2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

මල්ලි අතුරුදන් අක්කාට පිස්සු

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 65

මේ ඉන්දියාවේ ගම්බද ප‍්‍රදේශයක සිදුවීමක්. මේ ගම්මානයේ නිවාස පිහිටලා තියෙන්නේ එකට එකක් ආසන්නයේමයි. හරියටම කිව්වොතින් එක නිවසක බිත්තියක් ඉවර වෙන්නේ අනිත් නිවසේ බිත්තියෙන්. මැටි ගහලා හදලා තියෙන නිවාස අතරේ ගඩොල්වලින් බැඳලා කපරාදු නොකළා වූ නිවාසයනුත් මේ ගම්මානයේ තියෙනවා. ඒ නිවාසයන්හි වහළට අමුතු හැඩයේ උළු තමයි හෙවිල්ලලා තියෙන්නේ. මේ නිවාස පිහිටා තියෙන ස්ථානයට මඳක් ඈතින් විශාල නදියක් ගලාගෙන යනවා. ඒ අසලම සාරවත් කෙත්වතු යායක් තියෙන්නේ. ඊටත් ඈතින් මේ ගම්මානය අසළ දුම්රිය නැවතුම් පොළකුත් තියෙනවා. අනිත් විශේෂම කාරණය වෙන්නේ මේ ගම්මානයේ ජීවත්වෙන බොහෝ පිරිසක් ඉතාම දිළිඳු අය. ඒ අතරේ යමක් කමක් තියෙන ධනවතුන් කිහිප දෙනෙකුත් ජීවත්වෙනවා. ඔවුන් කුඩා දරුවන් පැහරගෙන තමන්ගේ ව්‍යාපාර සඳහා ඒ දරුවන් නොමරා වැඩගන්නවා. මෙන්න මේ ගමේ ජීවත් වෙන අවුරුදු 09ක විතර දැරියක් තමයි ජාල්කී කියන්නේ. එයාට හිටියේ එකම මල්ලී කෙනෙක් විතරයි. එයාට වයස අවුරැදු 07යි. ජාල්කී ඇගේ මල්ලී බාබු සහ ළමයින් එක්ක සෙල්ලම් කරමින් මේ ගමේ නොකා නොබී වුණත් සතුටින් ජීවත්වුණා. අද කියන්නේ සූදානම් වෙන්න මෙන්න ජාල්කීගේ කතාව.

මේ ජාල්කී ජීවත්වෙන ගම්මානයේ ගහක් යට සිදුවීමක්. මෙතන හොඳට ඇඳ පැළඳගත්ත උපැස් යුවළක් පැළඳි පුද්ගලයෙක් වාඩිවෙලා ඉන්නවා. ඔහුට අව් කණ්ණාඩියක් පැළැඳි තරැණයෙක් පවන් සලමින් ඉන්නවා. ඔහු අසලම මේ ගම්මානයේ ජීවත්වෙන කාන්තාවන් සහ පිරිමින් පිරිසක් වාඩිවෙලා ඉන්නවා.
පිරිමියෙක් - මහත්තයෝ මගේ දරුවත් වැඩට ගන්න.

රාම්ප‍්‍රසාද් - බාලූ භායී මෙයාගේ නමත් ලිස්ට් එකට දාගන්න.
ඔහු ළමයින් අරන් ගිහින් නගරේ ඉන්න කෙනකුට භාරදෙන්නේ ඔවුන්ගෙන් වැඩගන්නයි. ජාල්කීගේ මල්ලිත් ඔවුන් අරන් යනවා. මේ ඒ ගමේ ජීවත්වෙන දේශපාලකයෙක්ගේ නිවසක්. තරුණ පුද්ගලයෙක් වන ඔහු සුඛෝපභෝගී පුටුවක වාඩිවෙලා ඉන්නවා. ඔහු ඉදිරියේ කුණු චීත්ත ගවුමකින් සැරසුනු ජාල්කී හිටගෙන ඉන්නවා. ඊට ටිකක් එහායින් ඔහුගේ ආරක්ෂාවට යෙදූ පොලිස් නිලධාරීන් හිටගෙන ඉන්නවා.
ජාල්කී - රාම්ප‍්‍රසාද් මගේ මල්ලිත් හොරකම් කරන් ගිහින්.

මන්ත‍්‍රී - එහෙනම් පොලීසියට ගිහිල්ලා කම්ප්ලේන් එකක් ලියවන්න. ඕවා හොයන එක මගේ රාජකාරියක් නෙවෙයි.

ජාල්කී - රාජකාරියක් නෙවෙයි නම් ඇහුවේ මොනවටද?
ඔහුගෙන් උදවුවක් නොලැබුණු තැන ජාල්කී තමන්ගේ මල්ලි හොයන්න නගරෙට යනවා. ඊටපස්සේ මේ අවුරුදු 09යේ කුඩා දියණිය හැමෝගෙන්ම තමන්ගේ මල්ලී බාබූ ගැන විමසමින් යනවා. ඇය තනිවම මල්ලි ඉන්න තැන ඇය හොයා ගන්නවා.
ප‍්‍රභූ - ජාල්කී එයාලා භයානක මිනිස්සු. එච්චර ලේසි නැහැ එයාලත් එක්ක හැප්පෙන එක

ජාල්කී - ඒත් උත්සාහ කරන්න හරි ඕනනේ.
හරි දෙයක් කරන්න ධෛර්යමත් වෙන්න ඕන.

