියනවා. හරිය.. මෙහෙමයි. Crush ගැන අපේ මෙව්වා එක අනුවයි ඒක. ක්‍රෂ් ජාති දෙජාතියයි. මුලින්ම එක ජාතියක ක්‍රෂ් ගැන අපි Story ය line කරමු. ඉස්කෝලේ ඉන්න කාලේ කැම්පස් කාලේ ඔෆිස් එකේදී එක කෙල්ලෙක් ගැන නැත්නම් කොල්ලෙක් ගැන පොඩි හිතේ මෙව්වා එකක් ඔයැයිට තියෙනවා. ඒ වුණාට එයැයිට ඔයැයි ඒක කිව්වේ නෑ. අන්න එයා ඔයැයිගේ Crush එකක්. මේ ජාතියේ ක්‍රෂ් තියෙන්නේ පේන ඇසෙන මානේ. සමහර විට ඉස්කෝලේ කොල්ලෙක්ගේ ක්‍රෂ් එක පන්ති භාර Teacher වෙන්න බැරි නෑ. හැබැයි එකම සමාජ පසුතලයක තමා මේ ජාතියේ ක්‍රෂ් තියෙන්නේ බ්‍රෝ.
ක්රෂ්වල අනික් ජාතිය තමයි කිසිදා හමු නොවූ අය. ඒක මෙහෙමයි සුදා. සරල උදාහරණයක් දෙන්නම්කෝ. අපේ පරම්පරාවේ කොල්ලෝ ගොඩකගේ බාල කාලේ Crush එකක් තමා හැරිපොටර් එකේ හමායනි ග්‍රේන්ජර්. ඒ කියන්නේ එමා වොට්සන්. ඒ වගේම කෙල්ලන්ගෙ Crush එකක් තමා ජස්ටින් බීබර්. හා බොරුද මම කියන්නේ. හරි හරි ඔයා එහෙම නෑ. පු පු... ඒ නැතත් ඔයාගේ ෆ්රෙන්තොන්ට හරි එහෙම Crush තිබ්බේ නැද්ද? සිරානේ.. එතකොට මේ ළඟදී දන්න කියන පොරක් YouTube Channel එකට ඇවිල්ලා කිව්වා එයාගේ ඒ කාලේ Crush එක නදීෂා හේමමාලි කියලා. ඔන්න බලන්න ඒකෙත් හැටි. ඔය අපේ පැංචීයෝ Boy ෆ්රෙන්තොන්ගෙන් අහනවා එහෙම නෙවෙයි එයා ඔයාගෙත් ක්‍රෂ් එකක්ද කියලා. හරිය. ඕඕඕ... දැන් සීන් එක පැහැදිලියිනේ. ක්‍රෂ් ජාති දෙජාතියයි අපේ මෙව්වා එකට අනුව.
ක්‍රෂ් නිසා ඇතිවෙන situation ගැන අපි දැන් line කරමු. මචෝ ඔන්න ඉස්කෝලේ උසස් අධ්‍යාපන ආයතනයේ ක්‍රෂ් එක නිසා යාළුවන්ගෙන් බයිට් වෙච්ච සීන් ගොඩක් අයට තියෙනවා.
අඩෝ කියපන් ඩෝ ඒකිට..
තොට පිස්සු. ඒකිට කොල්ලෙක් ඉන්නවා.
උඹ අර මිස්ට මාර එකක්නේ තියෙන්නේ.
ඔන්න මචෝ memorable ක්‍රෂ් ටෝක්. ඒ අතරේ ක්‍රෂ් වේදනා සීන් කෝන් තියෙනවා. හොඳට කතා කරනවා යාළුවෝ වගේ. ඒත් හිතේ මෙව්වා එකක් තියෙනවා. මට කියාගන්න බෑ අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ... දුකම තමා පැංචි. Missing Love ඒ නිසා Now Crush So සෑඩ්. ඈ.. මේ වගේ කතා ඔයැයිටත් ඇති මයි හිතේ. දැන් මතක් වෙන්න ඕන. එතකොට ඉස්සර crush පත්තර පිටුව කපලා පොත් හැදුවලු. Day card එකතු කළාලු. පස්සේ කට්ටියකේ PC එකේ වෙනම Folder එකක් තිබ්බා. මේවා සිරා සීන් ඈ.. හැංගි හොරා වෙස් බැඳලා නැටුවෙත් හැංගිලා.
