අද අපි අරගෙන එන්නේ පොඩ්ඩාගේ Video එකක්. &Gay කියන්නේ දක්ෂතාවයකට කියලා තමයි මේ වීඩියෝ එක නම් කරලා තියෙන්නේ. බැලූ බැල්මට නොගැලපෙන නමක් වුණාට. මේ හාස්‍යය මතුකරන නිර්මාණයක්.
මුලින්ම පොඩ්ඩා ගැන කිව්වොත්. ලංකාවේ ඉන්න පරණ Youtuber කෙනෙක් තමා පොඩ්ඩා. පොඩ්ඩා Youtube හිමින් ගමනක් යන චරිතයක් කියලාත් කියන්න පුළුවන්. දැනට Channel එකට Subscribe 80.8k වගේ තියෙනවා. අපි කතාකරන වීඩියෝ එක ගත්තොත් Viws 131k තියෙනවා. විනාඩි 6 යි තත්පර 27 ක් මේක දිගයි.
පොඩ්ඩාගේ වීඩියෝවල පොදු චරිත කිහිපයක් ඔහු ගොඩනගලා තියෙනවා. ඒ චරිත තමා මේකෙත් ඉන්නේ. කතාව යන්නේ වැරදි වැටහීමක් මත Gay කියන්නේ දක්ෂතාවක් කියලා හිතාගෙන. පම්පෝරිය කියන්න ගිහින් වෙන අකරතැබ්බයක් ගැන. චරිත හතරක් මෙහිදී නිරූපණය වෙනවා. ඒ හතර රඟපාන්නේ පොඩ්ඩා. පොඩ්ඩාගේ ගොඩක් වීඩියෝවල මේ බහුචරිත නිරූපණ දකින්න පුළුවන්. හැබයි විශේෂයෙන්ම කියන්න ඕනා ඔහු ඒ සීමාවට කොටුවුණු චරිතයක් නෙවෙයි. වෙනත් අයත් පොඩ්ඩාගේ වීඩියෝවලට සම්බන්ධ වුණ අවස්ථා ඕනෑ තරම් තියෙනවා.
මේ නිර්මාණය ගොඩක් වෙලාවට සමාන වෙන්නේ කෙටි චිත්‍රපට ඒකාංගික ටෙලිනාට්‍ය වගේ රටාවකට. විනාඩි හයක කතාවක් ගොඩනගනවා කියලා Youtube නිර්මාණය කරන ඇතුළේ ටිකක් ලොකු වැඩක්. පොඩ්ඩා උත්සාහයෙන් කතාවක් ගොඩනගලා පිටපතක් හදලා Production එක කරන බව අපිට පේන්න තියෙනවා. ඒක සාධනීය ලක්ෂණයක්. පසුතල කිහිපයක් රූපගත කිරීම සිදුකිරීම. සැලකිය යුතු කැමරා කෝණ රැසක් මෙහිදී භාවිත කරලා තියෙනවා. ඩබල් ඇක්ටින් කියන කරූණ එකම රූප රාමුවක් ඇතුළට ගෙන ඒමට පොඩ්ඩා දරන උත්සහාය ප්‍රශංසනීයයි.
පිටපත ගැන කියනව නම් දීර්ඝ නිර්මාණයක දෙබස් ගොඩනැගීමේ යම් දුර්වලතාවක් තියෙනවා කියලා අපිට හිතෙනවා. නමුත් පොඩ්ඩා Youtuber කෙනෙක් මිසක් සිනමාකරුවෙක් නොවන නිසා ඒ වගේ දේවල් අපිට අමතක කරන්න වෙනවා. රංගනයේ දී වුණත් ඒ චරිතවලට වාචික අභිනයේදී විශේෂ බරක් තියෙන බවක් පේන්න නෑ. ඒ ඒ චරිත නිරූපණයේදී කටහඬ වෙනස් කළොත් තවත් තාත්ත්වික ගතියක් මේ නිර්මාණයවලට එකතු වෙනවා. ඒ කොහොම වුණත් පොඩ්ඩාගේ කතා සංකල්ප ප්‍රබලයි. අවසානයේ නිතරම ඔහු තමන්ගේ අරමුණ ඉටුකරගන්න සමත්.
► Text - Nisal / Pic – Internet