2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

එකට එක කරන්න මොකටද අවසර

2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:3094

2019 නොවැම්බර් 15 වැනිදා තිරගත වෙන මිලාප් සවේරී විසින් අධ්‍යක්ෂණය කරන ලද භූෂන් කුමාර්, ක‍්‍රිෂන් කුමාර්, දිව්‍යා ඛෝස්ලා කුමාර්, මොනීෂා අද්වානී, මධූ භෝජ්වානී සහ නිඛිල් අද්වානී විසින් නිෂ්පාදන කරන ලද මර්ජාවාන් කියන් හින්දි සිනමාපටයේ තතුවිත්තියි ඔබට කියන්න හදන්නේ. මර්ජාවාන් කියන මේ හින්දි සිනමාපටය එහි අධ්‍යක්ෂක මිලාප් සවේරී විසින්ම ලියා ඇති අතර එහි ඇති මනබඳින ගීතයන් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙන්නේ තනිෂ් භාග්චී, මීත් බ්‍රෝස්‍ සහ පායල් දේ විසිනුයි.

මේ සිනමාපටයේ පසුතලය සංගීතවත් කර තියෙන්නේ සන්ජෝයී චවුද්‍රී විසිනුයි. මර්ජාවාන් කියන නමේ තේරැම වෙන්නේ මම මැරෙන්නම් කියන එකයි. මේක භීතිය පතුරුවන ආදරණීය කතාවක් කියලා තමයි කියන්නේ. මේ සිනමාපටයේ ප‍්‍රධාන චරිත තුනක් ගැන ඔබට කියන්න ඕන. ඒ තමයි විෂ්ණූ, රඝූ සහ සෝයා. ඒවාට පණ පොවන ඔබ ආදරය කරන කට්ටිය ගැන කියන්න කලින් කතාව ටිකක් කියලා ඉන්නම්කෝ.

මූණු දොළහක් තියෙන මහා විශාල පිළිමයක් හදලා තියෙනවා. ඒ වෙන කිසිවෙක්ගේ නෙවෙයි රාවනා රජුගේ. මෙතන ඉන්දියාවේ දශහැරා උත්සවය සමරන්නයි සූදානම්ව තියෙන්නේ. මෙතන නළල වටා රතු රෙදී කඩක් ගැට ගසා ගත්ත තරුණයෙක් පිරිසකට හොඳටෝම පහර දෙමින් මෙන්න මෙහෙම කියනවා. ආ කියන්න අමතක වුණානේ. ඔහුගේ නළලේ රතු පාට තිලකයකුත් තියලා ඉන්නේ. ඔහුගේ නම රඝූ.
රඝූ - දේව මන්දිරයෙයි මුස්ලිම් දේවස්ථානයෙයි දෙකේදීම හම්බවේවී.

මේ දේශයේ හැම මංමාවතකමත් හම්බවේවී ඔබට ඔහුව. ඔහුගෙන් හැම කෙනෙක්ටම උදවු හම්බවේවි. එක්කො උදවු ඉල්ලන්න අල්ලාහ්ගෙන් නැත්නම් බජරංගබලීගෙන්.
කතාවේ ආරම්භය එහෙමයි. ඔන්න දැන් කියන්න හදන්නෙ තවත් දවසක් ගැනයි. මේ ජනාකීර්ණ ප‍්‍රදේශයක සිදුවීමක්. කඩවසම් රඝූ මෙතන ඇවිදගෙන යද්දී ඔහු එක පාරක් දැක්කම බලාගෙන ඉන්න හිතෙන තරම් සුන්දර කෙල්ලෙක්ව දකිනවා. මේ කෙල්ලගේ නම සෝයා. සෝයා ගාවට රඝූ එනවා.
රඝූ - ආදරෙයි.
සෝයා - අනේ මං මැරිලා යයි.

රඝූ - ඔබගේ මතකයන් බොහෝමයක් මට ඇත. ඔබ මගේ ගාවට පැමිණෙන්න මගේ මනාලිය විලසින්.. මගෙ ප‍්‍රාර්ථනය එය පමණයි. ඔබ මගේම වෙන්න.
රඝූ ඒ වගේ තේරුම තියෙන ගීයක් ඇය වෙනුවෙන් මුමුණනවා. සෝයා රඝූගේ මනාලිය බවට පත්වෙනවා. ඔන්න ඔය අතරෙ තමයි අද මේ කියන කතාවේ දුෂ්ටයා කතාවට එන්නේ. ඔහුගේ නම විෂ්ණු. විෂ්ණු එක අතක පිස්තෝලයකුත් තියාගෙන පොඩි ගීතයක කොටසකුත් කියාගෙන රඝූ ඉස්සරහට එනවා. විෂ්ණු මුහුණ පුරා රැවුල වවා ඉන්න මිටි පුද්ගලයෙක්.

විෂ්ණු - දන්නවද නරුමයගේ උස කීයද කියලා?
අඩි තුනයි. ඒ මගේ උස. මං රාස්සයෙක් නෙවෙයි. මං අවතාරයක්. රඝූ අත් හැර දාපන් ඔය උමතුකම්. ඔය කෙල්ලත් මැරේවි. ඒ වගේම උඹත් මැරෙනවා.
රඝූ - මට පලි ගන්න ඕන නැහැ සර්. මට පල විපාක දැකගන්නවා.
විෂ්ණු - උඹට කොහොමද එච්චර ධෛර්යක් මාත් එක්ක එකට එක කරන්න.

