2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

දූෂණයට “චටාස්”

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 96

ඉන්දියාවේ අවුරුදු 18ට අඩු පිරිමි ළමයින් 2000කට වඩා ඉන්දියාවේ දූෂණ අපරාධයන්ට වැරදිකරුවන් වන බව වාර්තා වෙනවා. අද මේ කතාව සිද්ධ වෙන්නෙත් ඉන්දියාවේ.

මේ සිද්ධිය වෙන්නේ රාත‍්‍රී කාලයේ. තරැණයෙක් වාහන රථ ගාලකට ඇවිල්ලා එතන තියෙන මෝටර් රථයක දොරේ අගුල කඩලා ඒ මෝටර් රථයට නැගලා වේගෙන් පිටවෙලා යනවා. මේ වෙලාවේ පාරේ වාහන බොහොම අඩුවෙන් තියෙන්නේ. අඩුවෙන් කිව්වේ වාහන නැති ගානයි. පාළු පාරක් දිගේ ඇවිද යමින් ඉන්න ලස්සන යුවතියක් මේ මෝටර් රථය එනවා දැකලා මෝටර් රථය නතර කරගන්න උත්සාහ කරනවා. වේගෙන් ආව මෝටර් රථය ඇය ගාව නතර කරනවා.
කෙල්ලක් - ඔයා යන පැත්තටමයි මමත් යන්නේ.... මට යන්න  ඕන තැනින් බස්සවන්න ඔයාට පුළුවන්ද?
අපරාධකරු - නගින්න.

ඔහු ඇයවත් මෝටර් රථයට නග්ගවගෙන වේගයෙන් ඉගිල්ලිලා යනවා.
මේ ඊට පසුදින පාළුවට ගිය ගොඩනැගිල්ලක් පිහිටි ස්ථානයක සිදුවීමක්. මෙතන පොලිස් නිලධාරීන් තැනින් තැන ආරක්ෂාවට ඉන්නවා. නිල් පැහැති නිල ඇඳුමින් සැරසුණු අද අපේ කතාවේ නායිකාව ඉන්ස්පෙක්ටර් ශිවානී රෝයී තමන්ගේ සහාය නිලධාරියෙක් එක්ක මේ ස්ථානය පරීකෂා කරමිනුයි ඉන්නේ.

ඉන්ස්පෙක්ටර් ශිවානී - කොච්චර සාම්පල් මෙතනින් හොයාගෙන තියෙනවද?
නිලධාරියා - එකක් විතරයි. ඒ කෙල්ලට ගොඩාක් වද දීලා තියෙනවා. රේප් කරලා එයාව. ඊට පස්සේ මරලා දමලා.
ඇය එතන පරීක්ෂණ කරලා අවසන් කරලා තමන්ගේ සහාය නිලධාරිනියක් එක්ක රෝහලේ මෘත ශරීරාගාරයට යනවා. අපරාධ වෛද්‍යවරිය මෘත ශරීරය පෙන්වද්දී ඇයගේ සහාය නිලධාරිනිය වමනය කරමින් එළියට යනවා. ඒත් ඉන්ස්පෙක්ටර් ශිවානී මුහුණේ රැළි නංවාගෙන මෘත ශරීරය දිහා බලන් ඉඳලා එතනින් එළියට එනවා. මාධ්‍යවේදීන් ඇයව වටකරගෙන තොරතෝන්චියක් නැතුව ප‍්‍රශ්න අහනවා. ඔවුන්ට උත්ත‍ර දෙන ශිවානීට පොලිස් ස්ථානය ඇතුළෙදී ඇයගේ උසස් නිලධාරියෙක් කියන්නෙ මෙන්න මෙහෙම කතාවක්.

පොලිසියේ ඉහළ නිලධාරියෙක් - හැම අවුරුද්දකම ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙහාට ඉගෙන ගන්න එනවා. මේක නගරේ තියෙන ලොකුම ප‍්‍රශ්නයක්. අපි පුළුවන් තරම් ඉක්මනට අපරාධකාරයා ආල්ලගන්න  ඕන ශිවානී.
ඇය එම නිලධාරියාට සහ මාධ්‍යවලටත් ඉක්මනින් අපරාධකරැ අල්ලාගෙන අධිකරණයට පමුණුවා දඩුවම් ලබාදෙන බව ශිවානි කියනවා. මේ අතරේ එක දවසක් උදේම ඉන්ස්පෙක්ටර් ශිවානිගේ සහාය නිලධාරිනියක් ඇයට අපරාධකරු එවා තියෙන ලිපියක් ඇගේ කාර්යාල කාමරයට ගෙනල්ලා දෙනවා.

ශිවානී - නිර්භීත ශිවානී.. අද දවස ඉවරවෙන්න කලින් මම තව කෙල්ලෙක්ව දූෂණය කරනවා. ඔයාට එයාගේ බොඩි එක කාණුවක තිබිලා හම්බවෙයි. ඔයාට පුළුවන්නම් මාව නවත්තන්න.
ඉන්ස්පෙක්ටර් ශිවානී පොලිස් නිලධාරීන් එක්ක මුළු නගරෙම පීරමින් අපරාධකරුව අත්අඩංගුවට ගන්න පරීක්ෂණ කරනවා. ඒත් ඔහු පොලිස් නිලධාරීන්ට පේන්නම ශිවානිගේ වගේ වෙස් මුහුනක් පැළඳවූ තරුණියකගේ සිරැරට බෝම්බයක් සවි කරලා සෙනග ඉන්න තැනක පුපුරවා අරිනවා.

ඉන්ස්පෙක්ටර් ශිවානී - එයාව අපි දවස් දෙකක් ඇතුළත අල්ලගන්න ඕන.

