2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා

මඟුල් උගුල් Surprise

 2019 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 50

මා සුදාලා ඇස් පියාගන්න ඔන්න. හොරෙන් බලන්න බෑ. Surprise එකක් දෙන්න යන්නේ ඈ. අලේ... සොරි ඈ මොන මෝඩයාද කලින් කියලා Surprise දෙන්නේ... ආයෙත් අහලා පොඩි මාන්දමික ගතියක් තියෙනවා... පැංචෝ මේ දවස්වල වැස්සනී. යු... හූ.... මා සුදා ඔන්න අද අපි ගෙනාවා සැරම සැර Trend එකක්. Surprise ඈ. මේ Surprise ගැනම තමා Story ය.

අපේ සිරිලංකාවේ විතරක් නෙවෙයි දැන් ලොකේම Surprise කියන්නේ ලොකු Y trend එකක් කියලා මා ෆ්‍රෙන්තො ඔක්කෝම දැන් දන්නවානේ. ඒ වුණාට ලංකාවේ අපිට වගේම මුළු ලෝකෙටම සප්‍රයිස් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. Surprise කියන වචනයේ අර්ථය නම් පුදුමයි. ඒ වුණාට අපේ සෙට් එක මේක ගලපන්නේ Surprise එකක් දෙන්නවා, Surprise කරනව වගේ වචන වලින්නේ. මේ වචනවලින් අපි අදහස් කරන්නේ කාව හරි පුදුම කිරීමක් ගැන. ගොඩක් වෙලාවට ජීවිතයේ විශේෂ අවස්ථා එක්ක තමා Surprise දෙන්නේ. මේවා පුදුමයි විකාරයි මාන්දමිකයි.

දැන් මෙහෙයි මචී... අපි කිව්වානේ මේ සීන්කෝන් එක අද ඊයේ පටන්ගත්ත දෙයක් නෙවෙයි කියලා. අපේ මීමුත්තෝ කැලෑ පොජ්ජේ සතෙක් එලාගෙන ඉන්න කාලේ ඉඳන්ම ඔය Surprise කිරිල්ල තිබිලා තියෙනවා. අම්මපා.... ඔව් නැද්ද හා. තමන්ගේ සමීපතමයන් පුදුම කිරීමට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා කියලා අපි කිව්වේ ඒකයි. ඒ කොහොම වුණත් සුදෝ මීට සියවස් කිහිපයකට උඩදී රජ පවුල් රදළ පවුල් අතරින් තමයි අද තිබෙන සප්‍රයිස් සංකල්ප ඇවිල්ලා තියෙන්නේ. එයාලා තමන්ගේ සමීපතමයන් තමන්ගේ ධනය බලය යොදාගෙන පුදුම කළා. අරමුණ වුණේ ගොඩක් වෙලාවට ආදරය ‍ෙළන්ගතුකම සෙනෙහස වගේ මනාව හැඟීම් ප්‍රදර්ශනය කිරීම. ඔන්න පැංචෝ මෑතක් වෙනතුරුම ඔය ජාතියේ Surprise සීන්කෝන් එක තිබ්බේ ඇති හැකි පන්තිය අතරේ. ඒත් දැන් සීන්කෝන් එක බොහොම සාමාන්‍ය දෙයක් වෙලා බ්‍රෝ. ඒකට ඉතින් ඔය ගෝලීයකරණය එක්ක ලෝකේ පුරා ව්‍යාප්ත වුණ මාධ්‍ය භාවිතාවන් බලපෑමක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සෝෂල් මීඩියා.
ආ සෝෂල් මීඩියා කිව්වාම මතක් වුණේ. මේ කළේ ලොකුවට Trend වෙලා තියෙන්නේ Surprise වීඩියෝ. මාර සප්‍රයිස් නේ බ්‍රෝ තියෙන්නේ. ඒවා දැක්කම පිස්සු තමයි ඈ.

Birthday එක Wedding එක Anniversary එක වගේ විශේෂ අවස්ථාවලදී තමයි ඔය ජාතියෙ Surprise දෙන්නේ. ඔන්න එතකොට සීන් එකේ උච්චතම අවස්ථාවේ කවුරු හරි ෆෝන් එක උලුක්කු කරගෙන සීන්කෝන් එක වීඩියෝ කරනවා. Surprise වෙන කෙනාගේ Request එක එතකොට නියමෙට බලාගන්න පුළුවන්. අඬනවා... හිනාවෙනවා... මලපනිනවා... වැටෙනවා... තුවාල වෙනවා... ආයේ මොනවාද නොවෙන්නේ මේ සීන් එකේදී. මේ වැඩේ සමහරු Face Book Live එහෙමත් කරනවා. මේ වගේ වැඩක් දිහා බලාගෙන ඉඳීමත් පොඩි ත්‍රිල් එකක් තියෙන වැඩක් නිසා මේ Video සෑහෙන්න Hit වෙනවා. Social Media වල Youtube එකේ එහෙම. වැඩිපුර ප්‍රසිද්ධ චරිත Surprise කරන සීන් තමා Hit වෙන්නේ. ඊට අමතරව නිර්මාණාත්මක ඒවා. අනතුරු වෙන ඒවා.