රඝූ - එකට එක කරන්න අවසරයක් අවශ්‍ය නැහැනේ.
කවදාවත් සිංහයෙක්ව බලන්නට නවත්තන්න ශක්තියක් නැහැ.
විෂ්ණු - ඉවරයක් කරන්න ඌව.
රඝූ - මට ගැහුවොතින් උඹ අනිවාර් යෙන්ම මැරෙනවා.

ආපහු ඉපදෙන්නත් උඹ බයවෙයි.
විෂ්ණු - රඝූ එක රාවනට හිස් දහයයි.
එක විෂ්ණුට ඒක මොකක්ද ?
කතාවේ ඉතුරු ටික ඔබට අද කියන්නේ නැහැ. දැන් ඔබට විෂ්ණුගේ චරිතයට පණ පොවන ඔහු ගැන කියන්නයි සූදානම. ඔහු ගැන නොකිව්වත් මෙන්න මේ සිනමාපට ගැන කිව්වම ඔහුව ඔබගේ මතකයට අනිවාර්යයෙන්ම එන එක කාටවත් නවත්තන්න නොහැකි වේවි.

2003 Tujhe Meri Kasam, 2004  Masti. Bardaasht (2004), Kya Kool Hai Hum (2005), Bluffmaster! (2005), Malamaal Weekly (2006), Heyy Babyy (2007), Dhamaal (2007), Double Dhamaal (2011) Housefull (2010), Housefull 2 (2012), Grand Masti (2013), Housefull 3 (2016).2014  Ek Villain 2019 Total Dhamaal

1978 දෙසැම්බර් 17 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රානතයේ ලාතූර්වල ඉපදුණු ඔහු 2003 වසරේ පටන් නළුවෙක්, රූපවාහීනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, නිෂ්පාදකයෙක් සහ ආර්කිටෙක් කෙනෙක් විදියට වෘත්තියේ නියැලෙනවා. 2012 විවාහ වුණු ඔහු මේ වෙනකොට දරුවන් දෙදෙනකුගේ පියෙක් වන අතර ඔහු වෙන කිසිවෙක් නෙවෙයි හින්දී සිනමාවේ සහ දමිල සිනමාවේ ජනප‍්‍රිය නිළියක් වන ජෙනේලිය ඩී සූසා දේශ්මුක්ගේ ස්වාමියා රිටේශ් දේශ්මුඛ්. ඔහු තමයි මේ සිනමාපටයේ දුෂ්ටයාගේ චරිතය වන විෂ්ණුගේ චරිතයට පණ පොවන්නේ. දැන් ඔබට කියන්න හදන්නේ ආදරවන්තයාගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. ඔහු මෙන්න මේ සිනමාපටවලින් තමයි ඔබ දැක තියෙන්නේ.
Student of the Year (2012), Hasee Toh Phasee (2014),Ek Villain (2014), Kapoor & Sons (2016).

1985 ජනවාරී  16 වැනිදා ඉන්දියාවේ දිල්ලි නගරයේදී උපත ලද ඔහු 2012 වසරේ කරන් ජෝහර් අධ්‍යකෂණය කරන ලද මයි නේම් ඉස් ඛාන් හින්දි සිනමාපටයේ සහාය අධ්‍යක්ෂකවරයා ලෙසින් තම වෘත්තියේ ජීවිතය ආරම්භ කළා. සිද්ධාර්ත් මල්හෝත‍්‍රා තමයි මේ සිනමාපටයේ රඝූගේ චරිතයට පණ පොවන්නේ. ඒක් විලන් හින්දි සිනමාපටයේත් ඔබට මතක ඇතිනේ රිටේශ් දුෂ්ටයාගේ චරිතයට පණ පොවද්දී සිද්ධාර්ත් තමයි ආදරවන්තයාගේ චරිතයට පණ පෙව්වේ.
දැන් ඔබට සෝයාගේ චරිතයට පණ පොවන ඇය ගැන කියන්නයි මේ සූදානම. ඇය ගැන කියන්න කලින් මෙන්න මේ සිනමාපටවලින් ඔබ ඇයව දැන තියෙන නිසා මතක් කරගන්න බලන්න මේ කියන්න හදන්නේ කවුරු ගැනද කියලා.
The Suite Life of Karan & Kabir (2012) Oye Jassie (2013). 2019 Student of the Year 2.

1995 නොවැම්බර් 19 වැනිදා ඉපදුණු ඇය 2010 වසරේ පටන් හින්දි සිනමාව නියෝජනය කරන කෙනෙක්. ඇය නමින් තාරා සුතාරියා.
ඒ කිව්ව තුන් දෙනාට අමතරව රාකුල් ප‍්‍රීත් සිං, නස්සාර්, ශාද් රන්ධාවා, රවි ක‍්‍රිෂන්, වරින්දර් සිං ඝුමාන්, බික‍්‍රම්ජීත් කන්වාර්පල්, ගෝඩාන් කුමාර් සහ නෝරා ෆටේහී සහ නුෂ් රත් භරුචාත් විවිධ චරිත හැඩ කරන්න මේ සිනමාපටයේ චරිතයන්ට පණ පොවා තියෙනවා. මේ සිනමාපටයේ ගේය පද කුමාර්, තනිෂ් බාග්චී, කුනාල් වර්මා, මනෝජ් මුන්ටෂීර් සහ ඒ. එම් තුරාස් තමයි රචනා කරලා තියෙන්නේ. ඒ ගේය පදයන්ට පණ දෙන්න තමන්ගේ හඬින් ඒවාට පණ දීලා තියෙන්නේ කුනාල් වර්මා, පායල් දේව්, ජුබින් නවුටියාල්, නේහා කක්කර් සහා යාෂ් නර්වේකර් විසිනුයි.

 

► Translation — Chandana Waravitage