ඔන්න ඉතින් අපේ කලාකරුවන් කලාකාරියන් කිහිපදෙනෙක් පහුගිය දවස්වල ගතකළේ ඔස්ට්‍රේලියාවේ. මේ අය ඔස්ට්‍රේලියාවට ගියේනම් අලුත් වේදිකා නාට්‍යයකුත් අරගෙනම තමයි. ඒ ටෙනසි විලියම්ස්ගේ ඒ ස්ටීමිකා නේම්ඩ් ඩිසයර් වේදිකා නාට්‍යයේ සිංහල පර්වර්තනය වුණු ආශාවේ වීදිරිය නම් වේදිකා නාට්‍යයයි. ටෙනසි විලියම්ස්ගේ මේ ප්‍රශස්තම වේදිකා නාට්‍යයට 1948 වසරේදී පූලිට්සාර් සම්මානයෙන් ද පිදුම් ලබලා තියෙනවා.
2016 වසරේදී තමයි ආශාවේ වීදිරිය වේදිකා නාට්‍යය මුලින්ම නිෂ්පාදනය වුණේ. එම වසරේ පැවති රාජ්‍ය නාට්‍ය උළෙලේදී මෙම වේදිකා නාට්‍යය අවසන් වටය නියෝජනය කරමින් වේදිකාගත වුණා.
ඔක්තෝබර් මස දහතුන්වැනිදා මෙල්බන් නුවර George wood performing art centerහිදීත් ඔක්තෝබර් මස 19 වැනිදා සිඩ්නි නුවර Riverside Theatresහිදීත් මෙම ආශාවේ වීදිරිය වේදිකා ගතවුණා. චම්ප පුෂ්ප බුද්ධිපාල විසින් අධ්‍යක්ෂණය කළ මෙම වේදිකා නාට්‍යයේ මෙරට මෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික කලාකරැවන් කිහිපදෙනෙක් ද සහභාගී වීම විශේෂත්වයක් වුණා. මේ නිසාම ආශාවේ වීදිරිය මෙරට සහ ඔස්ට්‍රේලියාව යාකෙරුණු වේදිකාවක් වූවා පමණක් නොව එය අපූරු අත්දැකීමක් වුණා.
ආශාවේ වීදිරිය වේදිකා නාට්‍යය චමිලා පීරිස්, තුමිඳු දොඩන්තැන්න, සාරංග දිසාසේකර, වසන්ති රන්වල, දිනක්ෂි ප්‍රියසාද් වගේම ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රීනාත් මද්දුමගේ, අජිත් ද සිල්වා, රත්නා ගුණසිංහ සමඟ සිඩ්නි නුවර පදිංචිව සිටින තවත් නළු නිළියන් ද රංගනයෙන් එකතු වුණා.
ආශාවේ වීදිරිය මාස ගණනාවක පෙර පුහුණුවීමක් කළ වේදිකා නාට්‍යයක්. ලංකාවේ ජීවත් වෙන කලාකරු පිරිස තම තමන්ගේ චරිත ලංකාවේ පුහුණුවීම් කළ අතර ඔස්ට්‍රේලියාවේ ජීවත් වුණු ඒ කලා පිරිස ඔස්ට්‍රේලියාවේදී වේදිකා නාට්‍ය පුහුණු වුණා. ඔන්න ඉතින් ලංකාවේ හිටපු කලා පිරිස නාට්‍ය වේදිකාගත කරන්නට දින කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ තමයි මේ දෙගොල්ලෝම එකතු වෙලා නාට්‍ය සම්පූර්ණයෙන්ම පුහුණුවෙලා තියෙනවා. දෙරටක් අතර පුහුණු වෙච්චි නාට්‍යය කණ්ඩායමක් එකම වේදිකාවක නාට්‍ය පෙන්වන්නට පුළුවන් වුණේ මේ සාර්ථක පුහුණුවීමෙන් පසුවයි.
තුමිඳු, චමිලා, ශ්‍රීනාත්, වසන්ති වේදිකාවට ආගන්තුක නොවුණත් සාරංග වගේම දිනක්ෂිත් වේදිකාවට ආගන්තුකයි. හැබැයි ඉතින් දැන් දැන්නම් දිනක්ෂි වගේම සාරංගත් වේදිකාවෙන් කලඑළි බැහැලා. කොහොමවුණත් ලංකාවෙන් පිට වේදිකාගත වුණු දිනක්ෂිගේ ප්‍රථම වේදිකා නාට්‍යය වන්නේ ආශාවේ වීදිරියයි.
