දශක පහකට අධික කාලයක් මුළුල්ලේ වේදිකාව, සිනමාව හා රූපවාහිනිය හරහා තම රංගන ප්‍රතිභාවන් ප්‍රකට කළ සම්මානනීය චරිතාංග රංගනවේදිනියක වූ චන්ද්‍රා කළුආරච්චි පසුගියදා දැයෙන් සමුගත්තේ කාගේත් සිත් සසල කරවමිනි.
චන්ද්‍රා කංකානම්ගේ කළුආරච්චි කොළඹදී උපත ලැබුවේ 1943 වසරේ අප්‍රේල් 6 වැනි දිනය. නාරාහේන්පිට පරාක්‍රමබාහු හා මහවත්ත මහ විදුහල්වල ඉගෙනුම ලැබූ චන්ද්‍රා මුලින්ම රංගන ශිල්පිනියක ලෙස දොරට වැඩියේ ආනෝල්ඩ් වික්රමසූරියගේ රත්තරන් පුතාව හෙයියන්මාරුව වේදිකා නාට්‍ය ඔස්සේය. ඒ 1962 වසරේදීය. ඇය ඉන්පසු රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍ය රැසක් අතිශයින් ජනප්‍රිය විය. ඒ අතර බක්මහ දීගේ, වහළක් නැති ගෙයක්, අම්මයි අප්පයි, ඉබි කට්ට, උමතුසං වරුසාව, රට බාරයි නුඹට පුතේ, එරබදු මල්, මඟුල් හටන, අහසින් වැටුණු මිනිස්සු, හුණුවටයේ කතාව, ඉඩම, මායාදේවී, සිහින සාප්පුව, අවි, කැලණි පාලම ඒ අතරින් සුවිශේෂීය.
1968 දී චන්ද්‍රා කළුආරච්චි සිනමා නිළියක ලෙස අවතීර්ණ වූයේ ජී.ඩී.එල්. පෙරේරාගේ දහසක් සිතුවිලි චිත්‍රපටය හරහාය. එතැන් පටන් ඇය චිත්‍රපට නිළියක ලෙස මොකද වුණේ, රෝමියෝ ජුලියට්, බක්මහ දීගේ, ලක්සෙට කොඩිය, සිදාදියෙන් හයක්, තුංමං හන්දිය, වැලිකතර, නිධානය, සිංගප්පූරු චාලි, මාතර ආච්චි, දිනුම් කණුව, සිහසුන, තරංගා, ජීවන ගංගා, සිරිල් මල්ලි, මංගලා, ගැහැනු ළමයි, සෙලීනාගේ වලව්ව, වසන්තේ දවසක්, පාර දිගේ, වජිරා, ආරාධනා, හිම කතර, යුගාන්තය, අතුරු මිතුරු, සෙයිලම, පවුරු වළලු වැනි සිනමා නිර්මාණ සඳහා රංගනයෙන් දායක වූවාය.
මෙරට බිහිවූ මුල්ම ටෙලි නිර්මාණය වන දිමුතු මුතු හරහා පුංචි තිරයට පා තැබූ ඇය, ටෙලිනාට්‍ය රුසකට දායක වී සම්මාන රැසකට ද පාත්‍ර වූවාය.
ජනප්‍රිය සංගීතවේදී ලක්ෂ්මන් විජේසේකර හා විවාහ වූ ඇය කලා ශිල්පිනී අමා විජේසේකරගේ මෑණියන්ය.
► Text — Ramesh Uvais / Pic -Internet