2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා

රහසේ ආදරය කරන්නම්

 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 68

අද Youtube Hit එකෙන් කාලකෙට පස්සේ Music Video එකක් ගැන කතාකරන්න අපි අදහස් කරා. මේ වීඩියෝ එකේ නම රහසේ ආදරය කරන්නම්. නාද Youtube Channel එකෙන් තමා මේක දාලා තිබුණේ. අපි බලනකොට වීඩියෝ එක Trending 43 ට ඇවිල්ලා තිබ්බා. පනස් දාහක වගේ Views ප්‍රමාණයක් තිබුණා. අලුත් පරපුරේ නැගී එන ගායකයෙක් වුණු එෂාන් උදේශ තමා ගීතයේ අයිතිකාරයා. රෑප රචනාව ඉඳුනිල් රත්නායකගේ. ඒ කියන්නේ මුහුණු පොතේ අපි කවුරුත් දන්න ඉඳුවා.

අපි මේ වීඩියෝව තෝරගන්න හේතුව තමා ගීතයේ වගේම රූප රචනාවේ තිබුණු විශේෂත්වය. ගීතය ගැන කියනවා නම් මේ කාලේ ජනප්‍රිය Crush කියන සංකල්ප තමා එකේ පදනම. සරල වගේම ප්‍රබල වචන ටිකක් තියෙනවා. ඒ වගේම අර්ථය තීව්‍ර වෙන විදිහට කතාව ගොඩනගලා තියෙනවා.

මේ දවස්වල ගොඩක් රූප රචනාවල තියෙන පොදු ගැටලුව මේකේ දකින්න නෑ. ඒ කියන්නේ ගීතයේ අරුත තේරුම් නොගෙන රූප රචනා කිරීමේ ගැටලුව මේ රහසේ ආදරය කරන්නම් වීඩියෝ එකේ නෑ. ඒ වගේම ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ ඉන්න චරිත් මේ වැඩේ ඇතුළේ නෑ. ඔක්කොම අංකුර ශිල්පීන්. ඒ වගේ තත්ත්වයක් තුළ මේ නිර්මාණය Trending ආපු එක තරමක් විශේෂත්වයක්.

නාද Youtube Channel එක ගැනත් පොඩි සටහනක් තියන්න ඕනෑ. ලංකාවේ Youtube ඇතුළේ Music කියන Category එකට වැටෙන නාද Channel එක නැගී එන චැනල් එකක්. වසරක් වගේ කාලයක් අතුළත Subscribe ලා ලක්ෂ තුනක් විතර එකතු කරගන්න මේ නාද සමත්වෙලා තියනවා. ඒක සාමාන්‍යයෙන් ලංකාවේ Youtube ඇතුළේ ලොකු ජයග්‍රහණයක්. ඒ වගේම මේ අය Music Video Production පැත්තත් නියෝජනය කරනවා. නාද මෑතක කරපු වීඩියෝ අතනින් හොඳම කතා සංකල්ප විදිහට මේ වීඩියෝ එක අපිට නම් කරන්න පුළුවන්.

ඒ නිසාම මේ කතාව ගොඩනැගීම එය පෙළගැස්වීම අපේ අගය කිරීමට ලක්වෙනවා. ඊට අමතර ප්‍රධන රංගන ශිල්පියාගේ ප්‍රකාශනයනුත් ප්‍රසශ්ථ මට්ටමක තියෙනවා කියලා කියන්න අපිට පුළුවන්. ඊට අමතරව Location, Art Directing වගේ දේවල්වල කියන වරදක් නෑ. ඒත් කතාව තවදුරටත් මතු කරගැනීම වෙනුවෙන් නිර්මාණාත්මක කැමරා කෝණ භාවිත ගැන සැලකිලිමත් වෙන්න තිබුණා කියලා තමයි අපි හිතන්නේ. මොකද සාම්ප්‍රදායික කැමරා කෝණවලින් නැත්නම්, Basic වලින් මිදිලා ඒවා ඇසුරෙන් අලුත් අත්හදාබැලීම් සිදුකිරීම ගොඩක් වැදගත්. ඒ වගේ හැම චරිතයක් වෙනුවෙන්ම උචිත මුහුණක් භාවිත කරන්න උත්සහා කිරීමත් බොහොම වැදගත් කාරණාවක්.

ගීතය සහ ගායකයා ගැන කතාකළොත් මෑතකාලීන කැපී පෙනෙන ලෙස මතුවෙන චරිතයක් විදිහට අපට ඔහුව හඳුන්වන්න පුළුවන්. එෂාන් කරපු නිර්මාණ කිහිපයක් පහුගිය කාලේ සාර්ථකව ජනගත වුණා. ඔහු තමන්ටම කියලා රටාවක් අනුගමනය කරන්න උත්සාහ කරන බව පේන්න තියෙනවා. මේ ගීතයේ පද මාලාවත් ඔහුගේ. අපේ විශ්වාසය Youtube ඇතුළේ යම් කම්පනයක් කරන්න නිර්ණායකයක් තුළින් එශාන්ට ලොකු පිම්මක් පනින්න පුළුවන් ඉස්සහට. ඒ සඳහා රහසේ ආදරේ කරන්නම් වීඩියෝ එක හොඳ ආරම්භයක්. අවසාන වශයෙන් ඉඳුවා ගැනත් එක දෙයක් කියන්න ඕනෑ ඉතා ආසන්න කාලයකදී ලංකාවේ ප්‍රමුඛයන් කිහිපදෙනා අතරට එකතුවෙන්න ඔහුට බැරිකමක් නෑ. මොකක්ද පෙරමග ලකුණු පේනවා.

 

► Text - Nisal   /  Pic – Internet