ඇයගේ සටන ජයගන්න ඇයට පුළුවන් වෙයිද බැරිවෙයිද කියලා දැනගනන්න නම් වෙන්නේ 2019 නොවැම්බර් 14 වෙනිදාටයි. මොකද එදාට තමයි ජාල්කී කියන මෙන්න මේ අද කිව්ව කතාව තියෙන හින්දි සිනමාපටය තිරගත වෙන්නේ. බ‍්‍රාහ්මනන්ද් සිං විසින් අධ්‍යක්ෂණය කරලා තියෙන බාල්කී හින්දී සිනමාපටය නිෂ්පාදනය කරන්නේ ආනන්ද් චවන් සහ බ‍්‍රාහ්මනන්ද් සිං විසින් වන අතර මේ සිනමාපටයේ තිරරචනය කරලා තියෙන්නේ කම්ලේශ් කුන්ටි සිං සහ බාල්කී සිනමාපටයේ අධ්‍යක්ෂවරයා සහ තාන්වී ජේයින් විසිනුයි. ජාල්කී හින්දී සිනමාපටයෙ අකතාව ප‍්‍රකාෂ් ජාගේ සහ බ‍්‍රාහ්මනාන්නහ්ඩ් සිං ගේ වන අතර මේ සිනමාපටයේ චරිත හැඩ කරන්න එකතුවුණු අය ගැන තමයි දැන් ඔබට කියන්න හදන්නේ.
ප‍්‍රධාන චරිතයට පණ පොවන්නේ ඔබ දන්න කියන කෙනෙක්. මෙන්න මේ සිනමා පටයගෙන් ඔබ ඔහුව ඔහුගේ දක්ෂතා හොඳට දැක තියෙනවා.

2003 Munna Bhai M.B.B.S.,Main Hoon Na (2004), Veer-Zaara (2004), No Entry (2005), Don (2006), Heyy Babyy (2007), Dostana (2008), Housefull (2010), Cocktail (2012), Jolly LLB (2013), Bhoothnath Returns (2014), Housefull 3 (2016) ,Parmanu: The Story of Pokhran (2018), Lage Raho Munna Bhai (2006), 3 Idiots (2009), Don 2 (2011), Housefull 2 (2012), Happy New Year (2014), PK (2014), Dilwale (2015), Sanju (2018) Total Dhamaal (2019).

1959 දෙසැම්බර් 02 වෙනිදා ඉන්දියාවේ බොම්බාය ප‍්‍රාන්තයේ දැනට මුම්බායේහීදී උපත ලද ඔහු 2000 වසරේ පටන් සිනමා නළුවෙක් විදිහට වෘත්තියේ නියැලෙනවා. සෙනොබියගේ ආදරණීය සැමියා බෝමන් ඉරානී ගැන තමයි මෙච්චර වෙලා කිව්වේ. බෝමන් ඉරානීගේ සහායට ඉන්න නිළිය ගැනයි දැන් කියන්න හදන්නේ. ඇය මෙන්න මේ සිනමා පටයන්ගෙන් අපිට මීට පෙරාතුව දැක තිබෙනවා.

British film Brick Lane (2007), 2019 Roam RomeMein, 2019 RaniRaniRani, 2018 Beyond the Clouds, 2016 Doctor Rakhmabai, 2015 Gour Hari Dastaan, 
1980 නොවැම්බර් 23 වෙනිදා ඉන්දියාවේ අමහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ පූනේවල ඉපදුනු ඇය දැනට ජීවත්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රන්තයේ අමුම්බයි නගරයේ. ජාතික නාට්‍ය පාසලෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා තියෙන ඇය 2003 වසරේ පටන් සිනමා නිළියක් විදියට වෘත්තීය ජීවිතයේ නියැලෙනවා. ඇය නමින් තන්නිෂ්තා චැටර්ජී. මේ කිව්ව දෙන්නාට අමතරව මෙන්න මේ ජාල්කී හින්දී සිනමාපටයේ මෙන්න මේ කියන කට්ටියත් චරිත නිරූපණය කරනවා. දිව්‍යා දත්තා, සන්ජය සූරී, අඛිලේන්ද්‍ර මිෂ්රා, ජෝයී සෙන්ගුප්තා ඇතුළු තවත් බොහෝ දෙනෙක් මේ සිනමා පටය හැඩ කරන්න එකතුවෙලා ඉන්නවා.

ජාල්කී හින්දී සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ සන්දේශ් ශන්දිල්යා වන අතර මේ සිනමාපටය බෙදාහරින්නේ පැනොරාමා ස්ටුඩියෝ විසිනුයි. මේ සිනමාපටය නොවැම්බ‍ර් මාසයේ තිරගත කළත් එය 2019 මැයි මාසයේ කැන්නාස් ෆිල්ම් ෆෙස්ටිවල් එක නියෝජනය කළ සිනමාපටයක්. මේ සිනමාපටය ජාතික සහ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල නියෝජනය කරලා සම්මාන 13ක් ලබාගන්න සමත්වෙලා තියෙනවා.

 

► Translation — Chandana Waravitage