ලෝකෙ ගොඩක් දෙනෙක් මේ වෙනකොට උත්සාහ කරනවා පැංචෝ කවුරුත් නොදීපු Surprise එකක් දෙන්න. නිර්මාණාත්මව වැඩේ කරන්න. ගිය පාර දුන්න එක මේ පාර දෙන්නේ නෑ. එයා මට දුන්න එක මම එයාට දෙන්නේ නෑ. විශේෂ දෙයක් කරන්නම ඕනා. වැඩේ ලේසි නෑ ගොඩක් වෙලාවට Surprise දීම teamwork එකක් වෙනවා මචෝ මේ නිසාම. මේ වැඩේ කරන්නේ මාර උනන්දුක් කික් එකක් තියෙනවා. සෙට්වෙලාම බලන්නකෝ. ඒක වෙනම ආතල් එකක්. මං කියන්නේ Teamwork එක් විදිහට Surprise දීම ගැන. Surprise වෙන කෙනාට කොහොම වුණත් ඇත්තටම ටිකක් ලොකු ඇඬෙන වැඩක් කළාම කරපු උන්ට කුප්ප සතුටක් දැනෙන එක ලෝක ස්වභාවයනේ. ඒ නිසාම වෙන්න ඇති මේ වැඩේ මුළු ලෝකේම ලොකු රැල්ලක් වෙලා තියෙන්නේ.

පොදුජනයා දන්න කියන Surprise මතකද පැට්ටෝ? සමාන්‍යයෙන් දැන් ලොකූ ටෙඩියෙක් Girl Friendට දෙන එක කොමන් Surprise එකක්. පහුගිය කාලේ ඔය සීන් එක හැමතැනම තිබ්බා. ඒ වගේම ධනවත් පවුල්වල පුතාට කාර් එකක් දෙන එකත් කොමන් සීන්කෝන් එකක්. ‍යාළුවාගේ Wedding එකට කුප්ප තෑග්ගක් දෙන එක ඔයාලත් සෙට්වෙලා කරලා ඇතිනේ. ඒ ඒකනම් දැන් ටික පරණ සීන් එකක්. මේ වගේ ගොඩක් ප්‍රසිද්ධ සප්‍රයිස් ජාති ලොකේ පුරා තියෙනවා. අපිට ඒවා ඔක්කොම මතක් වෙන්නේ නෑ. ඔයාලත් මතක් කරලා බලන්න ඔය ජාතියෙ ඒවා.. ම්ම්ම්.... ම්ම්...

හැබැයි පුතෝ Surprise වල නිසා අනතුරු, මහා විනාශයන් වගේම මරණ පවා ලෝකේ සිද්ධ වෙනවා. ඒ ගැන සමීක්ෂණ වාර්තා පවා තියෙනවා. හොයලා බලපල්ලාකෝ පොඩ්ඩක්. ඕනෑම පුදුමකිරීමක් ඇතුළේ බියට පත්කිරීම, රැවටීම වගේ දේවල් අන්තර්ගත වෙන එක සාමාන්‍යයයි. ඒත් ඒ දේවල් පරිමාව ඉක්මවා ගියාම තමා ඔය විදිහට සිද්ධවෙන්නේ සහෝදරා. සෝ සෑඩ් තමා එතකොට. මතකද අර කතාව අපේ සුදාලට. යුද්ධය දිනලා එන රජා බිසෝවරු Surprise කරන්න වැරදි කොඩිය උස්සලා කරගත්ත විනාශය ගැන කතාව. අන්න ඒ වගේ දේවල් අදත් ලෝකේ ඇතැම් තැන්වල සිද්ධ වෙලා තියනවා මචෝ. සෙල්ලම් ලෙල්ලම් වෙනවා ඇඩ්ඩ්‍රස් නැතුව යනවා. වැඩේ ලොකුවටම කරන්න ලොකූ අවදානම් ගන්න යාම තමා මේ වගේ දේවල්වලට මූලිකම හේතුව. කරන දෙයක් පරිසමින් ඈ....

මේ සීන් එක ගැන කතා කරනකොට කියන්න ඕනෑ දෙයක් තමයි මචෝ.... ඔය ගොඩක් වෙලාවට Surprise වුණා වගේ පෙන්නුවාට. අපේ උන් ගොඩක් ඇත්තටම Surprise වෙන්නේ නෑ කියන එක. අන්න ඒ වෙලාවට තමයි සීන්කෝන් එක පට්ට බොරුවක් වෙන්නේ. ඔන්න දැන් ලංකාවේ Wedding වල තියෙනවා Surprise Dance කියලා ජාතියක්. හැබැයි කවුරුත් ඒකෙන් Surprise වෙන්නේ නෑ. SURPRISE B^DAY PARTY අන්න ඒකත් ඒ වගේ උපන්දිනේ තියෙන කෙනා දන්නවා මොනවා හරි මඟුලක් අද රෑට වෙනවා කියලා. වැඩේ කියන්නේ Surprise නොවුණාට මේ වැඩවලට හොඳ Price එකක් නම් යනවා.

ඊළඟ Surprise Event Plane කරන ආයතන පවා අද ලෝකේ පුරා තියෙනවා. Create අදහස් එයාලම යෝජනා කරලා එයාලම වැඩේ සම්පූර්ණයෙන්ම කරලා දෙනවා. කොහොමද ඒක? ඒ වගේම මේ සප්‍රයිස් සීන් එක කොච්චර දරුණුවට යනවාද කියන්නේ ඒක දැන් හැම උත්සවයකම කොටසක් වෙලා තියෙන්නේ. ඇත්තටම මේක ප්‍රධාන හේතුව තමයි මානවයා තුළ තියෙන පුදුම කිරීමේ ළැදියාව වගේම පුදුමය අත්විඳීමේ කැමැත්ත.

 

► Text - Nisal   /  Pic – Internet