2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

රාමනායකයි එකම ප්‍රශ්නයයි

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 69

අද Youtube Hit වලින් කතා කරන්නේ දන්න කියන දෙන්නෙක් කරපු වීඩියෝ එකක් ගැන. මේ චරිත ලංකාවම අඳුනනවා සුනෙත් - ගාමින්ද. හැබැයි එහෙම කිව්වොත් ගොඩක් අයට මතක නෑ. චූටි මල්ලි පොඩි මල්ලි.... ඕන්න කවුරුත් දැන් අපේ කතා නායකයෝ දෙන්න ගැන දන්නවා. චූටි මල්ලි, පොඩි මල්ලි කියන්නේ අද අපි කතා කරන Youtube හාස්‍ය කලාවේ බිහිවීමට ප්‍රධාන හේතුවක් වුණ දෙන්නෙක්. මේ දෙන්නා පසුකාලීනව තමයි Youtube වලට ආවේ. ඒත් එදා අපි නොදන්න Live වැඩසටහනේ මේ දෙන්නා අනුගමනය කළ හාස්‍ය උත්පාදන ශිල්පය තමා පසුකාලීනව Youtubers ලත් හුරුවුණේ.

CMPM Comedy කියන Youtube Channel එක කරලා මේ දෙන්න කරළියට එන්නේ 2016 වසරේ වගේ. දැනට Subscribe ලා 52.9k විතර මේ චැනල් එකට තියෙනවා. කාලයක් අක්‍රිය වෙලා තිබිලා ළඟදී ඉඳන් චැනල් එක අායෙත් ඇක්ටිව්. කොහොම වුණත් Youtube ම ඉලක්ක කරගෙන නිර්මාණකරණයේ යෙදෙන බවක් මේ දෙන්නා තුළින් පේන්න නෑ. ඒත් අපේ Youtube කතාව ඇතුළේ මේ දෙන්නාව මඟහැරලා යන්නත් අපිට බෑ. අන්තිමටම රාමනායක කියන Video එක තමා මෙයාලා දාලා තිබ්බේ. ඒ වීඩියෝ එකට ලක්ෂයකට ආසන්න Views ප්‍රමාණයක් තිබුණා අප නරඹන වෙලාවේ.

මේකේ තියෙන්නේ රාමනායක කතාව මුළු රැයක් නිදිමරාගෙන පොඩි මල්ලි, චූටි මල්ලිට කියලා දෙන සිද්ධියක්. අන්තිමට කතාව අහගෙන ඉඳලා අහනවා ප්‍රශ්නයක්. අන්න ඒක තමා මේ වීඩියෝ එකේ තියන හාස්‍යය මතුවෙන තැන. කොහොම වුණත් සිද්ධිය හරියටම තේරුම් ගන්න නම් මේ කතාව බලන්නම වෙනවා. මේ වීඩියෝ එකේ කතාව තව ටිකක් ප්‍රබල වෙන්න තිබ්බා කියලා අපිට හිතෙනවා. කොහොම වුණත් මේ දෙන්න Youtube වෙනුවෙන් ලොකු වෙහෙසක් නොදරන බව අපිට මේ හරහා පැහැදිලි වෙනවා. ඒත් Youtube Hit වලින් යෝජනා කරන්නේ මේ දෙන්න Youtube වලටත් අතගැහුවා නම් හොඳයි කියන එක.

කැමරා කෝණ සංස්කරණය වගේ දේවල් ගැන මේකෙදී ලොකු කතා කරන්න වෙන්නේ නෑ. වීඩියෝ එක, එකදිගට විනාඩි දෙකකට වඩා අඩුයි. මූලික තාක්ෂණික දේවල් අඩුපාඩුවක් නැතුව තියෙනවා කියන එකත් මතක් කරන්න ඕනෑ. Youtube වෙනුවෙන් කරන නිර්මාණයක ප්‍රබලතාව මතුකරගන්න දෙබස්වල තියෙන ප්‍රබලතාව ඉතාම වැදගත් වෙනවා. අනවශ්‍ය වචන හැම එකකින්ම සිද්ධවෙන්නේ හානියක්. අද ගොඩක් Youtubers ලා ඒදේ තේරුම් අරගෙන තියෙනවා. නිරන්තර රූපවාහිනී මාධ්‍යය ස්පර්ශ කිරීමේ සහ ඒ රටාවට හුරැවීම CMPM channel එකේ අඩුපාඩුවක්. Youtube ඇතුළේ ඉදිරියට යනවා නම් ඒ අඩුපාඩු හදාගන්න ඕනෑ.

කොහොම වුණත් මේ දෙදෙනාම  ලංකාවේ කොමඩි රජවරු. ඔවුන්ගේ රූපවාහිනියට පමණක් සීමාවුණේ නෑ. ගුවන් විදුලිය හරහාත් මේ දෙන්නා ලංකාවේ ලොකුම තැනක ඉන්නේ. සූර පප්පා, කව්ද බෝයි, ස්කූබි ඩූ, ගාර්ෆීල්ඩ්, සූටිං මාටිං වගේ චරිත අතුලෙන් මතුවුණේත් මේ දෙන්නම තමා. ඉතින් අපි කැමතියි චූටි මල්ලිව පොඩි මල්ලිව Youtube වලිනුත් වෙන විදිහට දකින්න.

 

Text - Nisal   /  Pic – Internet