ක්‍රෂ් ජාති ගැන වගේම මේවා ඇතිවෙන විදිහ ගැනත් පොඩ්ඩක් ලියන්න ඕන චූටියෝ. නැත්නම් හලි නෑනී... තමන් කැමති ජාතියේ මාතෘකා කතා කරන්න පුළුවන් අය හම්බ වුණාම ඒවා ක්‍රෂ් වෙනවා සමහර වෙලාවට. දැන් ක්‍රිකට් ගේම්, ෆිල්ම් පිස්සුව තදට හැදුණු කෙල්ලෙක් හරි කොල්ලෙක් අහම්බෙන් සෙට් වුණා කියමුකෝ. කතාව දුරදිග ගියොත් Crush තමා. ඊළඟට බුකී ක්‍රෂ්. බුකියේ Photos වලට අනිවා Like දාන Profile එකට එබෙන අය තමා මේ ජාතියට අදාළ වෙන්නේ. හිනාවෙන්න එපා සුදෝ.. ඔයාලටත් එහෙම ක්‍රෂ් එකක් තියෙනවනේ. ඕවා සිරා කරන කොල්ලට කෙල්ලට ටච් වුණොත් වලි ඈ.. ඊළඟට තව අඟර දඟර කෝමල ක්‍රෂ්, ධීර වීර ප්රසනලිටි ක්‍රෂ්, හීනියට හිනාවෙන ඇස්වලින් කතා කරන Crush, දුටු සතුට හෙවත් එකපාරක් මුණගැහුණු ක්‍රෂ්. තව සෑහෙන්න තියෙනවා සුදු පුතේ.. මෙව්වා පට්ට ඈ.
දැන් Crush ගැන සෑහෙන්න කියෙව්වානේ. හරි මචෝ. ඒ වුණත් මේ Crush කියන සීන් එක Hit වුණේ මේ ළඟකදී. සෝෂල් මීඩියා තමා Crush කියන වචනෙ එළියට දැම්මේ. මෙච්චර කාලෙකට හිතේ තිබුණු ක්‍රෂ් පීඩනේ හින්දම ලෝකෙ වටේම මේ මාතෘකාව කතා කළා. සමහරු තමන්ගේ ක්‍රෂ් එක ගැන එළිපිට කිව්වා. පොඩි උප සංස්කෘතියක් මේ එක්ක නිර්මාණය වුණා. අපේ රටේත් සීන් එක සැරටම ගියා. තාමත් යනවා. ඒ නිසා තමා Crush සීන් එක Y Trend එකක් කියලා අපි මුලින්ම කිව්වෙ.
දැන් මේ Trend එක ඇතුළේ වෙන දේවල් ටිකක් අපි ගලපලා බලමු සුදෝ. Facebook සමාගම Crush සීන් එක නිසාම ක්‍රෂ් ගැන අනික් පාර්ශ්වයට දැනගන්න පුළුවන් සේවයක් පහුගිය කාලේ හඳුන්වා දුන්නා. මේ විසඳුම ඔවුන් හැඳින්වුවේ “Secret Crush” කියලා. මේක පහසුකමක්. ඔන්න අපේ ගොඩක් අය ඒ ගැන දන්නේ නෑ. අපිට දැන්නම් වැඩි විස්තර කියන්න බෑ. කැමති අය Google දෙයියන්ගෙන් අහලා බලන්න.
Facebook Page වල මේ දවස්වල යන නිතර දකින පොස්ට් එකක් තමයි ඔයාගේ ක්‍රෂ් එක Comment කරන්න Mention කරන්න කියන පෝස්ට් එක. ඒවායෙ Comment වල මාර ආතල් තියෙනවා. හරිය.. අදාළ නැතත් පොඩ්ඩක් හොයලා බලන්න ඈ කැමතිනම්. අපි නම් බැලුවා සීන් කෝන් එක ගැන හොයනකොට. දැන් සමාජේ වෙනස්නේ. ඉස්සර වගේ ක්‍රෂ් එක ගැන කියන්න කට්ටිය ලැජ්ජා වෙන්නේ නෑ. ඒ නිසා ඔයා තමා මගේ ක්‍රෂ් එක කියලා පස්සෙ කියන කට්ටිය දැන් ඕසෙට ඉන්නවා. අනේ කාලේ වනේ වාසේ.. ආතල් සන්තෝසේ.
Crush කතාව නිමා කරන්න සැරසෙන මේ මොහොතේ මගේ සදාදරණීය ආතල්කරුවන්ට මම එක දෙයක් කියන්න ඕනෑ. Love එකක් Crush වෙන එකක්. මේ දෙක පටලවාගන්න එපා සුන්දරා..
►Text - Nisal / Pic – Internet