වෛද්‍යවරිය - ඒ පාපතරයව අල්ලගන්න ශිවානී
ශිවානී - ඔව් මම ඒක කරනවා.

කතාවේ ඉතුරු ටික දැනගන්නනම් 2019 දෙසැම්බර් 13 වෙනිදා වෙනකම් බලාගෙන ඉන්න වෙනවා. මොකද අන්න එදාට තමයි ගෝපී පුත‍්‍රන් අධ්‍යක්ෂණය කළ ආදිත්‍ය චොප්රා නිෂ්පාදනය කළ මර්දානී 02 (පිරිමිකම)
හින්දි සිනමාපටය තිරගත වෙන්නේ. මේ කියන මර්දානී 02 හින්දි සිනමාපටයේ කතාව සහ තිර රචනය ගෝපී පුත‍්‍රන් විසින් සිදු කරලා තියෙන අතර මේ සින්මාපටයේ පසුබිම සංගීතවත් කරලා තියෙනෙන ජෝන් ස්ටේවර්ට් එදුරි. යාශ් රාජ් ෆිල්ම්ස් ආයතනයෙන් බෙදා හරිනු ලබන මර්දානී 2 හින්දි සිනමාපටයේ චරිත හැඩ කරන්න ඒවාට පණ පොවන අය ගැනයි දැන් කියන්න හදන්නේ.

ඉන්ස්පෙක්ටර් ශිවානිගේ චරිතයට පණ පොවන්නේ  1978 මාර්තු 12 වැනිදා ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ බොම්බේ නගරයේ ඉපදී 1996 වසරේ පටන් හින්දි සිනමාවේ නිළියක් විදිහට වෘත්තියේ නියැලෙන ඇයයි. දැනට එක දියණියකගේ මවක් ද වෙන ඇය 2000 වසරේදී ඉහළම අය කිරීමක් කරන ලද තැනැත්තිය ද වෙනවා. ෆිල්ම් ෆෙයාර් සම්මාන හතක් ඇතුළුව විවිධ සිනමා සම්මාන උළෙලවලින් සිනමා සම්මානයන් තමන්ගේ නමට වෙන් කරගන්න සමත් වුණු මේ කියන හැඩකාරිය මෙන්න මේ සිනමාපටවලින් ඔබව අමන්දානන්දයට පත්කර තියෙනවා.

Biyer Phool (1996) 1996 Raja Ki Aayegi Baraat,Kuch Kuch Hota Hai (1998).,Kabhi Alvida Naa Kehna (2006).,Ghulam (1998), Kuch Kuch Hota Hai , Mehndi (1998) Hello Brother (1999),2000 – Badal ,Bichhoo,Hadh Kar Di Aapne ,Kahin Pyaar Na Ho Jaaye,Har Dil Jo Pyar Karega,Chori Chori Chupke Chupke in 2001,2002Mujhse Dosti Karoge!, 2003 Chalte Chalte,Chori Chori,Hum Tum (2004),Black (2005),Bunty Aur Babli 2005,Paheli,Mangal Pandey: The Rising. ,Kabhi Alvida Naa Kehna (2006),Baabul,Ta Ra Rum Pum2007,Laaga Chunari Mein Daag,Dil Bole Hadippa! 2009,Saawariya, 2011 No One Killed Jessica,Aiyyaa (2012),Talaash:,Mardaani 2014,Hichki (2018)

මතක් වුණාද ඇය කවුද කියලා? ඇය වෙනින් කිසිවෙක් නෙවෙයි 2014 දී සිනමාපට නිෂ්පාදකයෙක් වන ආදිත්‍ය චොප්රා එක්ක විවාහ වුණේ ඇයයි. අදීරාගේ මව වන ඇය සුරූපී නිළි කාජල්ගේ ඥාතී සොයුරියක් වන රාණි මුකර්ජී. ඔව් රාණි තමයි මර්දානී 2 හින්දි සිනමාපටයේ ඉන්ස්පෙක්ටර් ශිවානීගේ චරිතයට පණ පොවන්නේ. දැන් කියන්න හදන්නේ මේ මර්දානී 2 හින්දි සිනමාපටයේ අවුරුදු 21 තරුණයාගේ චරිතයට පණ පොවන ඔහු ගැනයි. 1994 ජූලි 06 වැනිදා ඉපදිලා තියෙන ඔහු ජීවත් වෙන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයේ. 2013 වසරේ පටන් නළුවෙක් විදියට වෘත්තියේ නියැලෙන ඔහු ඉන්දියාවේ ටෙලි නාට්‍ය නළුවෙක්. සෝනි ටීවී එකේ ප‍්‍රචාරය වූ භාරත් කා වීර් පුත‍්‍ර මහාරානා ප‍්‍රතාප් කියන චරිතය අක්බාර් නාට්‍යයේ කළේ ඔහුයි. තාකූර් කොලේජ් එකෙන් විද්‍යාව සහ වාණිජ වෙනුවෙන් උපාධියක් හිමි කරගෙන තියෙන ඔහු නමින් විශාල් ජේත්වා. ඔහු තමයි මේ සිනමාපටයේ දුෂ්ටයාගේ චරිතයට පණ පොවන්නේ. ඔහුට අමතරව වික‍්‍රම් සිං චවුහාන්, ශෘතී බප්නා, රාජේශ් ශර්මා සහ දීපිකා අමින් කියන අයත් මේ සිනමාපටය හැඩ කරන්න එකතුවෙලා ඉන්නවා. මේ සිනමාපටය රූගත කර තියෙන්නේ ඉන්දියාවේ ජයිපූර්, රාජස්තාන් අතුළු ඉන්දියාවේ විවිධ ප‍්‍රදේශවලයි.

 

► Translation — Chandana