ඇත්තටම මේක මට අභියෝගයක්. මේ වේදිකා නාට්‍යයේ මම රඟපාන්නේ ස්ටෙලා කියන චරිතයයි. මගේ වැඩිමහල් සහෝදරිය විදිහට රඟපාන්නේ චමිලා අක්කා. (චමිලා පීරිස්) ඉතින්.. ඇත්තටම අපි මේ නාට්‍ය පුහුණුවීම් කළේ හරිම ආසාවෙන්. ඇත්තටම ඒක ඉතා සාර්ථකව වේදිකාගත වුණා යැයි අපි හැමෝම විශ්වාස කරනවා.
ඔන්න ඔහොම තමයි දිනක්ෂි ස්ටෙලා විදිහට රඟපාලා නාට්‍ය ගැන අපිට කිව්වේ.
මේ පවුලේ අක්කලා නංගිලා කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අය අතරේ ඇතිවන විවිධ හැලහැප්පීම් වගේම ඔවුන් විවාහ වුණාට පසුව ඒ පවුල වෙත එකතු වෙන තවත් ගැටුම් එක්ක දිවෙන අපූරු වේදිකාවක් තමයි මේක. මෙල්බර්න්වල වගේම සිඩ්නි නුවරත් පවත්වපු ආශාවේ වීදිරිය වේදිකා නාට්‍යය නරඹන්නට විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැමිණ සිටියා. ඇත්තම කිව්වොත් ටෙලිනාට්‍යවලින්, සිනමාවෙන් දිනක්ෂිගේ රංගනයන් පිළිබඳව මේ අය දැනගෙන හිටියත් වේදිකාවේ ඇගේ රංගනය පිළිබඳව ඔවුන්ට අත්දැකීමක් තිබුණේ නැහැ. ඒ වගේම විදෙස් රටක වේදිකාවක සජීවීව තම රංගන කෞෂල්‍යය පෙන්වීමට දිනක්ෂිට මීට පෙර අවස්ථාවක් ලැබුණෙත් නෑ. ඒ වගේම කූඹියෝ තුළින් විශාල ආකර්ෂණයක් දිනාගත් තුමිඳුගේ රංගන හැකියාව වගේම චමිලාගේත්, වසන්තිගේත් වගේම සාරංගගේත් රංගනය මේ තුළින් අපූරුවට පෙන්නුම් කළා කියලයි ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන් කියා සිටියේ.
ශ්‍රීනාත් මද්දුමගේ කියන්නේ ශ්‍රී ලංකාවේ ජීවත් වුණ හොඳ කලාකරුවෙක්. මීට වසර ගණනාවකට උඩදී ශ්‍රීනාත් ඔස්ට්‍රේලියාවට පදිංචියට ගිය ද විවේක ලැබෙන කාලවකවානුව තුළදී ශ්‍රී ලංකාවට පැමිණ නිර්මාණයකට හෝ දෙකකට සහභාගී වීම අදටත් දකින්නට පුළුවන්. මෙවර ශ්‍රීනාත් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන තවත් රංගන ශිල්පි ශිල්පිණියන් කිහිපදෙනකුත් එක්කාසු කරගෙන තමයි ආශාවේ වීදිරිය නාට්‍යය පුහුණුවීම් කරලා තියෙන්නේ. අවසානයේදී ඉතින් දෙරටක පුහුණුවීම් කරපු වේදිකා නාට්‍යයක් එකම වේදිකාවක වේදිකාගත වුණා.
ආශාවේ වීදිරිය චම්ප පුෂ්ප බුද්ධිපාලගේ සිව්වැනි නාට්‍යයි. කෙසේ වුවද තවමත් ආශාවේ වීදිරිය නව නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ වෙසෙන්නන්ටනම් දැකබලාගන්නට පුළුවන් වුණේ නැහැ. ඉතින් අපි බලාගෙන ඉමු. චමිලා, තුමිදු, වසන්ති, සාරංග, දිනක්ෂි ඇතුළු මේ නළු නිළි කැල එක්කාසු වෙලා අපේ වේදිකාවටත් ගොඩ වැදෙන දවස එනතුරු.
► Text - Dishani / Pic – Internet