2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

අතීතය ඇසුරට

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් දෙවැනි වරටත් සංවිධානය කරන ලද අතීතය ඇසුරට (Back to school) පසුගියදා පාසලේදී පැවැත්වුණා. 

පාසැලේ අභිවෘද්ධිය වෙනුවෙන්  මහත් සේවාවක් කළ හිටපු විදුහල්පතිනි චන්ද්‍රලතා මුදලිගේ මහත්මිය මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වූ අතර පාසැලේ හිටපු ගුරු මෑණිවරුන් සහ පියවරුන් විශාල පිරිසක් මෙම අපූරු දවසට සහභාගී වුණා. මීට අමතරව විශේෂ ආරාධිත අමුත්තන් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් සහ ෆර්වේස් මහරුෆ් යන ක්‍රීඩකයන් ද ඇවිත් හිටියා . නැටුම් ගැයුම්වලින් වර්ණවත් වුණු මේ සොඳුරු දවසේ හරි අපූරු මතකයන් හදසර මත සටහන් වෙන්නෙ මෙහෙමයි.

I Romesh Danushka